27
Fri, Apr

ජනතාවගේ කර මතින් පාර්ලිමේන්තුවට එම මන්ත්‍රීවරුන් පොලීසියේ කර පිටින් පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීම සුවිශේෂී තත්වයකි.

දින සති මාස ගෙවී යමින් ඇත. කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට පත්ව වරද කරු වී සිර ගත කළ කාල සීමාවේ අවසානය කරා ලඟා වෙමින් තිබෙන මොහොතක, ඔහු පිළිබඳ කතා බහක් ඇති වීම ඉතා වැදගත් කොට සැළකිය හැකි ය. ඒ ඔහු සම්බන්ධයෙන් පමණක් නොව රටේම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයක් යැයි පැවසුව ද, එම සංවාදය ඔහු සම්බන්ධයෙන්ම යැයි පැවසීමට  පුළුවන. මන්ද කුමාරගේ ප්‍රශ්නය නො තිබුණේ නම්, ලංකාවේ හෝ නව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ගැටලුව සාකච්ඡාවට ගැනෙන්නේ කෙසේ ද යන්න එම සාකච්ඡාව තුල මතු වීම වියුක්ත නිසාය. කෙසේ වුවත් කුමාර සම්බන්ධ ප්‍රශ්නය ප්‍රශ්නයක් සේම, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්බන්ධයෙන් සංවේදී කාරණවක් ය. එහෙත් එය මේ මොහොතේ වමට හෝ ජනතාවට එතරම් වැදගත් කාරණයක් දැයි පෙනෙන්නට නැත.

වීසා ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වරද කරු වුවත් පුරවැසිබව පිළිබඳ ප්‍රශ්නයේ දී ඔහු අයිති කුමන රාජ්‍යයට ද යන්න යන ප්‍රශ්නය කුමාරගේ පුද්ගලික ප්‍රශ්නයකින් ඔබ්බට ගමන් කරනුයේ එහි ඇති දේශපාලනික වැදගත් කමක් නිසා ය. ලංකාවේ ඉපදුන පුරවැසියෙකු ලෙස ලංකාව ඔහුට අයිතිවීම පිළිබඳ නීතිය පැත්තෙන් කෙසේ වෙතත් මනුස්සයෙකු ලෙස ඔහුට අයිතියක් ඇත. පුරවැසිබව පිළිබඳ කාරණය ලංකාව තුල, ලංකාවේම ඉපදුන පුද්ගලයෙකුට ප්‍රශ්නයක් වන විට, ලෝකය තුල නව සංවාද ඇති ව ඇත්තේ මිනිසාට ගෝලීය පුරවැසිබව(Global Citizenship) තිබිය යුතුය යන්න ය. එවැනි ඉදිරිගාමී යෝජනා වෙනත් සමාජයන් තුල මතු වෙද්දී, මෙවැනි ගැටලුවක් රාජ්‍ය පැත්තෙන් කුමන කාරණා මත වුව ද විසඳා ගත හැකි වුවත්, එය එසේ නො වන්නේ මන්දැයි යන්න රාජ්‍යයේ ඇති ගැටලුවක් නිසා වාමාංශික අර්ථයෙන් ඒ පිළිබඳ පුදුම විය යුතු නැති අතර රාජ්‍යයට කරන බලපෑම හා පීඩනයේ යථාර්ථය යම් පමණකට හෝ වටහා ගත හැකි වෙතොත්, ප්‍රශ්නයේ කේන්ද්‍රීය වැදගත්කම ඉතිරි වන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයටම ය.

මේ නිසා කුමාර ලංකාවේ ජීවත් වනවාද, ඕස්ට්‍රේලියාවේ ජීවත් වනවාද නැතිනම් මේ දෙකෙහිම හෝ වෙනත් රටක් ජීවත් වනවාද යන ප්‍රශ්නය ඇත්තේ ඔහුට හා එම පක්ෂයට ය. බොහෝ දෙනෙකු විසින් මතු කරන කාරණාවල කියැවෙන අදහසට අනුව ආණුඩුව මේ සඳහා මැදිහත් විය යතු අතර එහි වගකීම ඇත්තේ ඔවුනට යන්න ගැන නැවත කිව යුතු නැතැත්, එහි ඇති වැදගත් කමක් නැත යන්න මගේ වැටහීමය. යම් හෙයකින් කුමාරගේ ප්‍රශ්නයට අවසානයේ දී ආණ්ඩුව මැදිහත්ව පිටුවහල් කිරීම නතර කරනු ලැබුවහොත් ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නය විසඳීම කෙසේ වුව, කුමාරගේ ප්‍රශ්නය විසඳීම වමට හෝ පෙසපෙයට කෙසේ බල පානු ඇත් ද එසේම කුමාර පිටුවහල් කරනු ලැබුවහොත් මෙම සටනට කුමක් විය හැකි ද

මෙම කාරණා දෙක කුමනාකාරයකින් විසඳුන ද ප්‍රශ්නය ඇත්තේ පෙරටුගාමී පක්ෂය වෙත ය. එම නිසා මෙහි ඇති ද්විඝඨනය පිළිබඳ නිසි අභ්‍යන්තරික සත්‍ය දන්නේ එම පක්ෂය ය. මෙම කාරණා දෙක සඳහාම ඔවුනට විසඳුම් තිබිය හැකි හා තිබිය යුතුය. එසේම අවස්ථාවට අනුව ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම වැදගත් වනු ඇතත්, එය ඔවුනට දේශපාලනික හා සමාජීය අර්ථයෙන් පොදු කර ගැනීමට හැකියාවක් ඇතැයි සිතීම අඥ්ඥාණ සහගතය. මන්ද මෙම ප්‍රශ්නය ඇත්තේ අනෙකුත් බොහෝ දෑ වලට ව්‍යතිරේකයක් ලෙස ය.

සිදු විය හැකි හා සිදුවිය යුතු දේ පිළිබඳ අවබෝධයක් මේ මොහොත වන විටත් කුමාරට හා එම පක්ෂයට නො තිබෙන්නට පුළුවන් යැයි සිතිය නො හැකි වුවත්, කුමාරගේ දේශපාලික භූමිකාව සම්බන්ධයෙන් සිහිපත් වන්නේ ” මඟ හිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී” යන පිරුළය. එම නිසා මෙම ද්විඝඨනය තුල කිසිවෙකුට අනතුරක් සිදු නො වීමට ඇති විකල්පය කුමක් දනැවත ඕස්ට්‍රේලියාවට යන්නට සිදු වන්නේ නම් යන උපකල්පනය මත කුමාරටත් එම පක්ෂයටත් පොදුවේ වමටත් නැවත සිතන්නට පුළුවන් අවකාශයක් නිර්මාණය කර ගත යුතු වුවත් පැරණි ලෙසම කටයුතු කරන්නේ නම්, කුමාරගේ දේශපාලනික භූමිකාව පවතිනු ඇතත් එය නොපවතිනු ඇත.

ලංකාව තුල රැඳීමට හා දේශපාන කටයුතු කිරීමට අවකාශය ඇති කළ හොත්, ඇතිවන අභියෝගය වන්නේ මෙතෙක් නො කළ හා කළ යුතු වන වැදගත් කාර්යය කුමක් ද යන්න ය. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගොඩ නැගූ පක්ෂය දෙස හැරී බැලීමේ දී කැපී පෙනෙන කාරණය වන්නේ හැකියාවන් හා බහුවිධ විභවයන් පෙන්නුම් කළ පිරිස් පක්ෂයට අහිමිවීමය. බලාපොරොත්තු තැබිය හැකි විකල්ප කොටසක් ලෙස ආරම්භ කරන ලද ගමන ක්‍රමයෙන් ක්ෂය වන පසුබිමක් නිර්මාණය වීමට හේතු වූයේ කුමක් ද. එය පුද්ගල ප්‍රශ්නයක් ද, දෘෂ්ටිවාදයේ ගැටලුවක් ද නැතිනම් ව්‍යුහයේ ගැටලුවක් ද නැතිනම් වෙනත් යමක් දැයි සොයා ගත යුතු ය.

මෑතක දී පදනම් ආයතනයේ දී කුමාර පිළිබඳ කතා කිරීමට පැමිණි කථිකයන් හා ඔවුන්ගේ ආස්ථානයක් කෙසේ වුව ද එම අවස්ථාව විසින් පොදුවේ සන්න්වේදනය කළ සංඥාර්ථය වැදගත් වන්නේ දේශපාලනයේ දී අදහස් හා පුද්ගල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ඇති කරගෙන ඇති පසමිතුරු  ප්‍රජාතාන්ත්‍රීය ලක්ෂණ නිසාය.

මෙම අවස්ථාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය එම අවස්ථාව තෝරා ගැනීම සම්බන්ධයෙන් සිය පක්ෂයට මෙන්ම සිය පාක්ෂකයන්ට නිසි හැඟීමක් හා අවබෝධයක් තිබෙන්නේ නම් එය සැමට යහපතක් වනු ඇත. විශේෂයෙන්ම ෆේස්බුක් සමාජ ජාලය තුල ඇති වන වාද විවාධ හා ගහ මරා ගැනීම තුල පුද්ගලයෙකු ද්‍රෝහීන් කර මොහොතකින් ප්‍රගතිශීන් කිරීමට ගතවන්නේ පක්ෂයේ නායකක්වය විසින් නිකුත් කරන ප්‍රකාශයට ගතවන කාලය ය. නිදසුන් කිහිපයකින් පෙන්නුම් කරන්නේ නම්, අංක එක ලෙස නිර්මාල් රංජිත් ගත හැකි ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා ඒ සම්බන්ධ මාධ්‍යයට නිර්මාල් යනු වරෙක කබරයෙකි. වරෙක තල ගොයෙකි. නමුත් අවසානයේ කියැවෙන්නේ ගැටළුව ඇත්තේ නිර්මාල්ගේ ද නැතිනම් අනිත් අයගේ ද යන්න ය. එය තවත් අතුලට ගොස් බැලූ විට පක්ෂයේ ප්‍රධාන පුද්ගලයන්ගේ ගැටලුවක් නොව පාක්ෂිකයාගේ ගැටලුවක් ය යැයි කියන්නට ද පුළුවන. එහෙත් එයින් ද  කියැවෙන්නේ පාක්ෂිකයා යන්න සෙසු පක්ෂ මෙන්ම සමානකම් ඇති අය ලෙසය. තමන් ප්‍රකාශ කරන දේ හා නියෝජනය කිරීම සම්බන්ධයෙන් වගකීමක් නැති අතර දේශපාලනික පක්ෂයක් ලෙස ඒ පිළිබඳ නිරීක්ෂණ හා පරීක්ෂණ ද නැත. මෙම තත්ත්වය මැනවින් පෙන්නුම් කරන හොඳම කැඩපත වන්නේ මුහුණු පොතය.  දෙවැනි නිදසුන වන්නේ වෙනස් අදහස් දරමින් වමට හා පෙසපේට ද හිතවත් කම් දක්වන්නන් හට කොටි ලේබලය අලවමින් ඉතා බරපතල වර්ගවාදයක් නිර්මාණය කරන සංවාද කුමාර නිදහස් කර ගැනීමේ අරගලයේ බිත්තිය මතම ඇලවෙන හේතුවෙනි. මෙය ඉතාමත් දෘෂ්ටිවාදය පිළිබඳ බරලතල කාරණයක් ද නැතිනම් ඔවුන්ගේ සැබෑව ද යන්න වාමාංශිකයින් සිතිය යුතු අතරම එය පිටු දැකිය යුතු වන්නේය‍. අතීතය දෙස ඉතා ඥාණාන්විතව වාමාංශික මනුෂ්‍යයින් ලෙස බැලීම වෙනුවට ගෝඨාභයගේ කණ්ණාඩියෙන්ම බැලීම ජවිපයවත් නොකරන දෙයකි. මන්ද පැවැති යුද්ධයත්, වාර්ගික ප්‍රශ්නයක්, දෙමළ ජනයාගේ ප්‍රශ්නයත් සමාජවාදය යන වචනය තුල ඔතා වර්ගවාදයම ප්‍රකට කරන නිසා ය. අනෙක් අතට එල්ටීටීඊය දෙස  රාජ්‍ය හා ජාතිවාදී දෘෂ්ටි කොණයෙන්ම හැර වෙනස් හා ඓතිහාසික දේශපාලනික අරගලයේ පිඩිත පාර්ශවයෙන් ගෙන විග්‍රහ කිරීමට තරම් දේශපාලනික අවබෝධයක් ඔවුන්ගේ අධ්‍යාපනය තුල සිදු වන්නේ ද. හිස්ගෙඩි වලින්   ජවිපෙන් වෙන් වුවත් සිතිවිල්ලෙන් වෙන් නොවීම ඉදිරියේ දී, ගෙදර ගියත් මග හිටියත් කුමාරටත් පක්ෂයටත් විසඳා ගත යුතු ගැටලු අතර එක් ගැටලුවක් වනු ඇත.

මෙම ලිපිය බහු ජනයාට නොව අදාල අයට වන බැවින් බෝහෝ දේ වැටහෙනු ඇත‍.

උදය ආර්. තෙන්නකෝන්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මේදිනවල ඉන්නේ ඉතාලියේ . ඔහු ඉතාලියට පැමිණ තිබෙන්නේ පෙසප දේශපාලන කටයුතු පුළුල් කිරීම සදහා වන අතර  ඉතාලියේ  වාමාංශික පක්ෂ නියෝජිතයන්,  වෘර්තීය සමිති  නායකයින් සහා නියෝජිතයන් ද හමු වෙමින් සබදතා ශක්තිමත් කර ගනිමින් ,පැවති සබඳතා පුළුල් කිරීමට කටයුතු කරමින් සිටියි .මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ පෙසපේ ඉතාලී සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සහ පක්ෂ සාමාජිකයාගේ දේශපාලන දැනුම පුළුල් කිරීම බව දුමින්ද අප සමග පැවසීය.

වෙරෝනා හිදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය

ver10

duminda verona

ඊට අමතරව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙමින් ඔවුන් සමඟ රටේ දේශපාලන තත්වය පිළිබඳව සච්ච කිරීම මෙන්ම හිතවත් මට්ටමින් ජන හමු පවත්වමින්  ජනතාව දේශපාලනිකව දැනුවත් කිරීම දුමින්දගේ ප්‍රධානත්වයෙන් සිදු වෙමින් තිබෙනවා .

නාපෝලියේ හිතවතුන් සමඟ දේශපාලන කතා බහක

NA GA1

NA GA2

දුමින්ද සහෝදරයා නාපෝලි cobas සහ වෙනත්  සංවිධාන නියෝජිතයන් හමුවෙමින් දේශපාලන තත්වයන් පිලිබඳ අදහස් බෙදා ගනිමින්

NA4

NA3

NA

 සැප්තැම්බර් 2 වනදා වෙරෝනා හිදී ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ යට මෙන්ම සැප්තැම්බර් 9 වනදා රෝමයේ  පැවති "අටවන උගුල් මත නැටවෙන රූකඩ" ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය අමතනු ලැබුවා .

සැප්තැම්බර් 9 වනදා රෝමයේ  පැවති "අටවන උගුල් මත නැටවෙන රූකඩ" ප්‍රසිද්ධ සම්මන්ත්‍රණය

R1

R2

දුමින්ද සහෝදරයා රෝමයේ cobas සහ වෙනත්  සංවිධාන නියෝජිතයන් හමුවෙමින්

RO1

 roma

ඔක්තෝබර් 2,3,4, දිනවල  සුවිට්සර්ලන්ඩ් බලා  ගිය දුමින්ද එරටදී පෙසප සංවිධාන කටයුතු වලට මැදිහත් වූ අතර සුවිට්සර්ලන්තයේ වාමාංශික පක්ෂ නියෝජිතයන් සහ වෘර්තීය සමිති නියෝජිතයන් සමඟ රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳව සාකච්ඡා කර තිබේනවා  .

ss

දුමින්ද නාගමුව  සුවිට්සර්ලන්තයේදී තුර්කියේ මාක්ස් ලෙනින් වාදී පක්ෂයේ ඔස්කුට් ඔසාකාන්  සහා පලස්තීන දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපරයේ තෝමස්  සමඟ සාකච්චාවකද නිරතවිය .

ss

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඉතාලියේ ‘රාදීයෝ ඔන්ද දුර්තෝ’ ගුවන් විදුලය සමඟ  ලංකාවේ දේශපාලන තත්වය පිළිබද සාකච්ඡාවකට සහභාගි විය.

umbarto

bs cgil
 
වෙළඳ දැන්වීම් හෝ ධනපති ප‍්‍රාග්ධනයට යටත් නොවී ස්වෙච්ඡා ශ‍්‍රමයෙන් හා සුලූ දීමනා සහිතව පූර්ණකාලිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘ඔන්ද දුර්තෝ’ සේවාවේ ගුවන් විදුලි කටයුතු ගැනත් පක්ෂයේ දේශපාලන කටයුතු පිළිබඳවත් එහි ප‍්‍රධානී උම්බෙර්තෝ ගොෆ්ෆි සමග දුමින්ද නාගමුව සාකච්ඡා පවත්වන ලදී. ඉන් අනතුරුව ‘ඔන්ද දුර්තෝ’ ගුවන්විදුලිය විසින් ඔහු සමග සම්මුඛ සාකච්ඡාවක් සිදුකර විකාශනය කරන ලදී.

radio du arte1

එම සාකච්ඡාවට මෙතනින් සවන් දිය හැකිය.

audio 

පක්ෂ සාමාජිකයාගේ දේශපාලන දැනුම පුළුල් කිරීමට එක්දින  අධ්‍යාපන කඳවුරක් පවත්වමින්

AD1

AD2

සැප්තැම්බර් 2 වනදා පැවතී වත්මන් අධ්‍යාපන තත්වය පිළිබඳව සාකච්චා කෙරෙන වෙරෝන ප්‍රගති පාසල් දරුදැරියන්ගේ දෙමවුපිය ගුරුවර හමුව

vs1

vs2

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දෙවන ජාතික මහා සමුළුව 2017 පෙබරවාරි මස 01 වැනිදා උදෑසන 10.00 සිට කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී  පැවැත්වේ. මෙවර සමුළුවේ තේමාව වන්නේ 'අධිරාජ්‍යවාදී නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, පන්තියට පක්ෂයක්!' යන්නයි. එහි පෙරවරු සැසිය සාමාජික සාමාජිකාවන් සඳහා වන අතර විවෘත සැසිය සවස 2.00ට ආරම්භ වේ. එහිදී වත්මන් දේශපාලන තත්වය පිලිබඳ දේශපාලන වාර්තාවක්ද, ඒ හා සම්බන්ධව දේශපාලන වැඩපිළිවෙලක් සඳහා සමුළු යෝජනා මාලාවක්ද සම්මත කර ගැනීමට නියමිතය. එමෙන්ම ඉදිරි කාලය තුළ පක්ෂයට නායකත්වය ලබා දීම සඳහා මධ්‍යම කාරක සභාවක් පත්කර  ගැනීමද සම්මේලනයේ ප්‍රධාන කාර්යයකි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය තුළ සිදු කෙරුණු දේශපාලන සංවාදයකින් අනතුරුව එළඹුණු ස්ථාවරයන් පිලිබඳ කෘති තුනක් එදින එලි දැක්වීමට නියමිතය. ඒ පහත නම් සඳහන් කෘතීන් වේ.

1. දර්ශනය හා දේශපාලනය - නිර්ධන පන්ති ව්‍යාපාරයේ ස්ථාවරය පිලිබඳ විමසා බැලීමක්
2. පක්ෂය හා විප්ලවීය බහුජන ව්‍යාපාරය - පදනම් මූලධර්ම පිලිබඳ විමසුමක්                            
3. ලංකාවේ ජාතික ගැටලුව විසඳීම පිලිබඳ මාක්ස්වාදී ස්ථාවරය සඳහා ප්‍රවේශයක් 

එදින වැඩසටහන සඳහා සංස්කෘතික සංදර්ශනයක්ද ඇතුලත් වන අතර ලංකාවේ සහ ලෝකයේ අනෙකුත් රටවල වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් රාශියක් සුබ පැතුම් ඉදිරිපත් කිරීමට නියමිතය. එක්සත් සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය, වමේ හඬ සංවිධානය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, විප්ලවවාදී සමාජවාදී කේන්ද්‍රය, ප්‍රක්සිස්‌ සාමූහිකය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යන ලංකාවේ වාමාංශික පක්ෂ සහ කණ්ඩායම් වලට ආරාධනා කර තිබෙන අතර ජර්මන් මාක්ස් ලෙනින්වාදී පක්ෂය, කම්කරු ජාත්‍යන්තරයක් සඳහා කමිටුව, පස්වන ජාත්‍යන්තරයක් සඳහා වූ ජාත්‍යන්තර ලීගය,ඉන්දියානු මාක්ස් ලෙනින්වාදී පක්ෂය, ඉතාලියේ කෝබාස් ආයතනය  ඇතුළු විදෙස් පක්ෂ ගණනාවක නියෝජිතයන්ද, ලංකාවේ කියුබානු තානාපතිනියද සමුළුවට සුබ පැතුම් එක් කිරීමට නියමිතය.

කහටගහ පතල  ඕස්ටේ‍්‍රලියානු සමාගමකට විකුණා දැමීමට එරෙහිව එහි සේවකයන් වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇත. දින කිහිපයක සිට වැඩවර්ජනයක නිරත වූ ඔවුන් ආණ්ඩුවෙන් යහපත් පිළිතුරක් නොලැබුණු බැවින් ඊයේ (25* උදේ සිට පොළොව මට්ටමෙන් අඩි 1032ක් ගැඹුරු පතුලේ සිට අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. ඊට කම්කරුවෝ 105 දෙනකු සහභාගි වී සිටිති. මෙම අඛණ්ඩ උපවාසය හමුවේද බලධාරීන් නෑසූ කන් ඇතිව සිටින්නේ නම් මාරාන්ති උපවාසයක් කරා ගමන් කිරීමට සිදු වන බවට ඔවුහු අනතුරු අඟවති. එය ඉතා බරපතළ තත්වයකි. කහටගහ පතලේ සේවකයන් ආරම්භ කර තිබෙන අරගලයට පූර්ණ සහාය පළ කරන කම්කරු අරගල මධ්‍යස්ථානය ඔවුන් ඉල්ලා සිටින පරිදි කහටගහ පතල විකිණීමේ වැඩපිළිවෙළ හකුළා ගන්නා ලෙස ආණ්ඩුවට බල කර සිටියි. කම්කරුවන් තමන්ගේ ජීවිත පවා අවදානමේ හෙළමින් සිදු කරන අරගලය හමුවේ මුණිවත රකිමින් තවදුරටත් සිය ද්‍රෝහී ප‍්‍රතිපත්තියේම එල්බගෙන සිටීම සම්බන්ධයෙන් කම්කරු අරගල මධ්‍යස්ථානය රජය වෙත සිය විරෝධය සහ අප‍්‍රසාදය පළ කර සිටියි.

කහකටගහ පතලේ කම්කරුවන් ප‍්‍රකාශ කරන්නේ පතල පෞද්ගලිකකරණය කළහොත් විශාල පිරිසකට රැුකියා අහිමි වන බවත් ඉතිරි වන කම්කරුවන්ට ඉතාම අසතුටුදායක තත්වයන් යටතේ වහළුන් සේ වැඩ කිරීමට සිදු වන බවත්ය. විකුණා දමන ලද බෝගල පතලේ වත්මන් තත්වය කහටගහ පතලේ කම්කරුවන් ඉදිරිපත් කරන තර්කය සනාථ කරන සාක්ෂියකි.

ආණ්ඩුව කහටගහ පතල විකුණා දැමීමට හේතුව ලෙස ප‍්‍රකාශ කර තිබෙන්නේ එය පාඩු ලබන ආයතනයක් බවයි. එහෙත් එය පිළිගත හැක්කක් නොවේ. ලෝකයේ මිනිරන්වලට විශාල ඉල්ලූමක් පවතින අතර සේවකයන් පවසන අන්දමට කහටගහ පතල පසුගිය අවුරුද්දේ රුපියල් මිලියන 10ක ලාභයක් ලබා තිබේ. පතල පාඩු ලබන්නේ නම් ඊට හේතුව ආණ්ඩුව ඊට නිසි මැදිහත්වීමක් නොකර පාඩු ලැබීමට සලස්වා තිබීමයි. එහෙත් ආණ්ඩුවේ පිළිවෙත වී තිබෙන්නේ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස්වලට අනුවත් තමන් විසින් ක‍්‍රියාත්මක කරනු ලබමින් සිටින නවලිබරල් ආර්ථික ප‍්‍රතිපත්තියේ අවශ්‍යතාවට අනුවත් සියලූ රාජ්‍යය ව්‍යවසායන් පෞද්ගලික අංශයට විකුණා දැමීමයි. ආණ්ඩුව විකිණීමට අවශ්‍ය රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් අනුගමනය කරමින් සිටින්නේ ‘කොහොම වුණත් මං තෝ කනවා’ යැයි කියූ නරියාගේ ප‍්‍රතිපත්තියයි. මෙම ප‍්‍රතිපත්තියේ අවසන් ප‍්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර ප‍්‍රාග්ධන හිමියන් වෙත තව තවත් ලාභ ගොඩගැසීමත් කම්කරු පවුල් තව තවත් දුක්ඛිත තත්වයට ඇද වැටීමත්ය. පෞද්ගලිකකරණයේ නාමයෙන් ඉතිහාසය පුරා සිදු කර ඇත්තේ එයයි.

මෙම අරගලය කහටගහ පතලේ කම්කරුවන්ට පමණක් අදාළ ප‍්‍රශ්නයක් නොවේ. සෙසු සියලූම රාජ්‍ය ව්‍යවසායන්ද පෞද්ගලිකකරණය කිරීමේ තර්ජනයට මුහුණ පා තිබේ. එපමණක් නොව මෙම ප‍්‍රතිපත්තිය නිසා රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව සියලූම වැඩකරන ජනතාවගේ ජීවිත තව තවත් අගාධයට ඇද වැටීමට නියමිතය. වැටුප් කප්පාදු කිරීම, රැුකියා සුරක්ෂිතභාවය නැති කිරීම, සුබසාධන කප්පාදු කිරීම සහ බරපතළ ලෙස සූරාකෑම තීව‍්‍ර කිරීම මෙම ප‍්‍රතිපත්තිය සමඟ බැඳී පවතී. ඒ නිසා සියලූ වෘත්තීය සමිති සහ සියලූම වැඩකරන ජනතාව පෞද්ගලිකකරණ විරෝධී සටන් පාඨය යටතේ කහටගහ පතලේ කම්කරුවන් වෙත සිය සහාය පළ කළ යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

දුමින්ද නාගමුව
සංවිධායක ලේකම්
කම්කරු අරගල මධ්‍යස්ථානය

ධර්මසිරි බෙනඩික්  පළමු කාව්‍ය සංග්‍රහය වන "මයෙ අම්මේ යමු යංඩ"සැප්තැම්බර් 15දා කුලියාපිටියේ මීගහකොටුව  ශිල්ප  ශාලිකාව  හි  දී එළිදැක්වුනා .

කවි පොත එළිදැක්වීමේ  සංවාදයට  පුබුදු ජයගොඩ , විදර්ශන කන්නංගර, රෝහණ  පොතුලියද්ද සහභාගී  වූ  අතර  සංවාදය  මෙහෙයවීම  දිලිප්  කුමාර ලියනගේ  විසින්  සිදු  කරනු  ලැබුවා.
කවිය  වියෝ  වෙලා  කියන  වෙලාවක  කවි පොතක්  එළිදැක්වෙන  වැඩකට    ගොඩක්  මිනිස්සු  කුලියාපිටියේ මීගහකොටුව  ශිල්ප  ශාලිකාව ට එකතුවෙලා  තිබුණ.be5
 
සංවාදයට  සහභාගී  වුනු  දේශකයන්  කවියාගේ  කවි  කතා  නොකිරීම  පිළිබඳවත්  කවිය  පිලිබඳ  දේශපාලන  අදහසක්  කියන  තැනින් ධර්මසිරි බෙනඩික් සියඹලා  ගෙනල්ලම  නැද්ද  කියන  සංවාදය  මේ  කවිපොත  එළිදැක්වීමත්  සංවාදයත්  එක්කම  යම්  කතා  බහක්  බවට  පත්  වුනා .
පුබුදු  බෙනාට  බෙනාගේ  කවියට  විවේචනයක්  ඉදිරිපත්  කරනවා .  ඒත් එක්කම තැනින්  තැන  කවියෝ  පුබුදු  ජයගොඩයි,  විදර්ශන කන්නංගරයි බෙනාට  කිසිම  සාධාරණයක්  කලේ  නැහැ  කියල  හිත  රිද්ද  ගත්තු  කතා  කියනවා . 
 
be4
බෙනාගේ  කටවුට්    පක්ෂෙක  සාමාජිකයෙක්  ඇවිත්  උස්සන්  යනවා  වගේම, දුර  බැහැර  ඉදන්   මිනිස්සු  කවි  පොත  එළියට දාන මොහොතට ආව වගේම , පුබුදු, කන්නංගර සාධාරණයක්  කලේ  නැහැ  කියල  නොයෙක්  වට  වල  කතා  කරන සංවාදේ වගේම , පුබුදු සහ  කන්නංගර ගෙනාපු  දේශපාලන  විවේචනයත්  ඒ  බරින්ම බෙනා  සියඹලා  ගෙනහල්ලත්  තිබේ  යන්නට  සාක්ෂියක්  වෙනවා.
ආදරේ  තිබෙන්නේ  ඇන්දීමේ නෙවයි. යතාර්තේ  එක්ක  හැප්පීම  ඇතුලේ. සමහර  රිදෙන  වෙලාවල්  වලට  කරන්න  දෙයක්  නැහැ . රිදෙනවා.
bena2
බෙනා .. ඉතින්  අලුත්  වටයක්   ගහල පටන්  ගන්නත්   පුළුවන් . නැත්නම්  මිස්  වෙන්නත්  පුළුවන් . අපි  වගේ  මිනිස්සුන්ට  අනුකම්පා  ඕනි  නැහැ . මේ  තමයි  ගොඩක් අයට  තීන්දු ගන්න වෙන  කාලය. 

කුමාර් සහෝදරයා අද දහවල් වන විට නිදහස්ය. පුරවැසිභාවය ලබා දේ දැයි නොදේදෝ තවමත් අපි දන්නේ නැත. බොහෝ විට සිතිය හැක්කේ ආණ්ඩුව කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබා දෙනු ඇත. ඒ වෙනුවෙන් අට්ටාල වල නිදි වැරූ සහෝදර සහෝදරියන්, එළිවෙන ජාමයේ පෝස්ටර් ඇලවූ ගිණි අව්වේ කොළ බෙදූ සහෝදර සහෝදරියන්, පොලීසියෙන් ගුටි කෑ සගයන් අද සතුටු කඳුළු වගුරණු ඇත.

ආදරණිය සහෝදරවරුණි,  තමන්ගේ පුද්ගලික ජීවිතය පසෙක තබා තමාගේ කුටුම්බය රැකගෙන ජීවත් වෙමින් ෆේස් බුකි වල පොර ටෝක්ස්  දෙමින්වි වීප්ලවවාදී ටෝක්ස් දෙනවාට වඩා පොදු අරමුණක් වෙනුවෙන් ජීවිතය දුන් ශ්‍රමය දුන් කාලය දුන් සහෝදර සහෝදරියනි ඒ සතුට භුක්ති විදින්න..

එය ඔබේ ශුද්ද වූ අයිතියක්ය. සහ නැවත නැවත ඒ සටන් සගයන් ගැන ඇත්තේ අභිමානයකි ආදරයකි..

kumarreedit

ඒ සමඟම අප නැවත නැවත කිසි ලෙසක ඉපැරණි වැරදි කර ගත යුතු නැත. ආණ්ඩුව කුමාර්ට මේ මොහොතේ ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩ ලබා දෙනවානම් ඉඩ ලබා දෙන්නේ අප අරගල නිසාම පමණක් නොවේ.


මේ මොහොතේ රාජ්‍ය එතරම් බබා වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිදහස් මත දාරීන් ගේ මත , ආචාර්ය වරුන්ගේ මාධ්‍ය සාකච්චා, ශිෂ්‍යන්ගේ සටන් , මාධ්‍යවේදීන්ගේ ලියවිලි මේ සියල්ල බලපෑම් සහගත් වන්නේ යම් සේද,  ඒ සටන් පාඨ වලට යටත් වීමට තරම් රාජ්‍ය බබා වන්නේ නැත. කුමාර්  ගැන  රාජ්‍ය  නොදන්නවාද  නොවේ.

ධනවාදී රාජ්‍ය ඊට වඩා දහස් වාරයක් උපක්‍රමශීලිය,

ජාත්‍යන්තර ප්‍රශ්න සියල්ල හැසිරෙන්නේ ලංකාවේ ඒජන්තයන්ට අවශ්‍ය ලෙස හැර ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කරන්නන්ගේ උවමානාව මත නොවේ.

 

kumrele2

මේ මොහොත ආණ්ඩුවේ නරුම තීන්දු වලට පින්සිඳු වන්නට ජාතිවාදීන් බස් වලට ගල් ගසන්නට මිනිස්සු කුලප්පු කරනා මොහොතක්ය. උන්ගේ වුවමනාවට ගමේ යු එන් පී කාරයාද. ත්‍රීවිලරයක් එලවන පාරක් එකේ යූ එන් පී තරුණයාද ගලක් රැගෙන පැමිණීමද පුදුමයක් නොවේ . ඒ ආණ්ඩුවේ දේශපාලනය තොරණ මැටි මෝලන්ට පින්සිඳු වන්නටය .

කුරිරැ ජාතිවාදය සහ ආගම්වාදය නැවත හිස ඔසවමින් ඇත. දෙමළාට පහර දෙන්නට තම්බියාට පහර දෙන්නට මේ සියළු මොහොතවල් භාවිතා කරමින් ඇත.

වමයි කියා ගන්නා දැවැන්තයෝ නැවත 2020 බලය ගන්න ගෙඩියම ඉල්ලලා සන්ධාන කාලේ මෙන්ම  ඊට  වෙනස්  මෙවර  ජනාධිපතිවරණ  හැඩයෙන්  අඩුම තරමින්ගෙ ගෙඩියෙන් කාලක්වත් ගැනීමට ව්‍යාපෘතියකට එළබෙන  බව  ආණ්ඩුව නිශ්චිත කර ගැනීමත් කුමාර් සහෝදරයට ලංකාවේ ජීවත් වීමටත්  දේශපාලනය කිරීමටත්  ඉඩ ලබා  දුන්  ප්‍රධාන  හේතුවකි.

ඒ නිසා දැන් සියල්ලෝ කදිමට තමන්ගේ ගේම් ප්ලේ කරන කාලයකි. ඕනිම බලු වැඩක් සිදු  කර  අපේ පක්ෂය හදන  තක්කඩි හෙට දවසේ හෙළි කරනවා වගේම, සමාජවාදය එන තුරු  දෙමළාට මුස්ලිමුනුවාට සිටින්නට  අපටද  කිව  නොහැක.

ඒ නිසා වමේ බොරු සදාචාර වලට පයින් ගසා  රුසියන් ආතල් කඩා  බිඳ  දමා සැබෑ ගේම් සමඟ  ජීවිතෙන්  හැප්පීමට  අපට  සිඳුවනු  ඇත.

අළුත් පරම්පරාවක් වමක්  සොයමින්  සිටී. තවත් පරම්පරාවකට වම අදාලම නැත.  තවත් පරම්පරාවකට වම  යනු  පාර්ලිමේන්තු කතා  වලට  විසිල් ගැසීමය.

ව්‍යාපාරයක් තුල  සංවාදයක්වා  ආ  ගමන් මෙන්න  පක්ෂෙට  කෙලින්න  ඇවිත් කියා  ද්‍රෝහියෝ යනුවෙන්  වෙන්  කොට   පැත්තකට විසි කරන  පැරණි  ආකෘති  අවසන්  කිරීමට  මේ  මොහොතක්  විය හැකිය.

kumrelese6

සරලව  මෙසේ  අපි  කතා  කර  ගනිමු.

ඒ රුසියන් වමේ ආතල් එකය.

අද යු එන් පී මීඩියා එකේ සිටින  එදා පක්ෂේ ෆුල් ටයිම් වැඩ කරපු සහෝදරයා සහොදරී සමඟ   හෙට මේ පොදු සටනේ කතාවක් ඇත.

අද මහින්දගේ පොහොට්ටුව එක්ක කීයක් හරි හොයා ගන්න ප්‍රොජෙක්ට් එකක්  කරන සහෝදරයා සහෝදරී සමඟද   හෙට මේ පොදු සටනේ අපට  කතාවක්  ඇත.

කුමක්  හෝ   ඇඩ්වටයිසින් පාරක් දාගෙන් කීයක් හෝ  සොයා  ගන්නා සහෝදරයා සහෝදරි සමඟ   හෙට මේ පොදු සටනේ අපට කතාවක් ඇත.

කුමක්  හෝ  වෙබ් අඩවියක , පුවත්පතක  වැඩ කරමින්, පක්ෂයේ   පොස්ට් එකකට ලයික් එකක් දාමින් සිටින  සහෝදරයා සහෝදරී සමඟ හෙට  මේ පොදු සටනේ අපට කතාවක් ඇත.


විශේෂයෙන් පක්ෂය  ඇතුලත  දේශපාලන අරගල කරමින් ඉවත් වුණු,  අතිශය දුෂ්කරතා මැද තවමත් ලෝකය  වෙනස් කිරීම වෙනුවෙන් දේශපාලනය කරනු ලබන  සහෝදරයා සහෝදරී සමඟ  හෙට මේ පොදු සටනේ අපට  කතාවක්  ඇත.

ලෝකය   වෙනස් කිරීම වෙනුවෙන් සුබ සිහින දකින ජවිපෙ අවංක සහෝදරයා සහෝදරී සමඟ අපට තවමත්  ඇත්ත කතාවක්  ඉතුරු වී  ඇත.

කුමාර් සහෝදරයා නිදහස්. එන්න.. පිට්ටණිය නැවත නැවත අළුත්.

kumrelese5

අවුරුද්ද පුරාවට එන දින වලට ප්‍රදර්ශණ කරන, අවුරුද්ද පුරාවට ඒ දින වලට අදාලව මාසෙට එක ගානේ කේඩරේට වැඩ ගොඩාක් හැදෙනවට වඩා , මාධ්‍ය සාකාච්චා ගොඩාක් තබනවාට වඩා, සටන් කිරීමට පිට්ටණියක්  නිර්මාණය  වී  ඇත.

ජීවිත වලින් දහස් ගානක් වන්දි ගෙවන්න වන  නරුම පිටියක්  නිර්මාණය  වී  ඇත.

රුසියන් වීරත්වයන් කුඩු කරල, හිර ගෙදරින් එළියට විත්, හිර ගෙදරට වඩා අතිශය  බිහිසුණු බිමක් නිර්මාණය  වී  ඇත.

අහිමිවීම් දහසක් . සහෝදරත්වයන්  දහසක්  මැද  නැවත නැවත නොවරදින්න, නිවැරදි වෙනවානම්  හොඳම මොහොතක්  නිර්මාණය  වී  ඇත.

ලක්ෂ ගාණනක සාමාන්‍ය  මිනිසුන්  ජීවිත වලින් වන්දි ගෙවන හෙට දවසේ මොහොතක් එනවිට , සමාජවාදය එනකම් බලා  සිටින්නැයි ඔවුන්ට  නොකියන   වමක් වෙනුවෙන්, ආටක නාටක, ගේම්, මාධ්‍ය රැඟුම්, නැති වමක් වෙනුවෙන්   ව්‍යාපාරය හැර  ගිය  බොහෝ    සාමාජිකයන් සිහිණ දකිමින් සිටී.

ඔබ වගේම සිරගත කර ඇති දහසක් දේශපාලන සිරකරුවන් වෙනුවෙන්, අප ව්‍යාපෘති වලට එකඟ නැති බොහෝ සිර කරුවන් වෙනුවෙන් සටන් කිරීමට සත්‍යවාදී  ව්‍යාපාරයක් ඉල්ලාසිටිමින්  සිටී.

ඒ වම වෙනුවෙන් මිනිසුන්  එකතුවනු  ඇත. එසේම   එසේ නොවන පළවෙනි මොහොතේ  සිට   රාජ්‍ය ඔබව අත්අඩංගුවට ගන්නේද  නැත..  ගත්තද අප  කාටත්  අදාළ වන්නේද  නැත.

මන්ද   ස්ථිරවම රුසියන් ආතල් අවසන් වී  ඇත.  ෆේල් වී  ඇත. එළියේ විප්ලවවාදී ඇතුලින්  තක්කඩි බොරු රුසියන් වම අවසන් ගමන්  ගොස්  ඇත..  ධනවාදයට  ඔවුන් අභියෝහයක්  ද  නොවේ.

කුමාර්  සහෝදරයා  එන්න. ඔබේ  අත්දැකීම් ගන්න  ව්‍යාපාරය  බලාගෙන  ඉන්නවා. ඒ  ඉතිහාසය  වෙනුවෙන්  නොව  අළුත් හෙට  වෙනුවෙන්. 

final

 

කෝප් කමිටුව බැඳුම්කර වංචාව පිළිබද සකස් කළ වාර්තාව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලෙස බෙදීමක් මතුව ඇති බැවින්, කරුණු විමර්ශනය සදහා විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන ලෙස දුෂණ විරෝධී පෙරමුණ අද ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කළේය.

කෝප් කමිටුව විසින් එකිනෙකට පරස්පර නිර්දේශ සහිත වාර්තා දෙකක් හෝ එකම වාර්තාවක් දෙ ආකාර නිර්දේශ සහිතව ඉදිරිපත් කිරීමට සුදානම් කරමින් සිටී.  කෝප් කමිටුව රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් විමර්ශන කිරීමේ විධිමත් ආයතනගත යාන්ත්‍රණය යි. බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන විමර්ශන සම්බන්ධයෙන් මේ වන විට කෝප් කමිටුව දේශපාලන පක්ෂ ලෙස බෙදී සිටී.  බැඳුම්කර වංචාව වත්මන් යහපාලන රජය යටතේ සිදුව ඇති දැවැන්තම වංචාව වනවා පමණක් නොව එය මෙරට මිලියන 6 කට වැඩි පිරිසක ගේ සමාජ ආරක්ෂණ ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල් හා සෘජුව බැදී තිබේ. 

දුෂිත ආයතනය වෙනුවට විගණකාධිපති ප්‍රශ්න කිරීම
යම් රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් කෝප් කමිටුව වෙත ලබා දෙන නිරීක්ෂණ හා නිර්දේශවලට අදාළ රාජ්‍ය ආයතන විසින් ප්‍රතිචාර දැක්වීම පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ ව්‍යහාරික ක්‍රමවේදය යි.  කෝප් කමිටුව විසින් ඊයේ දිනය පුරා සිදු කොට ඇත්තේ අදාළ වාර්තාව සකස් කළ විගණකාධිපතිවරයා පක්ෂ දේශපාලන ප්‍රවේශයක සිට ප්‍රශ්න කිරීමය.  වත්මන් රජයේ යටතේ සිදු වූ දැවැන්තම මුල්‍ය වංචාව වසා ගැනීමට දැවැන්ත උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක ය.  

‘‘මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ දෙය මෙය නොවේ.  එජාප හිතවතුන් කිහිප දෙනෙකු හැර අන් සියලුදෙනා 2015 හා 2016 බැදුම්කර නිකුතුවේ දැවැන්ත වංචාවක් සිදුව ඇති බව පිළිගනී.  සිදුවූ අක්‍රමිකතාවට හිටපු මහබැංකු අධිපතිවරයා සහ ශ්‍රී ලංකා මුල්‍ය මණ්ඩලය වගකිව යුතුය.  අද වන වට කෝප් කමිටුව පක්ෂ වශයෙන් බෙදී තම වගකීම ඉටු කළ නොහැති තත්වයකට පත්ව සිටී.  දැන් අපට ඇති එකම බලාපොරෝතුව ස්වාධීන ජනාධිපති කොමිෂන් සභාවක් මගින් විමර්ශන කටයුතු සිදු කිරීම‘‘ බව දුෂණ විරෝධී පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

2015 කෝප් කමිටුවේ අතුරු වාර්තාව විවාදයට ගැනීමට පෙර පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට සිදු විය.  සෘජු මිලදී ගැනීම් වෙනුවට සේවක අර්ථසාධක අරමුදල් යොදාගනිමින් තැරැව්කරුවන් හරහා සිදු කළ මිලදී ගැනීම් මගින් මෙරට මිලියන 6 ක් වන කම්කරු ප්‍රජාවගේ මුදල් අයථා පරිහරණයක් සිදුව තිබේ.  මේ වන විට හෙළිදරව් වී ඇති මහ බැංකුව විසින්ම සකස් කරන ලද වාර්තාවක ද, සේවක අර්ථසාධක අරමුදලට සිදු වී ඇති පාඩුව පිළිබද සදහන් ය.  කෙටි කාලීනව පමණක් නොව දිගු කාලීනව ද මෙරට පෞද්ගලික අංශයේ සේවකයින්ට මෙමගින් ඇති විය හැකි බලපෑම විශාලය.

ශ්‍රී ලාංකිකයින්ගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටන දුෂණ විරෝධී පෙරමුණ, මෙරට මිලියන 6 ක කම්කරු ප්‍රජාවගේ සමාජ ආරක්ෂන අරමුදල් ආරක්ෂා කිරීම සදහා සදහා භාණ්ඩාගාර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරන මෙන් දුෂණ විරෝධී පෙරමුණ ජනාධිපතිවරයාගෙන් විවෘත ඉල්ලීමක් කරයි.

ජාතික පිරිවෙන් දිනය 2016,07,27 වේලාව උදෑසන නවයයි මහනුවර ගැටඹේ ක්‍රිඩාංගනයේ දීග උත්සවාකාරයෙන් සැමරීමට සියලූ කටයුතු සූදානමින් පවතී.