ජනතාවා මත බදු බර පැටවීම සම්මතයි – IMF දෙවන වාරිකය වෙනුවෙන් සියල්ල සූදානම්

භාණ්ඩ අනූ හතකට ලබන ජනවාරියේ සිට සියයට දහඅටක වැට් බදු අය කිරීම සඳහා ප්‍රතිපාදන ඇතුළත් එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට්) පාර්ලිමේන්තුවේදී අද (11) පස්වරුවේ වැඩි ඡන්ද 45 කින් සංශෝධන සහිතව සම්මතවිය.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 55ක් පමණි.

මෙම වැට් විවාදයේදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ වැට් බදු සංශෝධනයෙන් කෝටි 37800 ක ආදායමක් බලාපොරොත්තු වන බවයි.

ඊයේ දිනයේ වැට් බද්ද සංශෝධනය වීමත් සමඟ ජාත්‍යන්තර අරමුදල විසින් ලංකාවට ලබාදීමට නියමිත දෙවන වාරිකය පිළිබඳ තීරණය අද ලබාදීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුවමෙය යම්කිසි ආකාරයකට ජනතාවට බර පැටවීම පෙන්වා දෙවන වාරිකය ලබාගැනීමේ අරමුණෙහි කොටසකි. එසේම ජාත්‍යන්තර අරමුදලේ යෝජනා අනුව ජනතාවට බර පැටවීම සිදුවන අනුව මේ අනුව පැහැදිලි වේ.

වැට් බද්ද හසුවන භාණ්ඩ

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය.

මෙතෙක් පැවති සියයට 15 වැට් බද්ද ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට සියයට 18 දක්වා වැඩි වෙනු ඇති.

දේශීයව නිෂ්පාදනය කරනු ලබන පොල් කිරි, පොල්තෙල්,දියර කිරි, එල්.පී ගෑස්,පෙට්‍රල්,ඩීසල්,රසායනික පොහොර,සියලුම ජංගම දුරකථන,වෛද්‍ය තාක්ෂණික උපකරණ,ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර,ගිලන් රථ ආනයනයේදී,කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ,සූර්ය පැනල,දේශීයව නිෂ්පාදනය කරනු ලබන සීනි,ස්වර්ණාභරණ,පාම් ඔයිල්,බිත්තර,තේ ඇතුළුව භාණ්ඩ හා සේවා 97කට ඒ අනුව ලබන වසරේ ජනවාරි පළමු වැනිදා සිට වැට් බද්ද පනවනු ලබයි.

තිරිඟු පිටි,ළදරු කිරිපිටි,තිරිඟු,සහල්, සහල් පිටි, පාන්,විදුලිය සහ විදුලි බෙදාහැරීම,බොරතෙල්,භූමි තෙල්,ශ්‍රවණාධාර උපකරණ,මූල්‍ය සේවා,අත් යන්ත්‍ර රෙදිපිළි ඇතුළු භාණ්ඩ හා සේවා 41ක් වැට් බද්දෙන් නිදහස්වන සේවා හා භාණ්ඩ අතර වේ.

 

Share post:

Popular

More like this
Related

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...

‘හොඳ’ ඩඩ්ලි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කෙරෙන ‘සිහින ගමනාන්තය’...