මැදපෙරදිග විසූ ලාංකිකයන් 40ක් කොරෝනාවලින් මියගිහින් – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

රැකියා සඳහා විදේශ ගතවූවන් 40දෙනෙකු ලොව විවිධ රටවලදී කොවිඩ් 19 වෛරසය වැළඳී මියගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ ප්‍රකාශ කර තිබේ. මේවනවිට 1800ට අධික පිරිසකට එම වෛරසය වැළඳී ඇතැයි සභාපතිවරයා පවසා තිබේ.

කුවේට් හිදී 7දෙනෙකු, සෞදි අරාබියේ දී 15දෙනෙකු, ඩුබායිහිදී 9 දෙනෙකු ඕමානයේ සහ කටාර් වලදී දෙදෙනා බැගින් සහ ලෙබනනයේ එක් අයෙකු බැගින් මිය ගොස් ඇති බව කමල් රත්වත්තේ පවසයි.

විදේශ ගතවන ශ්‍රී ලාංකිකයන් ආවරණය කිරීමට ඇති රක්ෂණාවරනයෙන් 2020 මාර්තු 16ට පෙර විදේශ ගතවූ අයෙක් මිය ගිය අවස්ථාවකදී රුපියල් පන්ලක්ෂයක රක්ෂණාවරනයක් සහ 2020 මාර්තු 16ට පසු විදේශගතව සිට මියගිය අයට ලක්ෂ හයක රක්ෂණයකුත් හිමිවන බව ඔහු පවසයි.

එම රක්ෂණයෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා මරණ සහතිකය ඇතුළු ලියකියවිලි ඉදිරිපත් කළ යුතු යැයිද එසේ අයදුම්පත් ඉදිරිපත් කර ඇත්තේ මිය ගිය හතළිස් දෙනාගෙන් දස දෙනෙකු පමණක් බවද කමල් රත්වත්තේ පවසා ඇත.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අතර සහන රක්ෂණය පිළිබඳ ගිවිසුම් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සභපතිවරයා මෙම අදහස් පළකරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභපතිවරයා සඳහන් කරන රක්ෂණාවරණය පවත්වාගෙන යන්නේ විදේශගතවන ශ්‍රමිකයාගේ මුදල්වලිනි. විදේශගතවීමට පෙර අදාළ ශ්‍රමිකයා විසින් නිශ්චිත මුදලක් ගෙවා රක්ෂණය ආරම්භ කළ යුතු අතර ඒ සඳහා වසරක් පාසා මුදල් ගෙවිය යුතුය. එසේම එම රක්ෂණය ලබා දෙන්නේ මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් පමණක් නොවේ. යම්කිසි කරදරයක් ලෙඩක් දුකක් ඇතිවූ අවස්ථාවක දී ද රක්ෂණයේ හිමිකරුට එහි ප්‍රතිලාභ ලැබිය යුතුය. එහෙත් මේ මොහොතේ මැද පෙරදිග කලාපයේ විවිධ ලෙඩ රෝගවලට ගොදුරුවූ , කොරෝනා වැළදුණු , නවාතැන් පහසුකම් අහිමි, කෑම බීම පවා අහිමිව ශ්‍රමිකයන් දුක් විඳිමින් සිටියි. ඔවුන්ට ගෙන්වා ගැනීමට හෝ සහන සැලසීමට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැති අතරම ඔවුන්ගේ රක්ෂණාවරණය හරහා හෝ සහන සැලසීමට ආණ්ඩුව සූදානම නැති බව පෙනේ. එසේම මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් සහ විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර නොලැබීම නිසා 100ට අධික ලාංකිකයන් පිරිසක් මියගොස් ඇති බව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එම ශ්‍රමිකයන් නිකුත් කරන දත්ත හරහා පැහැදිලි වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...