කෙහෙළියගෙන් බාල ඖෂධ නිසා ඇස් පෙනීම අහිමි වූ රෝගියෙකු වන්දි ඉල්ලයි

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසුව භාවිතා කරන “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට්” නම් ඖෂධය ප්‍රමිතියෙන් තොර වීම නිසා සදාකාලිකව ඇස් පෙනීම අහිමිවූ රෝගියෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 8 දෙනෙකුගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

තම ඇස්වලට සිදුවූ හානිය සහ ජීවිතයට ඇති වියහැකි තර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ඔහු එන්තරවාසි යවා ඇති අතර අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එයින් දැනුම් දී ඇත්තේ.

මෙසේ එන්තරවාසි යවා ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්. ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න සහ එම ඖෂධය සැපයූ යක්කල චමී කෙමිස්ට් සමාගමට ය.

2023 වසරේ අප්‍රේල් – මැයි මාසවලදී ඉහත කී ඖෂධය භාවිතයෙන් පසු රෝගීන්ට සංකූලතා ඇතිවීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබුණු අතර අදාළ ඖෂධ කාණ්ඩය රජයේ රෝහල්වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ එම ඖෂධ තොගය ප්‍රමිතියෙන් තොර බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...