කෙහෙළියගෙන් බාල ඖෂධ නිසා ඇස් පෙනීම අහිමි වූ රෝගියෙකු වන්දි ඉල්ලයි

ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසුව භාවිතා කරන “ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට්” නම් ඖෂධය ප්‍රමිතියෙන් තොර වීම නිසා සදාකාලිකව ඇස් පෙනීම අහිමිවූ රෝගියෙකු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 8 දෙනෙකුගෙන් වන්දි ඉල්ලා එන්තරවාසි යවා තිබේ.

තම ඇස්වලට සිදුවූ හානිය සහ ජීවිතයට ඇති වියහැකි තර්ජනය හේතුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඉල්ලා ඔහු එන්තරවාසි යවා ඇති අතර අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි එයින් දැනුම් දී ඇත්තේ.

මෙසේ එන්තරවාසි යවා ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, මහාචාර්ය එස්. ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න සහ එම ඖෂධය සැපයූ යක්කල චමී කෙමිස්ට් සමාගමට ය.

2023 වසරේ අප්‍රේල් – මැයි මාසවලදී ඉහත කී ඖෂධය භාවිතයෙන් පසු රෝගීන්ට සංකූලතා ඇතිවීමේ සිද්ධි කිහිපයක්ම වාර්තා වී තිබුණු අතර අදාළ ඖෂධ කාණ්ඩය රජයේ රෝහල්වලින් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබිණි. පසුව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී තිබුණේ එම ඖෂධ තොගය ප්‍රමිතියෙන් තොර බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...