26
Mon, Feb

පුවත්

මහනුවර, පූජාපිටිය ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයකදී සලකුණු කළ ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් පොලීසියට සිදු කරන ලද දැනුම්දීමට අනුව ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

මෙහිදී ඡායාරූප ගැනීම සඳහා යොදා ගත් ජංගම දුරකථනය ද පොලීසිය බාරයට ගෙන තිබේ.

සැකකරු අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර අළුත්ගම ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයකදී ද සලකුණු කරන ලද ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි අදාළ සැකකරු පොලිස් ඇප මුදාහැර ඇති අතර ලබන 14 වනදා ඔහුට කළුතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇති බව සඳහන්ය.

Add comment


Security code
Refresh