ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ හැපුණු පුද්ගලයකු මරුට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝබර් 15 වනදා පුත්තලම නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුගේ තත්වය බරපතළ හෙයින් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද ජීප් රථයෙහි සිට ඇති අතර රිය පැදවූ පුද්ගලයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...