ඇමති සනත් නිශාන්තගේ ජීප් රථයේ හැපුණු පුද්ගලයකු මරුට

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා මරුමුවට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ 45 හැවිරිදි දෙදරු පියෙකි.

පසුගිය ඔක්තෝබර් 15 වනදා පුත්තලම නගරයේදී පාපැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු සනත් නිශාන්තගේ ජීප් රථයේ ගැටී තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔහුගේ තත්වය බරපතළ හෙයින් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබිණි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ද ජීප් රථයෙහි සිට ඇති අතර රිය පැදවූ පුද්ගලයාව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබිණි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...