Breaking News

ඔබව ඇදක් මත තියලා යකඩ කූර ගහලා මෙහෙම පරික්ෂණයක් කළොත් දරාගන්න පුළුවන්ද?

ඔබව ප්‍රබල විකිරණවලට හසුවෙලා ඔබේ හම ඇතුළේ ඇඟ අභ්‍යන්තරයේ තිබෙන දේවල් පවා පිළිස්සී යනවා. ඇඟේ තියෙන දැඩි පිළිස්සීම් නිසා දරාගන්න බැරි වේදනාවක් ඔබට දැනෙනවා. අධික ලෙස විකරණවලට හසුවුණු සමහර ශරීර කොටස් ඇඟෙන් ගැලවිලා ගිහින්.

ශරීරයේ හම කියලා දෙයක් නැහැ, පුංචි සුළං පොදකින් පවා ඔබට කොහොමවත් දරාගැනීමට නොහැකි වේදනාවක් දැනෙනවා. අස්ථි පවා උණුවෙලා, ඒවා ඇතුළෙන් පවා විශාල වේදනාවක් පිට කරනවා. ඒ වේදනාව ඔබට වචනවලින්වත් පිට කරගන්න බැහැ.

ඔබට මිය යන්න අවශ්‍ය වෙනවා, ඒත් ඔබට මිය යන්නත් බැහැ. ඔබට වෙලා තියෙන ජාතියේ අනතුරකින් දිවි රැකගෙන තියෙන්නේ ඔබ විතරයි. ඔබව විද්‍යාගාර පරික්ෂණයක් බවට පත්වෙනවා. ඔබේ අර වේදනාවෙන් පෙළෙන කොට වෛද්‍යවරුන්, පර්යේෂකයන් ඇවිත් ඔබේ ශරීරයේ කොටස් අරගෙන පරික්ෂන කරනවා, විවිධ කූර ඇඟ ඇතුළට දාලා බලනවා. විවිධ ඖෂධ අත්හදා බලනවා.

ඔබේ වේදනාව දෙගුණ තෙගුණ වෙනවා. ඔබට ඒත් මිය යන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඔබව යන්ත්‍ර ආධාරයෙන් කොහොම හරි ජීවත් කරවනවා.

මේ වගේ වේදනාවක් කාටද නේද දරාගන්න පුළුවන්? හිතන්නවත් පුළුවන්ද ඒ තරම් වේදනාවක් දරාගන්න? ඒත් එහෙම එක තරුණයෙක් ඒ වේදනාව දරාගෙන හිටියා කිව්වොත් පිළිගන්නවද? ඔහුට මිය යන්න ඕන වුණත් ඔහුව ජීවත් කෙරෙව්වා බලහත්කාරයෙන්ම.

ඔහු නමින් Hisashi Ouchi.. වර්ෂ 1999 සැප්තැම්බර් 30 වනදා, ටොකියිමූරා න්‍යෂ්ටික බලාගාරයේ සිදුවූ විකිරණ කාන්දුවකට මේ තරුණයාව හසුවෙනවා. හැබැයි ඔහු මිය යන්නේ නැහැ. ඔහුගේ අවාසනාවට ඉතාමත් බරපතළ තුවාල සහිතව ඔහු ජිවත් වෙනවා.

මේ තරම් ප්‍රබල විකිරණවලට හසුවූ පණ පිටින් ඉන්න පුද්ගලයෙක් කියන්නේ, වෛද්‍ය විද්‍යාවට ලැබුණු ලොකුම අවස්ථාවක්. මේ තරුණයාගේ කිසිදු අවසරයකින් තොරව ඔහුව වෛද්‍ය පර්යේෂකයන්ගේ Test Subject එකක් බවට පත් වෙනවා. ඔහුට විවිධ සැත්කම්, ඖෂධ අත්හදා බැලීම් ඇතුළු බොහෝ දේවල් කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා.

Hisashi ව දවස් 83ක් මේ බරපතළ තුවාල සහ දරාගත නොහැකි වේදනාව යටතේ බලහත්කාරයෙන් ජීවත් කරවනවා. ඔහු අවසානයේ මිය යන්නේ පෙනහළු සහ අක්මාව ක්‍රියා විරහිත වෙලා අර වේදනාව සිය ගුණයකින් විතර වැඩිවෙලා. ඔහුට අවස්ථා 03කදී හෘද්‍යාබාධ ඇවිත් තියෙනවා කියලා සඳහන් වෙනවා.

Hisashi එක අවස්ථාවක කෑගහලා තියෙනවා කියනවා ““I can’t take it anymore, I am not a guinea pig (මට මේක තවත් දරාගන්න බැහැ, මම ගිනීපිග් කෙනෙක් නෙමෙයි)” කියලා.

මේ පහළ ඡායාරූපයේ ඉන්නවා කියන්නේ Hisashi Ouchi.. ඉතින් මුලින්ම අහපු ප්‍රශ්නය ආයෙත් අහනවා. ඔබට මෙහෙම වේදනාවක් දරාගෙන ජීවත් වෙන්න පුළුවන්ද?
ක.අ.ඇ.
#සංජේ

leave a reply