24
Wed, Jan

ගීතය

මේ ධනේශ්වර ලෝකයේ කොයි කොනකද පාලකයාගේ යාන්ත්‍රණය අමානුශීයය. තම එකම පරම යුතුකම ඉටුකරනු සුළුය. ඇතැම් ලිබරල් පාන්ඩිතයෝ දියුණු බටහිර රටවල පොලීසි හමුදා ඉතා ප්‍රජාතාන්ත්‍රවාදී බවත් ඉතා සාමකාමී බවත් පවසති. එහෙත් මේ ධනවාදය ය. එහි බොරුවට තැවරූ මනුෂ්‍යත්වයක් හැර කිසිවක් ඉතිරි නැත. අද ලංකාවේ පොලීසිය හැසිරෙන්නේ යම් සේ ද මේ දියුණුයි කියනා ඇමෙරිකාවේද ,ප්‍රංශය ඉතාලියේද ,චිනයේද පොලිසිය හැසිරෙන්නේ පාලකයාගේ උවමනාවට අනුවය .

1980 The Clash සංගීත කණ්ඩායම විසින් SANDINISTA ගීත ඇල්බමයට ගයනා කරන ලද මේ ගීතය රචනා කරන්නේ Eddy Grant විසින් .මෙය දකුණු අප්‍රිකාවේ වර්ණ බෙදවාදී පාලනයට එරෙහි හිතයකි .

මම දුවනවා
පොලීසිය මගේ පිටිපස්සෙන් පන්නනවා
මම සැඟවිලා හිටියා
පොලීසිය මගේ පිටිපස්සෙන් පන්නනවා
වෙඩි තැබීමක් සිදු වුණා
පොලීසිය මගේ පිටිපස්සෙන් පන්නනවා

මම දුවනවා........
සදුදා ,අගහරුවදා, බදාද ,බ්‍රස්පතින්දා ,සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා
මම දුවනවා........
සදුදා ,අගහරුවදා, බදාදා ,බ්‍රහස්පතින්දා ,සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා

මම මොනවද කෙරුවේ .......
මම මොනවද කෙරුවේ .......

රේල්පාර උඩ මම දුවනවා
ඔබට මට උදව් කරන්න පුළුවන්ද
පොලීසිය මගේ පිටිපස්සෙන් පන්නනවා
ආපසු හැරෙන්න බැහැ පොලීසිය මාව අල්ල ගනියි
මට දෙන්න පුළුවන්ද ඔබගේ ශක්තිය
වේගයෙන් දුවන්න

මම දුවනවා........
සදුදා ,අගහරුවදා, බදාදා ,බ්‍රහස්පතින්දා ,සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා
මම දුවනවා........
සදුදා ,අගහරුවදා, බදාදා ,බ්‍රහස්පතින්දා ,සිකුරාදා ,සෙනසුරාදා ,ඉරිදා

මම මොනවද කෙරුවේ .......
මම මොනවද කෙරුවේ .......

මං දුවනවා
මං දුවනවා..... දුවනවා

රේල්පාර උඩ මම දුවනවා
ඔබට මට උදව්කරන්න පුළුවන්ද
පොලීසිය මගේ පිටිපස්සෙන් පන්නනවා
ආපසු හැරෙන්න බැහැ පොලීසිය මාව අල්ල ගනියි
මට දෙන්න පුළුවන්ද ඔබගේ ශක්තිය
වේගයෙන් දුවන්න

ඇයි මං දුවන්නේ
ඇයි මං දුවන්නේ
ඇයි මං දුවන්නේ

(ගීතයේ සිංහල අනුවර්තනය තරුෂ පෙරේරා)

Add comment


Security code
Refresh