සංවිධානාත්මක නීතියේ අපරාධ රැල්ලේ ගොදුරක්ද? මාකඳුරේ මධුෂ්

මාකදුරේ මදූෂ්ගේ මිනිමැරුම දැන් සමාජ කතාබහෙන් දුරස් වේගන යනවා. තව නොබෝ දිනකින් එය තවත් එක් මරණයක් බවට පත්වී  සහමුලින්ම  අමතක වී යෑම සිදුවෙනවා . මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය ගොතන කතාවට අපට අවනත විය නොහැකියි . සිදුවීම විමර්ශනය කරන විට සැක සහිත තැන් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්.

ඉතින් මෙවැනි මරණ  කොතෙකුත් සිදු වී තිබුනත් ඒ පිළිබඳව සොයා බැලීම සහ නීතිය ක්‍රියාත්මක වීම සිදුවී නැහැ.  ඊට බලපාන කරුණක් තමයි මෙසේ මරණයට පත්වෙන බොහෝ පිරිස්  අපරාධකරුවන්,  කුඩු ජාවාරම්කරුවන්,  එසෙත් නැත්නම් කුමන හෝ සමාජ විරෝධි කටයුත්තක නියැලී සිටින සමාජ පිළිලයක් බවට ගොඩනගන ලද මතයන්.  මේ සංවිධානාත්මක නීතියේ මිනිමැරුම් වලට සමාජය ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ මේ නාමකරණයන් තුළ  ඔවුන්ව සමාජ විරෝධීන් ලෙස හංවඩු ගසා තිබීම  නිසයි.

ඇත්තටම මේ පිළිබඳව කළ හැකි දෙයක් නැද්ද?  එහෙම නැත්නම් කැමති ආකාරයට මෙසේ පවසන සමාජ විරෝධීන් යයි හංවඩු ගසන මිනිසුන් මරා දැමීම සාධාරණයැයි කියා අපට අත පිස දමා ගෙන සිටිය හැකිද?   මේ පැනයන් වලට පිළිතුරු හොයන්න අපි පුංචි කතාබහක නිරත වුනා නීතීඥ නුවන් බෝපගේ සමග.

කුඩු ජාවාරම්කරුවකුට මරණය සුදුසු යැයි කියමින් අපිට මදූෂ් අමතක කර දැමිය හැකිද?  නීතීඥ නුවන් බෝපගේ ගේ පිළිතුරට  පහත හඬ පටයෙන් සවන් දෙන්න.

 

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...