සංවිධානාත්මක නීතියේ අපරාධ රැල්ලේ ගොදුරක්ද? මාකඳුරේ මධුෂ්

මාකදුරේ මදූෂ්ගේ මිනිමැරුම දැන් සමාජ කතාබහෙන් දුරස් වේගන යනවා. තව නොබෝ දිනකින් එය තවත් එක් මරණයක් බවට පත්වී  සහමුලින්ම  අමතක වී යෑම සිදුවෙනවා . මේ මරණය සම්බන්ධයෙන් පොලිසිය ගොතන කතාවට අපට අවනත විය නොහැකියි . සිදුවීම විමර්ශනය කරන විට සැක සහිත තැන් ඕනෑ තරම් හොයාගන්න පුළුවන්.

ඉතින් මෙවැනි මරණ  කොතෙකුත් සිදු වී තිබුනත් ඒ පිළිබඳව සොයා බැලීම සහ නීතිය ක්‍රියාත්මක වීම සිදුවී නැහැ.  ඊට බලපාන කරුණක් තමයි මෙසේ මරණයට පත්වෙන බොහෝ පිරිස්  අපරාධකරුවන්,  කුඩු ජාවාරම්කරුවන්,  එසෙත් නැත්නම් කුමන හෝ සමාජ විරෝධි කටයුත්තක නියැලී සිටින සමාජ පිළිලයක් බවට ගොඩනගන ලද මතයන්.  මේ සංවිධානාත්මක නීතියේ මිනිමැරුම් වලට සමාජය ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ මේ නාමකරණයන් තුළ  ඔවුන්ව සමාජ විරෝධීන් ලෙස හංවඩු ගසා තිබීම  නිසයි.

ඇත්තටම මේ පිළිබඳව කළ හැකි දෙයක් නැද්ද?  එහෙම නැත්නම් කැමති ආකාරයට මෙසේ පවසන සමාජ විරෝධීන් යයි හංවඩු ගසන මිනිසුන් මරා දැමීම සාධාරණයැයි කියා අපට අත පිස දමා ගෙන සිටිය හැකිද?   මේ පැනයන් වලට පිළිතුරු හොයන්න අපි පුංචි කතාබහක නිරත වුනා නීතීඥ නුවන් බෝපගේ සමග.

කුඩු ජාවාරම්කරුවකුට මරණය සුදුසු යැයි කියමින් අපිට මදූෂ් අමතක කර දැමිය හැකිද?  නීතීඥ නුවන් බෝපගේ ගේ පිළිතුරට  පහත හඬ පටයෙන් සවන් දෙන්න.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...