නවක වධ පැමිණිලි විමර්ශනය CIDයට බාරදීම තවත් සිසු දඩයමක ඇරඹුමක්ද?

Date:

නවක වධ සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබීම නවක වදයට මුවාවී විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට එරෙහිව මර්දනය දැඩි කිරීමක්ද යන සැකය මතුවේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව සඳහන් කළේ, නවක වද සිද්ධීන් සම්බන්ධයෙන් ලැබෙන සහ ලැබී ඇති පැමිණිලි පිළිබඳව විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන්නැයි, පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.

පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ යුතු බවට ද පොලිස්පතිවරයා උපදෙස් ලබාදි ඇතැයි පෙලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

පසුගිය දින කිහිපය තුළ විශ්වවිද්‍යාලවල සිසුන්ට නවක වධය ලබාදීමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ශිෂ්‍ය සංගමයක සිසුන් පහරදී නවක වධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඊට උපදෙස් දුන්නා යැයි කියැවෙන සිසුන් 06 දෙනෙකු නේවාසිකාගාරයක් තුළ තවත් සිසුන් පිරිසක් විසින් රඳවා තබා ගනිමින්, ප්‍රශ්න කරමින් පහරදී ඇති බවට කැලණිය පොලිස් ස්ථානය වෙත පැමිණිලි ලැබී ඇති බවයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකුට සමාජ මාධ්‍ය භාවිතා කර අසභ්‍ය දර්ශන යොමුකර නවක වධය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද පැමිණිලි ලැබී ඇතැයි, පොලිසිය ප්‍රකාශ කරයි.

කැළණිය සිදුවීම සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුකළ ම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැවසුවේ සිසුන් පිරිසක් විසින් අන්තරේ කැඳවුම්කරු වසන්ත සම්බන්ධ තොරතුරු පිටතට ලබාදී ඇති බවයි. එම තොරතුරු සාක්ෂි සහිතව ඔප්පුවී ඇති බව එහිදී පැහැදිලි කෙරිණි. දැන් පොලීසිය උත්සාහ කරන්නේ සිසුන් අතර ඇතිවූ එම ප්‍රතිවිරෝධය පාවිච්චි කරමින් සිසු දඩයම් සිදුකිරීමටද යන සැකය ඇතිවේ.

 

Share post:

Popular

More like this
Related

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...