අධිකරණයටද පිටුපාමින් ඇන්සල් ලංකා සේවක අයිතීන් ලබා දීම මඟ හරියි

Date:

බියගම නිදහස් වෙළෙඳ කලාපයේ  පිහිටි ඇන්සල් ලංකා සමාගමේ පාලන අධිකාරිය විසින් සේවකයන්ට සිදුකරන අත්තනෝමතික ක්‍රියාවන්ට හා ඒවාට සාධාරණ විසඳුම් ලබා ගැනීම සඳහා ක්‍රියා කළ වෘතීය සමිති සභාපතිගේ සේවය අවසන් කිරීම හේතුවෙන් 2013 ඔක්තෝම්බර් 11  වන දින සියලුම සේවකයන් විසින් වැඩ වර්ජනයක් ආරම්භ කෙරිණි.එදා කළ ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙනවා වෙනුවට ඇන්සල් ලංකා කළමනාකාරිත්වය සිදුකළේ මුළු වෘත්තීය සමිති ශාඛාවේ නිලධාරීන් සහ තවත්  වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 10කගේ සේවය කිසිදු විනය පරීක්ෂණයකින් තොරව අවසන් කිරීමයි. එම  හේතුවෙන් දින 45 ක් වැඩ වර්ජනය අඛණ්ඩව පැවතිණි.

ඉහත තත්වය තුළ වෘත්තීය සමිති සභාපති ඇතුළු වෘත්තීය සමිති නායකයින් එකොලොස් දෙනෙකුගේ සේවය අවසන් කිරීම යුක්ති සහගතද නැද්ද යන්න තීරණය කිරීම සඳහා අනිවාර්ය බේරුම්කරණයකට යොමු කරන ලදී. ඉන්පසුව සේවකයින් වැඩ වර්ජනය අහවර කර සේවයට වාර්තා කළ යුතු වූ  අතර එසේ සේවයට වාර්තා කළ ඒ සියලු සේවකයින්ට නැවත රැකියාව ලබා දීම වෙනුවට ඇන්සල් ලංකා කළමනාකාරීත්වය සේවකයින්ව සේවයෙන් ඉවත් කළේය.

දීර්ඝ අධිකරණ ක්‍රියාවලියකින් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම සේවකයින්ගේ සේවය අවසන් කිරීම අනුමත කළේය.වෘත්තීය සමිති අන්සල් මව් සමාගමට සිදු කළ ජාත්‍යන්තර බලපෑම් හමුවේ එම සේවකයින්ට නැවත රැකියාව ලබාදීමට ඇන්සල් ලංකා සමාගමට සිදු විය. .මේ වන විට වෘත්තිය සමිති ශාඛා සභාපති ඇතුළු වෘත්තීය සමිති නායකයින් එකොලොස් දෙනෙකුගේ සේවය අවසන් කිරීම අයුක්තිසහගත හා අසාධාරණ ලෙස වෘත්තීය සමිති පළිගැනීමක් ලෙස ඇන්සල් ලංකා කළමනාකාරීත්වය විසින් සිදුකර ඇති බවට කාර්මික අධිකරණය අවුරුදු 7 ට  ආසන්න දීර්ඝ නඩු විභාගයකින් පසුව තීරණය කර ඇත. එම තීන්දුව ක්‍රියාත්මක කිරීම වෙනුවට ඇන්සල් ලංකා කළමනාකාරිත්වය දැන්  ඉහත තීන්දුවට  අභියෝග කරමින් සිටියි .

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් වූ අයට ඇන්සල් ලංකා සමාගම නැවත රැකියාව ලබා දීමෙන් හා කාර්මික අධිකරනයෙන් නිවැරදි කරුවන් වූ වෘත්තීය සමිති නායකයින් එකොලොස් දෙනාට නැවත රැකියා ලබා නොදීමෙන් ඇන්සල් ලංකා කළමනාකාරීත්වයේ දෙබිඩි පිළිවෙත හෙළිදරවු වි තිබේ .  එමගින් ඇන්සල් කළමනාකාරීත්වයේ වෘත්තීය සමිති විරෝධී ආකල්පය හොඳින් පැහැදිලි වේ.

කෙසේ වෙතත් මෙම වෘත්තීය සමිති නායකයින් එකොළොස් දෙනා හට යුක්තිය ඉටු කර දීමට මේ වන විට ජාත්‍යන්තර වෘත්තීය සමිති ඉදිරිපත් වී ඇත. එමගින් ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයක් ආරම්භ විතිබේ . එහි පළමු රැස්වීම 2021 ජනවාරි 21 වන දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර මෙම ක්‍රියා පටිපාටියට එරෙහිව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...