22
Mon, Jan

විශේෂාංග

අඹ මුල්කොට ගෙන මහාර්ඝ සංස්කෘතියක් ගොඩ නැගී ඇති බවට බෞද්ධ සංස්කෘතිය පාරම්බාන්නේ… ලංකාවේ වාසය කළ තිස්ස රජ්ජුරුවෝ මිහිදු හිමියන්ගේ අඹ ප්‍රශ්නයෙන් රජුගේ විචක්ෂණය කොතරම්ද යන්න තෙරුම් ගෙන බුද්ධාගම ලංකාවට ස්ථාපිත කරනු ලැබූ බවයි. එහෙව් පරම්බාන පෞඪ සංස්කෘතියක් හිමි රටේ අඹ නිසාම මහලු මවක් දිනයක් පුරා කිසිදු අහරක් නොමැතිව පොලිස් කූඩුවක රදවා තැබීමට තරම් සැහැසි එකී සංස්කෘතියේ ඵල විපාකයන් භුක්ති විදින හැගුම්බර රටවැසියන් ලෙස අපි හදුන්වමු..

පාරට නැමී ඇති අතුවල ඇති ඵලයන්ගේ අයිතිය වත්ත හිමියන්ට නොව පාරේ යන උන්ට බව ගමේ ගොඩේ පවතින සාමාන්‍ය නීතියයි.. එහෙත් පාර වැටී තිබූ අත්තක අඹ ගෙඩි හතරක් මාලුවක් සදහා කැඩූ අම්මා කෙනෙකුට අනුරාධපුර පොලීසිය විසින් උන්ගේ නීතිය අකුරට ඉටු කොට දිනක් හිර කූඩුවේ දමා කෑමට හෝ පවස නිවීමට පැන් පොදක් හෝ ලබා නොදී සිරකොට තැබූ පුවත මේ වනවිට රටම දන්නා කරනකි.

එකී අවනඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණයන් සිදුකිරීමට ප්‍රයත්න නොකරන අතරම එකී සිද්ධියේ දෙශපාලනික තුච්ඡ කම පමණක් ගෙන පිළිබද කතා කළයුතුව ඇත.

අපි ගත කරන සමාජ ක්‍රමය කිසිදු ක්‍රමයකට අදාළ නොවන අතරම ධනවාදයෙ එක් එක් අංශූන්ගෙන් පුරවාගෙන ධනවාදීන් යැයි නාමකරණයක් සහිත ආර්ථිකයක ජීවත්වන හිවලුන් පිරිසක් බව මේ සිදුවීම් ඔස්සේ පිළිගත යුතුව ඇත. විටෙක අල්ලපු වත්තේ පොල් ගෙඩියක් ගත් දරුවෙකුට දණ්ඩ නීති සංග්‍රහයෙන් උදව් වෙන සුධීමත් කාකිධර නඩය තවත් වරෙක අඹ ගසකින් අඹ ඵල නෙලා ගැනීමේ වරදට අම්මා කෙනෙකු හිර කූඩුවේ පොලු ගණනින්නට මග පාදයි.

නීතීතය හැමට එක ලෙස පවතීම විය යුක්ත වුවත් නීතිය එක එකාට එක එක විදියට පිහිටීම රෙදි කඩ උනා දැමූ තුලාව රැගත් යුවතියගේ වේස කම ප්‍රදර්දශනය කරන්නක් වේ. ඒ මේ වන විටද ලංකාවේ මහ බැංකුව කොල්ල කෑ විදෙස් ගත පුද්ගලයන් තවමත් නිදැල්ලේ හැසිරීමට වන අවකාශ සලසා දීම හා රවී කරුණානායක වැනි ඇමතිවරු සිරගත වීමෙන් මිදීම සදහා ඇමති ධුරවලින් ඉවත්වීම වැනි ආඳ මෝඩලයේ විසදුම් මගින් නීතියෙන් පැන යයි. අනෙක් අතට සිල් රෙදි සොරකම් කළ මහජන දේපල අයථා ලෙස පරිහරණය කළ පිරිස් වසර 03කට සිරේ දැම්මත් මසක් ඇතුලත නැවත ඇප ලබා එළියට පැමිණේ.. ඇති උන් සොරකම් කරන විට එක් ක්‍රමයකුත් නැති උන් සොරකමක් වේයැයි නොසිතා සිදු කරන කුඩා කුඩා අත්පත් කර ගැනීම් මහා පරිමාණ අඬුපඬු කඩා දැමීමක් දක්වා වර්ධනය කොට අසරණයින් පරසක්වලේ ගැසීමක් නීතිය නම්, මේ නීතිය අහවල් එකකටද යන්න විමසිය යුතුමය.

අනෙක් පැත්තෙන් මෙවැනි ආර්ථික මොඩලයක් ලංකාවට හැදූ දේශපාලන තත්වයන් 1950 ගණන්වලදී ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීමට ගොස් ජාතිවාදී බඩ පිණුම් ගැසූ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකත් ඔහුගේ අවැමෙන් පසු ඔහුගේ ප්‍රිය බිරිද වන සිරිමාවෝ විසින් කූපන් ක්‍රම හා වගා ක්‍රම ආදී දිළිදු මට්ටමේ ආර්ථික ක්‍රියාමර්ග ඔස්සේ ද, 1977 දී ජේ.ආර්. ජයවර්ධන විසින් හදුන්වාදුන් බල්ලෝ මරා හෝ සල්ලි සෙවිය යුතුයි යන ආර්ථික මොඩලය ඔස්සේ ගොඩ නැගීමට ගිය ධනවාදී මොඩලය ජාම බේරාගැනීමේ දේශපාලන තුප්පහි කමක් බවට හරවා මේ රටේ මිනිසුන් මරා රුපියල දෙක සොයන නරුම සමාජයක් බිහි කිරීම දක්වා ඇද දැමීය.

ඉන් මෙපිට සමාජ පන්තීන් දේශපාලන බලවේග සියල්ලම ජේ.ආර්.ගේ පසුපස පිහිනුවා හැර වෙනත් කිසිදු ආර්ථික ක්‍රමවේදයක් හෝ දේශපාලන ක්‍රමවේදයක් උපයෝගී කොට නොගත්තේය. මේ වන විටද ඔහුගේ ඥාති බෑණා මාමාගේ පන්ති උවමනාව ඉටු කරමින් සිටිනුයේද එහි ශුද්ධමය ස්වරූපයන් මත නොව ජඩත්වය මත පිහිටාය.. මේ නිසාම මහ බැංකු කොල්ලය වැනි පේමන්ට් මංකොල්ලකෑම් ද, ඔහුගේ ඇමති මණ්ඩලයෙ හසචරයන්ට එවැනිම උවමනාවන් සදහා මාර්ගයද විවිර කරමින් සොරකම් සදහා මං පෙත් විවර කොට ඇත‍
ඉතිං මේ ආර්ථික දේශපාලනය මත දුවන සමාජය තුච්ඡත්වය හැර අන් යමක් සරණ නොකරගනු ලබන අතරම එයට කදිමට ගැලපෙන හේවා කණ්ඩායම් කාකිධර ෂුට්වලින් පැමිණ බලෙන් භාවනා කොට හික්මවනු ලැබූ සැහැසි ධර මිනීමරුවන් මෙන් සිටී.

අසරණ ජනතාවට මේ සියලු ප්‍රාකාරයන් මැද ජීවත්වීමට සිදුව ඇති අතර ඔවුන් දේශපාලකයින් විසින් කෙවිටෙන් ඇණ සිනාගන්වන විට හැඩූ කදුළ අමතක කොට සිනා සිටීමටද සැදී පැහැදී සිටිය යුතුමය. එබැවින් මෙවැනි පරිසරයක ජනතාව කුමක් කළ යුතුද ? තෝරාගත යුතු මාර්ගයන් ජනතාවට ඇත්තේ සැමට සරිලන සැමගේ අයිතීන් රකින සමාජයක් ගොඩ නැගීමටය… එහෙත් එවැනි තත්වයන් උදාකර ගැනීමටද ඇති මාවත් මේ වනවිට වල් බිහිව තිබීම මනුෂ්‍ය වර්ගයා ලැබූ අභාග්‍යයකැයි පවසා මේ සටහන හමාර කරමු…

 

 – තුසිත පතිරණ -

Add comment


Security code
Refresh