කැලෑ කපන වුන්ව අල්ලන්ඩම බෑ හොඳේ

සිංහරාජය, ආනවිලුන්දාව, වනාතවිල්ලුව, නකල්ස්, මොරවැව, හෝර්ටන් තැන්න ඇතුළු ප්‍රදේශ ගණනාවක් පිළිබඳව පසුගිය මාස එකහමාරක පමණ කාලයක් තුළ අපට අසන්න ලැබුණා. මේ හැම නමක්ම සම්බන්ධ වුණේ වන විනාශය සමඟයි. රැල්ලක් වගේ රට වටේ යන මේ වන විනාශයට වගකිව යුත්තේ කවුද? අප හමුවේ තිබෙන ප්‍රධාන පැනය එයයි . නමුත් උත්තර නැති පැනයද එයයි . අක්කර දහස් ගණනක් ඩෝසර් කරනතුරු කිසිවෙකු නොදැක සිටීම පුදුම උපදවන කරුණකි. කුඩු ජාවාරමේ පහළ බෙදාහරින්නන් සහ මිලදී ගන්නන් හසුවෙන්න සේම මේ ඉඩම් මංකොල්ලයේ මහ මොළකරුවන් හසුවන්නේ නැහැ. මේ වනවිට චෝදනා ලැබ තිබෙන්නේ අත්අඩංගුවට අරන් තිබෙන්නේ පහළ ක්‍රියාකාරී වූ පුද්ගලයන් පමණි.

මේ වන විනාශය ස්වරූපය දෙස විමසිල්ලෙන් බලන අපට සැකයක් උපදී. එනම් 05/2001 චක්‍රලේඛය අහෝසි කිරීම්ට රජය ගත් උත්සාහය පරිසර හිතකාමී සහ ජනතා විරෝධයෙන් හකුළා ගන්නට සිදු වුණායින් පසුව අනියම් ක්‍රියාමාර්ග හරහා අවශ්‍ය ඉඩම් අත්පත් කරගන්නවා ද යන්න පිළිබඳව.

අප මේ ඔබට කියන්නේ කට කහනවට නොව, ඔබට හුස්ම ගැනීමට ගහකොළ අවශ්‍ය බැවිනි, අත්තනෝමතික ක්‍රියාවන්වලට එරෙහිව ඔබ අවදිව පෙළෙ නොගැසේනම් ඔබට අහිමි වීමට නියමිතව ඇත්තේ හුස්ම ගැනීමේ අයිතියයි .

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...