වසන්ත වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ 1000ක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි.

එම දිව්රුම් ප්‍රකාශනය මගින් පවසා ඇත්තේ ජූලි 09 වනදා කොළඹට පැමිණි මිලියන ගණනක ජනතාව අතර තමන් ද සිටි බවයි. එම නිසා සාමකාමී විරෝධය පලකල මා ඇතුළු අනෙකුත් පුරවැසියන් සහ සමානව සළකා වසන්ත මුදලිගේ සම්බන්ධයෙන්ද ක්‍රියාකරන ලෙස එම දිව්රුම් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තබා තිබේ.

ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තබා තිබේ. මේ ආකාරයට දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම ජනවාරි 17 දක්වා දිවයින පුරා විවිධ ස්ථානවල සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...