වසන්ත වෙනුවෙන් දිවුරුම් ප්‍රකාශ 1000ක්

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලමින් ‘හෘදසාක්‍ෂිය’ යන තේමාව යටතේ දිවුරුම් ප්‍රකාශ 1000 ක් අස්සන් කිරීමේ ව්‍යාපාරයක් ඊයේ (9) පස්වරුවේ ගාලුමුවදොරදී පැවැත්විණි.

එම දිව්රුම් ප්‍රකාශනය මගින් පවසා ඇත්තේ ජූලි 09 වනදා කොළඹට පැමිණි මිලියන ගණනක ජනතාව අතර තමන් ද සිටි බවයි. එම නිසා සාමකාමී විරෝධය පලකල මා ඇතුළු අනෙකුත් පුරවැසියන් සහ සමානව සළකා වසන්ත මුදලිගේ සම්බන්ධයෙන්ද ක්‍රියාකරන ලෙස එම දිව්රුම් පෙත්සම මගින් ඉල්ලා තිබේ.

ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තබා තිබේ.

ගාලුමුවදොරට පැමිණ සිටි පිරිස එහිදී අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දිවුරුම් ප්‍රකාශවලට අත්සන් තබා තිබේ. මේ ආකාරයට දිවුරුම් පෙත්සම් අත්සන් කිරීම ජනවාරි 17 දක්වා දිවයින පුරා විවිධ ස්ථානවල සිදුකිරීමට සැලසුම් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...