Breaking News

ශ්‍රී ලාංකීය රියැදුරු බලපත්‍රය ඉතාලියේ භාවිතා කිරීම අරඹන්නේ කවදාද

ගැටලූව

ඉතාලි රජය ලංකාව ඇතුලූ විවිධ රජයන් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹෙනව. ඒ ගිවිසුම් ඇතුලෙන් තමයි ලංකාවේ රියදුරු බලපත‍්‍රය ඉතාලියේ භාවිතා කිරීමට අවසර ලබා දෙන්නෙ. මේ ගිවිසුම අව්රුදු පහෙන් පහට යාවත්කාලීන කරන්න ඕනෙ. 2022 පෙබරවාරි 28 දිනෙන් අවලංගු වූ ගිවිසුුම යාවත්කාලීන කරන්න තවමත් ලංකා රජය සමත් නොවීම තමයි ගැටලූව. එය බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙන ගැටලූවක් නිසා විවිධ පාර්ෂව උත්සහ ගනිමින් සිටිනව ඒක විසඳගන්න. මේ වෙන කොට ජන අරගල ව්‍යාපාරය විදිහට අපිත් මේ සඳහා මැදිහත් වෙමින් සිටිනව. ඒ අතර පසුගිය ඔක්තෝබර් මාසයේ නාපෝලි නගරයේදී කල ඒකාබද්ධ උද්ගෝෂණයල පසුගිය පෙබරවාරි 4 නිදහස් දිනයේදී ලංකාවේ ජනතාව මුහුණ දෙන ගැටලූ හා විදේශිකයින්ගේ ගැටලූ නොසලකා හැරීම පිළිබඳව නාපෝලියේ කල උද්ගෝෂණයල ඉන් පසුව පෙබරවාරි 7 දා අපි තානාපති වරයාට ලිපියක් යොමු කලා. අපි ඉල්ලා සිටියේ මෙතෙක් මේ ගැටලූව නොවිසඳීමට සත්‍ය හේතු හා තොරතුරු ලබා දෙන්න කියල. නමුත් මේ දක්වා එයට පිළිතුරක් ලැබුනෙ නෑ. ල

විසඳුම කුමක්ද

මෙම ගැටලූව ඇතුලූ තානාපති සේවයේ පවතින විවිධ ගැටලූ හා ජනතාවට විඳින්නට සිදුවන ගැහැට මග හරවා ගන්නට නම් එහි වින්දිතයින් වන අප සංවිධානය විය යුතු බවයි අපේ අදහස. ඒ වගේම ඊට ඉතාලිය තුල සිදු කෙරෙන බලපෑම් පමනක් ප‍්‍රමානවත් වන්නෙත් නෑ. ඒ නිසා අපි උත්සහ කලා ලංකාවේ ජන අරගල ව්‍යාපාරය ඊට මැදිහත් කරගන්න. එහි පලමු පියවර විදිහට පෙබරවාරි 16 දා වසන්ත මුදලිගේ සහෝදරයා ප‍්‍රමුඛ ජනඅරගල ව්‍යාපාරයේ නියෝජිතයින් කීප දෙනෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ගිහින් මේ ගැන විමසල ලිපියක් බාරදීමට කටයුතු කලා. ඒ අතර විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සමග සාකච්ඡුාවක් කලා. ලේකම් වරයාට අමතරව ඒ මොහොතේ තානාපතිවරයා විමසා සිටි රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුනේ කල් ඇදුනු නිසා අදාල ලිපි ලේඛණ තවම අතර මග බවයි. ඒක සෑහීමට පත්වෙන්නට හැකි පිලිතුරක් නෙමෙයි. ඒ නිසා අපි සූදානම් නෑ මෙතනින් නවතින්න. මේ ගැටලූව විසඳන තුරු කොහොමත් අපි ලංකාවේ සිදු කරන බලපෑම් ඉදිරියටත් කරනව. මෙම ගැටලූව වගේම තව ගැටලූ ගොඩක් තියෙනව අපි පොදුවේ මුහුණ දෙන. ඒවා විසඳා ගන්නටත් තියෙන පාර තමයි අපි වඩා සංවිධානාත්මකව මැදිහත් වෙන එක. ඒ නිසාම අපි ලංකාව පුරාම ගොඩ නැගෙමින් තිබෙන ශක්තිමත් මහජන ව්‍යාපාරයක් වන ජන අරගල ව්‍යාපාරයේ කොටස් කරුවන් වන්නට ක‍්‍රියා කරමින් සිටිනව. ඔබටත් ඒ සඳහා ආරාධනා කරනව.

සිදුවී ඇත්තේ

හැබෑ ගැටලූව තමයි ඉතාලි රජය බලා පොරොත්තු වන ලිපි ලේඛණ සැපයීමට ලංකා රජය වීම. විශේෂයෙන්ම ව්‍යාජ රියදුරු බලපත‍්‍ර හසු වීම හා එම ක‍්‍රියාවළිය තුල වංචා ¥ෂණ සිදුවී තිබීම නිසා ඉතාලි රජයට ඒ පිළිබඳ විශ්වසනීයත්වය පලූදුවීම. ඒ නිසා ඒවා සත්‍ය බවට තහවුරු කර ගැනීමට අදාල දත්ත පිරික්සීමට අවශ්‍ය ප‍්‍රවේෂයන් ලබා දෙන ලෙසට ඉල්ලා තිබෙනව. අනෙක් කාරණය තමයි ලංකාව විසින් නිකුත් කර තිබෙන කල් ඉකුත් වන දිනයක් සඳහන් නොවන රියදුරු බලපත‍්‍ර ගැටලූවට පිළියම් යොදන ලෙස. මොකද එය යුරෝපා නීතියට පටහැනි නිසා. ඒ අතර සංක‍්‍රමණික විෂයේදී අනුගමනය කල යුතු ක‍්‍රියා පිළිවෙත් ආදිය මෙම ගිවිසුමට ඇතුලත්.

යහපත් විදෙස් සේවාවක් සඳහා

මෙතෙක් සිදුවූයේ ලංකාවෙන් සහතික කර ගෙන්වා ගන්නා ලේඛණල තානාපති කාර්යාලයෙන් පරිවර්ථනය කර සහතික කරවා ඉදිරිපත් කල පසුව ඒවා පිළිගෙන වෛද්‍ය පරීක්ෂණයකින් පසු රියදුරු බලපත නිකුත් කිරීමයි. එහෙත් ව්‍යාජ බලපත‍්‍ර හා ඒවා හොඳින් පරික්ෂා කිරීමකින් තොරව ලබා දුන් සහතික පත් නිසා තව දුරටත් ඉතාලියානු රජය ඒවා පිළිගැනීමට සූදානම් නොවීම ඔවුන් මෙම පියවරට යාමට හේතුවයි. හොරුන්ගෙන් වංචාකරුවන්ගෙන් හා සුදුසුකම් විරහිත දේශපාලන හෙංචයියන් විදේශ සේවයට යොමුකිරීමේ පාපය ගෙවන්නට සිදුවී ඇත්තේ විදේශයන්හි බොහෝ දුශ්කරතා මැද රැුකියා කරන ජීවත් වන ලාංකිකයින් වන අපටයි. ඉතිං අපේ යෝජනාව තවදුරටත් මේ තත්වය ඉවසා නොසිට අයිතීන් දිනා ගන්නට පෙල ගැසෙන ලෙසයි.

ජන අරගල ව්‍යාපාරය 

leave a reply