22
Sun, Oct

ජනාධිපතිතුමා බදුල්ල දිසාපතිට පිටින් ‘ආපදා කළමනාකරණ යාන්ත්‍ර‍ණයක් පිහිටුවයි‘

ඉදිරියේ දී සක්‍රීය විය හැකි මෝසම් වැසි තත්වයට මුහුණදීම සදහා බදුල්ල දිසාපති නිමල් අබේසිරි ගෙන් බාහිර යාන්ත්‍ර‍ණයක් සකස් කිරීම සදහා ජනාධිපතිවරයා කටයුතු කර ඇත.  එහි පළමු රැස්වීම් අද පැවැත්වේ.  

සයිටම් විරෝධී පාගමනේ විරෝධතා කරුවන් විසුරුවා හැරීම පිනිස කොල්ලුපිටිය හන්දිය ආසන්නයෙදී පොලිසිය මීට සුළු මොහොතකට පෙර කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

සයිටම් ආයතනය විසින් වෛද්‍ය උපාධිය විකිනීම පිළිබද ශිෂ්‍ය ව්‍යාපාරය වසර ගණනාවක් ගෙන ගිය අරගලය තුළ ආණ්ඩුව කිසිදු විසදුමක් හෝ සාකච්ඡාවක් පවා නොදී කටයුතු කලේ රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම මර්දනයෙන් පිළිතුරු දෙමිනි. සයිටම් විරෝධී අරගලයේ සහායට එක් වූ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති සහ වෙනත් බහුජන ව්‍යාපාර එක් කරගනිමින් සෞඛ්‍ය සේවයත් වෙළදපළකරණය කරමින් ආණ්ඩුව ගෙනයන ප්‍රතිපත්තිය පරාජය කිරිමට පුලුල් අරගලයක් අවශ්‍ය විය. ශිෂ්‍ය ව්‍යාපාරය වෙනුවෙන් අන්තර්විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ක්‍රියාකාරි කමිටුව විසින් කැදවූ සයිටම් විරෝධී සිසුජන ව්‍යාපාරය බිහි කෙරුනේ 2016 ජූලි මාසයේය. ආණ්ඩුව විසින් තවදුරටත් සයිටම් අර්බුදය පිළිබද නිහඩව සිටීම පිළිබද විරෝධය එක් කරමින් සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ ඉදිරි ක්‍රියාමාර්ග සටන්කාමී තත්වයට ගෙන එන්නට සැලසුම් කරන බව සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය පවසයි

 

රෝහින්යා සරණාගතයන් සම්බන්ධයෙන් ඊයේ භික්ෂු සංවිධානයක් කළ ප්‍රචණ්ඩ මැදිහත්වීමත්, ජයන්ත සමරවීර සහ විමල් වීරවංශ පාර්ලිමේන්තුවේ කළ ජාතිවාදී ඝෝෂාවත් වහාම පරාජය කළ යුතු ප්‍රවණතාවයකි. මේ සරණාගතයන් 2017 අප්‍රේල් මාසයේදී මුහුදේ අතරමංව, ජීවිත තර්ජනයට ලක්ව සිටියදී නාවුක හමුදාව විසින් රට තුළට ගෙනෙන ලද 31දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකි. (මේ ඊනියා බෞද්ධයන් කියන ආකාරයට ඔවුන්ට මුහුදේ ගිලී මියයාමට ඉඩ දිය යුතුව තිබිනි) ඔවුන් භාරදෙන රට පිළිබඳව එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා තුරු අධිකරණ නියෝගයක් මත ඔවුන් ගල්කිස්සේ නිවසක රඳවා තැබිනි. මීට පෙර 2008දී සහ 2013දී මෙලෙසම මියන්මාර් රෝහින්යා සරණාගත කණ්ඩායම් දෙකක් ලංකාවේ රඳවාගත් අතර ඔවුන් පිළිවෙලින් 2012දී සහ 2015දී වෙනත් රටවල් විසින් භාරගනු ලැබීය. එවකට පැවති ආණ්ඩුවේ කොටස්කරුවන් වූ විමල් වීරවංශලා අද මේ සිද්ධිය මූලධර්මවාදී කුමන්ත්‍රණයක් ලෙස හුවා දැක්වීම දේශපාලන ප්‍රශ්නයක් ලෙස සමාජ අවධානයට ලක්කළ යුතුය. 


වෙනත් රටක ගැටුම්කාරී සිදුවීමක් නිසා අවතැන්වූ ජනතාවට යම් සහනයක් සැලසීම සඳහා තම රට විවෘත කිරීම එම රටේ ශිෂ්ටත්වය පිළිබඳ මිනුමකි. ඒ බව 1989දී සහ පසුගිය යුද සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට සහ යුරෝපයට පැනගිය දහස් ගණනාවක ජනතාවක් සිටින ලංකාවේ සමාජයට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. 
විමල් වීරවංශලා නියෝජනය කරන්නේ ජාතිවාදය හෝ අන් කවර සමාජ අගතියක් හෝ භාවිතා කර තමන්ට දේශපාලන මාවතක් විවර කර ගැනීමේ අවස්ථාවාදී ප්‍රවණතාවයි. එය ඔවුන්ට දේශපාලන වශයෙන් වාසි සහගත විය හැකි වුවත් සමාජයට හානිකරය. එය බෞද්ධ සහ මුස්ලිම් ජන කොටස් අතර ආතතියක් සහ ගැටුමක් ඇති කරන ආකාරයේ විනාශකාරී දේශපාලනයකි. මේ තක්කඩි දේශපාලනය ලංකාවේ සමාජයේ අවම සභ්‍යත්ව ලක්ෂණ පවා විනාශ කරන දේශපාලනයක් වන අතරම රට විනාශකාරී ජාතිවාදී ගැටුමකට ඇද දමන දේශපාලනයකි. නව ලිබරල් ම්ලේච්ඡත්වයට ආකෘතිගත වී ඇති ධනවාදයට කිසිදු ප්‍රතිපත්තිමය විකල්පයක් නැතිව නන්නත්තාර වී සිටින ජාතිවාදීන්ට මිනිසා තුළ සිටින තිරිසනා අවදි කිරීමේ අභිලාෂයක් තිබෙනවා විය හැක. නමුත් වාමාංශිකයන්ට ඇත්තේ මිනිසා තුළ මනුෂ්‍යත්වය සහ ශිෂ්ටත්වය අවදි කිරීමේ අභිලාෂයකි. ලංකාවේ සමාජය එම මාවත් දෙකෙන් එකක් තෝරාගත යුතු මංසන්ධියක සිටී.

පුබුදු  ජයගොඩ 

ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බව අස්ගිරි හා මල්වතු උභය පාර්ශවික කාරක සංඝ සභා අවධාරණය කර සිටියි.

අද(18) පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී එම කාරක සංඝ සභා එක්ව විශේෂ හමුවක් පැවැත්වූ අතර එහිදී මෙම තීරණයට එළඹ තිබුණි.

අස්ගිරි හා මල්වතු උභය විහාරීය පාර්ශ්වයන්හි කාරක සංඝ සභා අද පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාවේදී රැස් වූ අතර එහිදී නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේ.

මෙම හමුව සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් ගිහි විද්වතුන් ද සහභාගි වී තිබුණි.

එහිදී ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් මල්වතු හා අස්ගිරි පාර්ශ්වයේ මහා සංඝරත්නය මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරමින් මේ බව පැවසීය.

නව ව්‍යවස්ථාව රටට අනවශ්‍ය වූවක් බවත්, ඒකීය යනුවෙන් පැවසුවත් එයින් බුදු දහමට නිසි ස්ථානය හිමි නොවන බවත් මල්වතු පාර්ශ්වයේ අනුනාහිමි පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසා සිටියේය.

මේ අතර පළාත් සභාවලට සම්පූර්ණ වශයෙන් මෙම ව්‍යවස්ථාව තුළින් බලය ලබා දී ඇති බව ද උන් වහන්සේ පැවසීය.

එනිසා නව ව්‍යවස්ථාවක උභය පාර්ශවීය සංඝ රතනය මෙන්ම මුළු මහත් ශ‍්‍රී ලංකාවේම බලවත් විරෝධය පළ කරන බව ද විමලධම්ම හිමියන් කියා සිටියේය.

බහුජාතික සමාගම් වල වෙළඳ සහෝයෝගයක් ලබා ගත් නිසා කැලණිය විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නයක් සිදු වූ බවත් එම නිසා මහා ශිෂ්‍යය සංගමය ප්‍රශ්නයක් ඇති කර ගත් බවත් ඕනෑම ප්‍රශ්නයක් සිදු වූ සැනින් න්‍යාය සපයන ප්‍රශ්නයේ හරි වැරැද්ද තෝරා බේරා දීමට බුකියේ ස්ටේට් ස් දැමීමම තම ජීවිකාව කර ගත් ලිබරල් ත් නොවන ලිබරල් මෙන් රඟන න්‍යාය යචාර්ය වරු ශිෂ්‍යය න් ගේ පසුගාමී දේශපාලනය ගැන උපදෙස් කප්පරක් දී තිබිණි.

විද්‍යා ප්‍රදර්ශනයක් වෙනුවට ත්‍රිවිධ හමුදාවේ ප්‍රදර්ශනයක් බවට පත් වීමට අවකාශය තිබු කැලණිය සරසවි භුමිය වසා දැමීම වඩාත් හිතකරය.

ශිෂ්‍යය දේශපාලනය ගැන අපටද බොහෝ විවේචන සහිතය. හෙට දවසේ ශිෂ්‍යය දේශපාලනය අළුත් දේශපාලන මානයකට ගැනීම වෙනුවෙන් විවර අප බොහෝ සංවාද විසංවාද අප වෙබ් අඩවිය තුල යාවත්කාලීන කර ඇත්තෙමු . එයට කදිම වූ උදාහරණය විරාජ් සහෝදරයා ඇතුළු කණ්ඩායමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඇති වූ සිදුවීමේදී අප වෙබ් අඩවිය ශිෂ්‍යය හැසිරීම් සම්බන්ධව වූ බරපතල විවේචනයයි.

විද්‍යා අංශයේ ප්‍රදර්ශනයකට බහුජාතික සමාගම් වල මුල්‍යමය සහයෝගය ලබා ගැනීමේ සංවාදය  ගත  යුතු  වන්නේ  ශිෂ්‍යය  ක්‍රියාකාරකම්  වල  සංස්කෘතිය  සමඟය. ප්‍රාග්ධනයේ දඬුවට හසු නොවී හුස්මක් ගත නොහැකි බව වාම ශිෂ්‍ය ය දේශපාලනයට අවබෝධයක් රහිත බව අප විශ්වාස නොකරන්නෙමු . අප මේ ජීවත් වන මොහොතේ අප කැමති වුව අකමැති වුව ඒ ඉරණමට මුහුණ දීමට අපට සිදු වීම වැලැක්විය නොහැක්කකි. සිසුන්  එය  නොතේරෙන  තොත්ත  බබාලා නොවන  බව ලිබරල්  න්‍යායධරයෝ නොදනී.

එහෙත් මෙතෙක් විශ්ව විද්‍යාල ප්‍රදර්ශණ ඉතිහාසය ය තුල බස් රියෙන් බස් රියෙන් බස් රියට නැග කලා උළෙලක්, ප්‍රදර්ශනයක් කිරීම වෙනුවෙන් වූ සාමුහික උත්සායත් එකී උත්සහාය තුලින් ප්‍රදර්ශනයක් කලා උළෙලක් කිරීමට එහා ගිය සාමුහික මිනිසෙක් නිර්මාණය කිරීමේ පොදු උත්සාහය සංස්කෘතිය එකවර ධනවාදයේ ජරාජීරණ සංස්කෘතියට එක් නොකර සිටින්නේනම් වඩාත් වැදගත් වන්නේ  එයය.

ප්‍රදර්ශනයක්, කලා නිර්මාණයක් ප්‍රාග්ධනයේ කරවල කෑලි ප්‍රොමෝට් නොකර සිදු කල හැකිනම් එය වඩාත් සුවිශේෂීය.

විකල්ප සංගීත ප්‍රසංගයක්, කම්පැනි බෝර්ඩ් අලවන්නේ නැතිව, විකල්ප දේශපාලනය විශ්වාස කරන විකල්ප සංගීතයට ආදරය කරන සගයන්ගේ රුපියල රුපියල එකතු කොට සිදු කල හැකිනම් වඩාත් දේශපාලනික මෙන්ම ආචාරය හිමිවිය යුත්තකි.

නැවත අප සඳහන් කරන්නේ මේ මොහොතේ එය කිසිසේත් පහසු කටයුත්තක් නොවේ.

එනමුදු ශිෂ්‍යය ක්‍රියාකාරකමක් යනු ෂෝර්ට් කට් ගොඩක් තිබියදී සිසුන් ගොඩකගේ මහා ශ්‍රමයක් මතින් බිහිවන නිර්මාණය වන සංස්කෘතියකි. එය ධනවාදයේ ගඳ ගහන ෂෝර්ට් කට් වලින් එක වර විනාශ වීමට ඉඩ නොදිය යුත්තකි.

ඒ අනුව කැලණිය විද්‍යා අංශය කොකාකෝලා වලින් මුදල් ලබා ගැනීමට සීමා නොවී කොකාකෝලා ප්‍රදර්ශනයක් බවට පත් වීමත් එකී ආදර්ශයත් මහා ශිෂ්‍යය සංගමයේ විවේචනයට ලක් වීම කිසිසේත් වරදක් නොවේ.


එසේම ඊළඟ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන පැවැත්වීමයි . ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන බැලීමට ඕනෑ තරම් තැන් රාජ්‍ය විසින් සකස් කරනු ලැබේ. එනිසා විශ්ව විද්‍යාල භුමියේද ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන භුමි කිසිසේත් අවශ්‍යය වන්නේ නැත.

මෙකී සංවාදය විසංවාදය අතරතුර ය කලා අංශයේ සිසුන් තිදෙනෙක් සිකරුට්ටුවක් බීමට පඳුර වෙත රිංගා ඇති වෙලාවක ප්‍රහාරයක් සිදු වන්නේ. සහ එවැනි සංවාදයක් සහිත මොහොතක එය බැර වන්නේ එකී ප්‍රශ්නයට බව අනිවාර්යකි. එසේම එයට පිළිතුරු ලැබීද විශ්ව විද්‍යාල සංස්කෘතියේ අනිවාර්යකි. සත්‍යය ම ප්‍රශ්නය එසේය.

එය එසේ නොවුනද, ත්‍රිවිධ හමුදා ප්‍රදර්ශන භුමි බවට විශ්ව විද්‍යාල භුමි පත් කිරීමට ඉඩ නොදුන් සිසුනි ඔබට අපේ ආචාරය.

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේස කොමිසම් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය ට බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් පනවා තිබේ.

ඒ අනුව එක් වරදකට වසර එක හමාර බැගින් වු වරද දෙකක් සඳහා වසර 3ක සිර දඩුවමක් හා එක් වරදකරුවෙක් සඳහා රුපියල් ලක්ෂ 20 බැගින් වු දඩ මුදලක් ද මහාධිකරණය විසින් ඒ අනුව නියම කර ඇත.

ඒ අනුව අනුෂ පැල්පිට පළමු හා දෙවන වරද සඳහාත් ලලිත් වීරතුංග ට දෙවන හා තෙවන වරද යටතේත් මෙම සිර දඩුවම නියම කර තිබේ.

එමෙන්ම දෙවන හා තුන්වන වරද සඳහා රුපියල් ලක්ෂ 50 බැඟින් වරදකරුවන් දෙදෙනාට ලක්ෂ 100 ක වන්දි මුදලක් ගෙවීමට නියම කළ අතර එය සැප්තැම්බර් මස 20ට පෙර ගෙවන ලෙස මහාධිකරණය විසින් නියෝග කර තිබේ.

2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළව මෙම නඩු තීන්දුව මහාධිකරණය විසින් ලබා දී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි අද(12) දින පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 25වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

2015 වසරේ පැවති උද්ඝෝෂණයකට අදාලව ගොනු කරන ලද නඩුවකට අද දින සහභාගී වූ අවස්ථාවේ ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුගිය 10වන දා මාලඹේ SAITM ආයතනය අහෝසි කරන ලෙස ආණ්ඩුවට බල කරමින් පැවති විරෝධතා පා ගමන සංවිධානය කිරීම වරදක් ලෙස පෙන්වා දෙමින් කොළඹ කොටුව පොලිසිය විසින් මෙලෙස චෝදනා ගොනු කර ඇත.

අදාළ විරෝධතා පා ගමන අවම වශයෙන් හෝ මාර්ග බාධක ආසන්නයට පැමිණීමටත් ප්‍රථමයෙන් ජාත්‍යන්තර අවම නීතීන් පාවා උල්ලංගනය කරමින් පොලිසිය ලවා කඳුළු ගෑස් සහ අධි පීඩන ජාල ප්‍රහාර එල්ල කර පසුව විරෝධතාකරුවන් හඹා ගොස් ම්ලේච්ඡ බැටන් ප්‍රහාරයක්ද සිදු කර සාමකාමිව පැමිණි විරෝධතාවය විසුරුවා හැරීමට උත්සාහ කල ආණ්ඩුව අවසානයේ සමාජ අයිතීන් වෙනුවෙන් සටන් කල ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගැනීමටද කටයුතු කර ඇත.

දූෂිත රනිල් මෛත්‍රී හවුල් ආණ්ඩුවේ අත්තොනොමතිකත්වය මනාව පිළිබිඹු වන සිදුවීම් ගොන්නට එක කල හැකි තවත් අවස්තාවක් ලෙස මෙය පෙන්වා දිය හැකි අතර ආණ්ඩුව සිය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය ඕනෑම ම්ලේච්ඡ ක්‍රියාවකට යොමු වන බව ද නොරහසකි.

වෙනසක් ලබා දෙන බවට පම්පොරී ගසමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව පෙර පාලනයේ ගමනම නැවතත් වඩා ශක්තිමත් අයුරින් ගමන් කරමින් සිටින්නේ මුහුණු මාරුවෙන් කිසිඳු ප්‍රතිඵලයක් ජානතාවට දිනා දිය නොහැකි බව පසක් කරමිනි.

පුන්කුඩුතිව් පාසල් සිසුවිය විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට පැනයාමට උපකාර කළ ළමා කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නට බලකරමින් යාපනයේ හර්තාලයක් සංවිධානය කර ඇත.

හෙට (30) යාපනයේ මෙසේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධාන කටයුතු කරන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත. මේ හර්තාල් ව්‍යාපාරය පිළිබද පෝස්ටර් යාපනය නගරය අවට අලවා තිබෙන බවද වාර්තා වෙයි. ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට චෝදනා එල්ල වී ඇත. හෙළිව ඇති අන්දමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රාජ්‍ය ඇමතිවරියගේ උපදෙස් මත ස්විස්කුමාර් කොළඹට කැදවාගෙන විත් මුදා හැර ඇත. මෙම චෝදනාව නිසා අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අගෝස්තු 8 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 25වැනිදා නියෝග කළේය. එහෙත් පොලිසියට බලපෑම්කර සැකකරු කොළඹට යවන්නට කටයුතු කළ විජයකලා රාජ්‍ය ඇමතිවරිය අත්අඩංගුවට ගතයුතු යැයි මතයක් ජනතාව අතර තිබේ.

වැලිකඩ බන්ධනාගාර ගැටුමේ ප්‍රධාන සාක්ෂිකරුගේ මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ ගැටුමකින් රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරු වන්නේ සුදේෂ් නන්දිමාල් නැමැත්තායි.

සුදේෂ් නන්දිමාල් මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටියදී ඊයේ රාත්‍රී 11 ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව වාර්තා වෙයි.

නිවසේ ගේට්ටුවට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවට නිරීක්ෂණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එය මෙසේය,

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුව නිවසට වෙඩි ප්‍ර‍හාරයක්

වැලිකඩ අපරාධය වසන් කිරීම සඳහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇත - කීර්ති තෙන්නකෝන්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍ර‍ධානම සාක්ෂිකරු වන නන්දිමාල් මහතා ගේ මොරටුව පුරන්අප්පු රජ මාවතේ පිහිටි නිවසට ඊයේ රාත්‍රී 11 ට පමණ වෙඩි ප්‍ර‍හාරයක් එල්ල වී ඇත. ගේට්ටුවේ වෙඩි පහර සලකුණු දැකිය හැකි අතර, සිද්ධිය වන විට නන්දිමාල් මහතා නිවසේ නිදා සිට ඇත.

වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධාන සාක්ෂකරුට ජීවිත ආරක්ෂාව සලසන ලෙසත්, දැනට සේවයේ නිරත සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නැවත තැවතක් ඉල්ලා සිටී. වත්මන් රජය හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ගේ ධූර කාලය තුළ වසර දෙකකට වැඩි කලක් වැලිකඩ ඝාතන වාර්තාව හමස් පෙට්ටියේ දාමා සිටියේය.

වැලිකඩ අපරාධය වසන් කිරීම සදහා පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද සියලු උත්සහ දරන බව නැවත නැවතත් තහවුරු වී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

2012 නොවැම්බර් මස 11 දින වැලිකඩ බන්ධනාගාරයේ දී, නම් ලැයිස්තුවක් රැගෙන ආ ආරක්ෂක නිලධාරීන් පිරිසක් විසින් ඉහළ නිලධාරියෙකුගේ නියෝග මත තෝරාගත් සිරකරුවන් පිරිසක් දණ ගස්වා හිසට වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. මෙම සිද්ධිය ඇසින් දුටු පිරිස් ඒ බව සිය නීතිඥයින්ට හා ඥාතීන්ට දැනුම් දී ඇත. නන්දිමාල් මහතා එම සිදුවීමේ ප්‍ර‍ධාන සාක්ෂිකරු වේ. සිවිල් සංවිධාන හා ජනමාධ්‍ය මේ පිළිබද තොරුතුරු දිගින් දිගටම අනාවරණය කරනු ලැබීය. නන්දිමාල් මහතා පුවත්පත් සාකච්ඡා, උද්ඝෝෂණ සංවිධානය කරමින් ද, ආරක්ෂක අංශ වෙත සාක්ෂි දෙමින් ද, මෙම සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නම් ගම් සහිතව හෙළිදරව්වක් සිදු කර ඇත.

ඊයේ දිනයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ඒකකය‘ඊයේ නන්දිමාල් ගේ සාක්ෂි සටහන් කර තිබුණි. ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වැඩ තහනමට ලක්වී සිටි නන්දිමාල් ට පසුගිය දා සේවයේ පිහිටවනු ලැබීය. දුම්රිය ප්‍ර‍ධාන ඉංජිනේරු නිලන්ත ප්‍ර‍නාන්දු විසින් ඔහු පළමුව මහනුවර මාරු කරුනු ලැබීය. මහනුවර දී ඔහු ඝාතනය කිරීමේ සැලසුමක් තිබූ බවට සැක මතුව තිබු බැවින් නන්දිමාල් මහනුවර සේවයට වාර්තා කළේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ‘අපේ ආරක්ෂක ලේකම් (ගෝඨාභය රාජපක්ෂ) හිරේ යවන්න හදනවා‘ තමුසෙට හිරකරුවන් මැරුණාට මොකද? යැයි තමාට තර්ජනය කළ බව නන්දිමාල් විසින් ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ පැමිණිලි කොට තිබුණි. මෙම පැමිණිල්ලෙන් පසුව නන්දිමාල් කොළඹ දුම්රිය අංගනයක සේවයට යෙදවූ අතර ඔහුට එහි ද ආරක්ෂාවක් නොමැති බව පවසමින් අභියාචනයක් ඉදිරිපත් කොට තිබුණි. මේ පිළිබද විමර්ශනයකින් පසුව, පසුගිය සතියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් විසින් නන්දිමාල් ඔහුගේ පැරණි සේවා ස්ථානය වන ‘මාලිගාවත්ත බලවේග ධාවනාගාරයේ‘ සේවයේ යොදවන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණි.

නන්දිමාල් මහතා විසින් අභියාචනාධිකරණයට වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ‘රිට් පෙත්සම‘ සැප්. 12 දින විභාගය ගැනීමට නියමිතය. ඔහු ඝාතනය කිරීමේ උත්සාහය පිළිබද ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට‘ යොමු කර තිබූ පැමිණිල්ල සැප්. 5 (ඊයේ) පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වුණි. එහි සාක්ෂි දී පැමිණි නන්දලාල් නිවසේ නිදා ගෙන සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වසර 5 කට ආසන්න කාලයක් රජය වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා නැත. එමෙන්ම, මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති දැනට පොලිස් සේවයේ නිරත නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හෝ පවත්වා නොමැත. වැලිකඩ ඝාතනය සම්බන්ධයෙන් සාක්කිරුවන්රුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය දිගින් දිගටම ඉල්ලීම් කර ඇති නමුත් වත්මන් රජය වැලිකඩ ඝාතනයේ ප්‍ර‍ධානීන් රැකීමට කටයුතු කරන බව අවධාරණය කරයි.

වැලිකඩ ඝාතනයේ සාක්ෂිකරුවන්ට ආරක්ෂාව ලබා දෙන ලෙසත්, මෙම ඝාතනය පිළිබද දැනටමත් ඉදිරිපත් වී ඇති සාක්ෂිමත දැනට පොලිස් සේවයේ නිරතව සිටින සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් බලකරන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා රජයට බල කර සිටී.

මාධ්‍ය ඒකකය
ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය
2017 සැප්. 5