‘වාසනාවන්ත’ චිචී

Date:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ LPL තරඟ සඳහා ද එක්වීමට ‘වාසනාවන්ත’ වී ඇති බව පෙනේ.

රෝහිත රාජපක්ෂ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පුහුණු තරගයකට එක්ව සිටි බවට සඳහන් වූ ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාලයේ සැරිසරමින් පවතියි.

ඔහු අංක 07 සදහන් ඇදුමක්ද සහිතව දඹුල්ල කණ්ඩායමට සඳහා තරඟ වදින බව එම කණ්ඩායමේ සමාජ ජාල ගිණුමේ පින්තූර පල කර ඇත.

මිට පෙර අන්තර් ක්‍රීඩා සමාජ එක්දින තරගාවලියේ තරගයක් සඳහා පසුගිය ඔක්තෝම්බර් මාසයේ එක්වී සිට තිබේ.

කළුතර ක්‍රීඩා සමාජය හා නාවික හමුදා කණ්ඩායම අතර පැවති තරගයේ ඔහු කළුතර ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග වැදිණි.

සිය කුළුදුල් තරගයේදීම ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පිවිසි රෝහිත රාජපක්ෂ මුහුණ දුන් පළමු පන්දුවේදීම ලකුණු නොලබා යළි ක්‍රීඩාගාරය වෙත යැවීමට ප්‍රතිවාදී ක්‍රිඩකයන් සමත්විය.

නාවික හමුදා කණ්ඩායමේ විශ්ව ප්‍රනාන්දු යැවු පන්දුවක් හමුවේ රෝහිත කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යන ලදී.

කෙසේවෙතත්, තමා ක්‍රිකට් පරිපාලනයය එක්වීම සඳහා අන්තර් සමාජ ක්‍රිකට් පිටියට යොමුව ඇති බවට නැගෙන චෝදනා රෝහිත රජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට පිවිසීම සඳහා අනිවර්යෙන්ම ක්‍රිකට් තරග සඳහා ක්‍රීඩා කර තිබිය යුතුය.

තමන්ට නැඟෙන චෝදනා සම්බන්ධයෙන් රෝහිත සිය ට්විටර් ගිණුමේ ප්‍රතිචාර දක්වා තිබිණි.

“@OfficialSLC පරිපාලනය සමඟ සම්බන්ධ වීමට හෝ @LPLT20 සඳහා ක්‍රීඩා කිරීමට මට අදහසක් නැත. අදාළ පුද්ගලයාගේ තහවුරු කිරීමකින් තොරව මෙවැනි අසත්‍ය තොරතුරු මාධ්‍ය වේදිකාවල ප්‍රචාරය කිරීම ඉතා වගකීම් විරහිත හැසිරීමකි.”

රෝහිත රාජපක්ෂ මීට පෙර අභ්‍යාවකාශ පද්ධති ඉංජිනේරුවෙක් බව පැවසුණි. එසේම මහින්ද රාජපක්ෂ ජනපතිව සිටි යුගයේ ඔහු විසින් චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලද බවද පැවසුනි. නමුත් එයට සිදුවූ දෙයක් මෙතෙක් වාර්තා වී නොමැත.

එසේම ගායකයෙකු සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන්ද ක්‍රියාකරනු දක්නට ලැබුණි.

රෝහිත රාජපක්ෂ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබූ බව වාර්තා විය. ගණිතය පිළිබඳ ආචාර්ය උපාධියට අමතරව මානව චර්යාවන් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ තවත් ආචාර්ය උපාධියක් සඳහාද සූදානමින් සිටින බව මෙහිදී ප්‍රකාශ විය.

මේ යන ආකාරයට ඉදිරියේදී රෝහිත රාජපක්ෂ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට පත්වුවද පුදුම විය යුතු නැත.

මේ සියල්ල දෙස බැලීමේදී පෙනී යන්නේ ඔහුගේ පවතින සහජ ‘වාසනා ගුණය’ නිසා මේ සියල්ලක් ලැබී ඇති බවයි. නැතහොත් කිසිදු දෙයක දක්ෂතා නම් පෙන්වා නැත.

මෙම වාසනා ගුණය නිකම් නොලැබේ. තාත්තා හිටපු ජනපති හෝ අගමැති වීම හරහා ලැබුණකි. බාප්පා වර්තමාන ජනපති වීම හරහා ලැබුණකි. නැත්තම් සනුහරේ අනිත් එවුන් ආණ්ඩුවේ ඇමති ධූර දැරීම හරහා ලැබුණකි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...