“ද නිවුස් පේපර් ” චිත්‍රපටය මුවාවෙන් අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයුතු

මෙවර මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණ යටතේ තරඟ කරන බන්දුල ගුණවර්ධන මහතාගේ සම නිෂ්පාදනයක් වූ “ද නිවුස් පේපර් ” නැමති චිත්‍රපටය මඟින් අපේක්ෂකතව ප්‍රවර්ධනයක් සිදුවන බව කැෆේ සංවිධානය මැතිවරණ කොමිසම වෙත දැනුම් දෙයි. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේ ජුලි 02 වනදා දිවයිනේ සියලු සිනමා ශාලාවල නොමිලේ ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වන බවයි.

මෙම චිත්‍රපටය ජුලි 02 වනදා නොමිලේ ප්‍රදර්ශනය කිරීම මඟින් සහ චිත්‍රපටය ප්‍රවර්ධන කටයුතු වලදී ප්‍රචාරාත්මක වාසි අත්කර ගැනීමේ සංවිධානාත්මක අරමුනක් ඇති බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි. මෙම දර්ශන කොවිඩ් මර්ධනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය හැකි බව ජනාධිපති කාර්යාල නිල වෙබ් අඩවිය පවසයි.

මෙලෙස මෙම චිත්‍රපටය මහජනතාවට නොමිලේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල , හමුදාව සහ පොලිසිය වැනි රාජ්‍ය නිලධාරින් ඒ් සඳහා කැඳවා ගැනීම බරපතල මැතිවරණ නීති උල්ලංගණය කිරීමක් වන බව අහමඩ් මනාස් මකීන් මහතා පවසයි.

එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වලදී මහමැතිවරණ අපේක්ෂකයෙකුගේ නම යොදා ගැනීම මඟින් ද මැතිවරණ නීතියේ සදාචාරාත්මක බවට හානියක් සිදුවන වන බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පවසයි.

එබැවින් මෙම චිත්‍රපටය මුවාවෙන් සිදුකිරීමට යන අපේක්ෂකත්ව ප්‍රවර්ධන කටයතු පිළිබඳ සොයා බලා සුදුසු තීරණයක් ගන්නාමෙන් කැෆේ සංවිධානය මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහම්ඩ් මනාස් මකීන් මහතා සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්