17
Sun, Dec

ගමට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලබන සති දෙක තුන ඇතුළත පොල් මිලෙහි යම් අඩුවීමක් බලාපොරොත්තු වන බවත් වැවිල් කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසයි. සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ පැවසීය.

"පොල් ක්ෂේත්‍රයේ හිඟයක් ඇති වෙලා තියෙනවා. මේක ඇත්ත වශයෙන්ම විවෘත ආර්ථිකයේ තියෙන පොදු දෙයක්.

අපිට විවෘත ආර්ථිකයේදී මිළ සම්පුර්ණයෙන්ම පාලනය කරන්න බැහැ. 2015 සහ 2016 දී දැඩි නියඟයක් තිබුණා. ඒ නියඟය නිසා අපේ පොල් නිෂ්පාදනය අඩු වුණා.

ඒ නිසා අවශ්‍ය පොල් ප්‍රමාණය වෙළඳපොළට යන්නේ නැහැ. එම නිසා තමයි මිළ වැඩිවීමක් වෙලා තියෙන්නේ. දෙවෙනි හේතුව තමයි අතරමැදියා.

අපි ගණන් හදලා තියෙන විදිහට අතරමැදියා රුපියල් 30ක වෙනසක් තියාගන්නවා.

පොල් මිළ රුපියල් 50 නම් අතරමැදියා නිසා පොල් ගෙඩියක් රුපියල් 70,80 වෙනවා. අපි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කළා විශේෂ වැඩපිළිවෙලක් යොදවන්න.

අපි ලබන සතියේදී ඒකට කැබිනට් පත්‍රිකාවක් යොදවනවා. විශේෂයෙන්ම ඒ ඒ ගම් අතරට අවශ්‍ය පොල් බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අනුව ලබන සති 02,03 ඇතුළත පොල් වල මිළ යම් කිසි අඩුවීමක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එවැනි ක්ෂණික තීරණ ගැනීමේ හැකියාවක් අපේ අමාත්‍යාංශයට තියෙනවා."

බැඳුම්කර ගනු දෙනු සම්බන්ධයෙන් විමසීමට පිහි‍ටුවා ඇති ජනාධිපති බැඳුම්කර කොමිසම දේශපාලන වුවමනාවක් මත පවත්වාගෙන යන මෙහෙයුමක් බවට විවෙච්න ඉදිරිපත්ව තිබෙන අතර අද දින ඒ සනාත කරන සාක්ෂියක් හසුවී තිබේ.

මහ බැංකුවේ නියොජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද දින බැඳුම්කර කොමිසම් ශාලාව සමඟ පිහි‍ටුවා තිබෙන නීතිපති දෙපාර්තමේන්තු කාර්යාල තුල එහි නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටි බව අනාවරණය වී ඇත. මෙම බැඳුම්කර සිදුවීමේදී චෝදනා ලත් පාර්ශ්ව ලෙස මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ද නම් කර තිබෙන අතර නන්දලාල් වීරසිංහද එවැන්නකි. ඔහුට කොමිසම හමුවේ නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් සිදුකරන ප්‍රශ්න කිරීමවලට පිලිතුරු දෙනවා විනා ඔවුන්ගේ කාර්යාලයට ගොස් කසු කුසු ගෑමේ හැකියාවක් නැත. නනදලාල් වීරසිංහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහයකයා ලෙස කටයුතු කළ අයෙකු වන අතර වත්මන් යහපාලන ආණ්ඩුව බිඳවීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින්නෙකු බවට චෝදනා ලබා ද තිබේ.

මොහු නීතිපතියේ නීතිඥයන් සමඟ රහස් ගනු දෙනු පවත්වන බවට මීට පෙරද තොරතුරු එළිදරව් වී තිබුණද ඒ අතටම අසු වූයේ අද දිනය. මේ අතර බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අද දින ප්‍රශ්න කිරීම සඳහ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ව කැඳවා තිබුණද නීතිපති දෙපාර්තමේන්තු නීතිඥයන් පවසා ඇත්තේ තමන් ඊට සූදානම්ව නොපැමිණි බවය.. මේ පුදුම සහගත තත්වයකි. මෙම කොමිසම ජනාධිපතිවරයා විසින් පත් කරන්නේම අර්ජුන් මහෙන්ද්‍රන් ව ප්‍රශ්න කිරීම ඉලක්ක කරගෙනය. නීතිපති නීතිපති නීතිඥයන් සැදී පැහැදී සිටියේ ඒ වෙනුවෙන්ය. එහෙත් තමන්ට අද දින ප්‍රශ්න කරන්න්ට දෙයක් නැතැයි කීම විහිලුවක් නොවේනම් වෙන ගේමකට සූදානම් වීමකි. නන්දලාල් වීඑරසිංහ එම නීතිඥයන් හමුවීමද එවැනි කුමන්ත්‍රණකාරී මෙහෙයුමක කොටසක් ද විය හැකිය.

මාස ගනනාවක් තිස්සේ මෙම කොමිසම පවත්වාගෙන ගියද මෙතෙක් අදාල බැඳුම්කර ගනුදෙනු 2 තුල වංචාවක් සිදුව ඇති බව ඔප්පු කිරීමට තරම් නිශ්චිත සාක්ෂියක් ලැබී නැත.දේශපාලනික හෙතූන් මත විවිධ පුද්ගලයන්ට අදාල නැති චෝදනා එල්ල කිරීම මිස වෙන කිසිවක් සිදුව නොමැත. මේ අනුව පැහැදිලි වන්නේ මේ අගමැති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ජීවිතය විනාශ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් සිදුවන දැනුවත් කුමන්ත්‍රණයක් බවය.

බණ්ඩාරවෙල අඹදණ්ඩේගම ප්‍රදේශය ඔස්සේ ගලා යන කිරිඳිඔයෙහි ජලය එකවරම සිඳී ගොස් තිබෙන බවත් එසේ සිදුවන්නේ උමා ඔය ව්‍යාපෘතියේ බලපෑම නිසාදැයි සැකයක් මතුව තිබේ.

ඊයේ උදයේ කිරිදි ඔය අසළින් ගමන්ගත් බොහෝ දෙනා ගඟෙහි ජලය සිදීයන ආකාරයක් නිරීක්ෂනය කර ඇත. ගොවීන් සහ ප්‍රදේශවාසීන් විසින් මේ බව දැක ඇති අතර ගගේ ජලකද පොළව අභ්‍යන්තරයට ගලා යන අයුරු ඔවුන් දැක තිබුණි. 2015 පමණ ගලනගම ගම්මානයේ නිවසක කොටසක් හා අවට ඇති ගස්වැල් පොළව තුළට ගිලා බැස තිබූ අතර මෙම ගගදිය අතුරුදන්වී යාමද උමා ඔය ව්‍යාපෘතියේ අනිටු ප්‍රතිවිපාකයක් යැයි ප්‍රදේශවාසීහු අනුමාන කරති.

මේ වසරේ පෙබරවාරි මස 24වැනි දා අඹදණ්ඩේගමදී කිරිදි ඔයේ අතු ගංගාවක් ගිලා බැස නිසා සිදීගිය බවක් වාර්තා විය. මේ නිසා එකවරම කිරිඳිඔයේ ජලය සිඳී යෑම නිසා ප්‍රදේශවාසී ජනතාව මේවන විටද දැඩි බියකින් පසු වෙති.

යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩු තීන්දුව ලබා දී තිබේ.

ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් 7ට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම ඇයගේ පවුලට මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ.

එමෙන්ම මෙම මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් කළ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

2015 වසරේ මැයි මස 13 වනදා යාපනය - කයිට්ස් - පුන්කුඩතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි ශිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මහාලිංගම් ශෂීකුමාර් හෙවත් ස්වීස් කුමාර්, පූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, පූබාලසිංගම් ජෙයකුමාර්, පූබාලසිංගම් තවකුමාර්, මාහලිංගම් ශෂීන්ද්‍රන්, තිල්ලේනාදන් චන්ද්‍රිහාසන්, සිවදේවන් දූෂාන්ත්, පලනි රූපසිංහම් කුගදාසන් සහ ජෙයතරන් කෝකිලන් යන 09 දෙනාට එරෙහිව යාපනය මහාධිරකණය හමුවේ නඩු පවරා තිබුණි.

අධිකරණ ඉතිහාසයේ පළමුවරට යාපනය මහාධිකරණයේදී ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කෙරුණි.

වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයින් වූයේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් සහ ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමශංකර් යන විනිසුරුවරුන්ය.

විද්‍යා දැරිය ඝාතනය සැලසුම්සහගතව සිදුකර ඇති බවට නඩු විභාගය අතරතුර අනාවරණය වූ අතර නඩුවට අදාළ පැමිණිලි පාර්ශවයේ, රජයේ සාක්ෂි හා විත්තිකරුවන්ගේ සාක්ෂි ලබා ගැනීම පසුගියදා අවසන් කෙරුණි.

ඒ අනුව පිටු 332 කින් සමන්විත නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් අද පෙරවරුවේ ආරම්භ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයන්වන දිනේෂ් චන්දිමාල් හා උපුල් තරංග විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතු ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට භාර දෙනු ලැබ තිබේ.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විසින් ක්‍රීඩකයන්ට චෝදනා කරමින් පසුගිය ඉන්දීය සංචාරය පිළිබඳව කළ ප්‍රකාශයක අඩංගු කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මෙම ලිපිය මගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයෝ ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා සිටිති.

මෙම ලිපියේ සඳහන් වන්නේ හිටපු වේගපන්දු ක්‍රීඩකයකු හා තේරීම් කමිටු සාමාජිකයකු වන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මෑතකදී මාධ්‍යකට කළ ප්‍රකාශයන් සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකා කණ්ඩායම "අස්වාභාවික ලෙස තරග පරාජය" වන බවටත් තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවටත් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ චෝදනා කර තිබුණි.
කෙසේ නමුත් මෙම චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් හෝ ක්‍රීඩකයන් කවුරුන්දැයි ඔහු හෙළිකර නැත.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ විසින් එල්ල කරනු ලැබූ චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බවය.
මේ චෝදනා ගැන කඩිනම් පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරන ලෙසත් එම පරීක්ෂණ සඳහා ක්‍රීඩකයන්ගේ සම්පුර්ණ සහය ලබාදෙන බවත් ක්‍රීඩකයන් මෙම ලිපියේ සඳහන් කර ඇතැයි වාර්තා වේ.
මෙවන් ලිපියක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට තහවුරු කළ අතර ඉදිරියේදී ඒ ගැන ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කරනු ඇතැයි ඔහු පැවසීය.

එම ලිපියේ අරමුණ පැහැදිලි කරමින්, නම සඳහන් කිරීමට අකමැති වූ ක්‍රීඩකයෙකු බීබීසීයට කියා සිටියේ "ඔහුට ඇත්ත තොරතුරු තියෙනවනම් ඔහු ඒවා නිසි ලෙස හෙළිකළ යුතුයි. නම් සමග අදාළ තැන් වලට පැමිණිලි කළ යුතුයි. මොකද නිකං චෝදනා කිරීම වැරදියි." යනුවෙනි.

සයිටම් ආයතනය වසා දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද(21) පෙරවරු 8.00 සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට වෛද්‍ය සහ අධ්‍යාපන ක්ශේෂ්ත්‍රයට සම්බන්ධ වෘත්තීය සමිති කිහිපයක් සැලසුම් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද ප්‍රකාශ කළේ රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ප්‍රකාශ කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ද වර්ජනයට සහභාගී වන බවයි.

හෙද සේවාව ඇතුළු වෘත්තීය සංගම් කිහිපයක් වර්ජනයට සහභාගී නොවන බව ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කළේ වැඩ වර්ජනයට සහභාගී නොවන බවයි.

ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස් ගණනින් මේ වන විටබංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලට පලා යමින් සිටින්නේ ජීවිතය බේරා ගැනීමේ අරමුණිනි. කුඩා දරුවන් පවා කපා කොටා දමමින්, හිස ගසා දමමින්, දැරියන් සහ කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක්කරමින් මේ නිරායුධ ජන වර්ගයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මියන්මාරයේ බින් ලාඩන් ලෙස තමන්වම හදුන්වා ගන්නා කුප්‍රකට අශීන් විරතු හෙවත් මුස්ලිම් ජනයාට එරෙහි බෞද්ධ ව්‍යාපාරයේ නායක භික්ෂුවගේ සියලු ක්‍රියාකාරී මැදිහත්වීම් සහිත රාජ්‍ය ත්‍රස්තවාදයයි. මිලිටරි හමුදා විසින් සිදුකරන විනාශය සම්බන්ධයෙන් මුණිවත් රකින අවුං සාං සුකී නායකත්වය මේ මොහොතේ ලොව ඉදිරිපිට දැඩිව අභියෝගයට ලක් වන්නේ මිලියනයකට අධික රොහින්ගා ජනතාව ජීවත් වන රහයින් පළාතේ එම හමුදා විසින් ඇති කරන අමානුෂික භීෂණය හේතුවෙනි. පසුගිය දින කිහිපය තුළ මරා දමනු ලැබූ රොහින්ගා ජාතිකයින් ගණන සියයකට ආසන්නය. පසුගිය දින දහය තුළ කුසගින්නෙන් සහ අධිකතර පීඩාවන් විදිමින් බංග්ලාදේශය බලා පලාගිය ගණන 87,000 ඉක්මවයි. නාසි හමුදා විසින් යුදෙව්වන්ඝාතනය කරමින් කරන්නට උත්සාහ කළ ජන ශුද්ධිකරණයට (ethnic cleansing) සමාන අදහසක් දරමින් මියන්මාරය විසින් ඊළඟට එළඹෙන්නේ සමූල ඝාතනයකට බව එක්සත් ජාතීන්ගේ සංවිධානයආසියානු කලාපයට සහ ලෝක දේශපාලනික බලවතුන්ට අනතුරු අඟවමින් සිටියි. 

රොහින්ගාවරු

රොහින්ගා නැතහොත් ඇරකන් ඉන්දියානුවන් ලෙස හැඳින්වෙන මේ ඉන්දු-ආර්ය ජනවර්ගය මියන්මාරයේ රහයින් පළාතේ වසන්නේ පරම්පරා ගණනක් තිස්සේ රටක් අහිමි අනාථයින් ලෙසය. මිලියන 1.3 ක් වන මේ ජනතාව සමන්විත වන්නේ බහුතර මුස්ලිම්වරුන්ගෙන් සහ සුළුතරයක් වන හින්දුන්ගෙනි. ඉන්දියානු උපමහාද්වීපයේ සිටමියන්මාරයට (මීට පෙර බුරුමය ලෙස හැඳින්විණ.) ජනයා සංක්‍රමණය වීම සියවස් ගණනාවක් තිස්සේ සිදුවූවකි. මේ වන විට බංග්ලාදේශය සහ ඉන්දියානු රජයට අයත් බටහිර බෙංගාලය අතර බෙදී ඇති ඓතිහාසික බෙංගාලි කලාපය සහ මින් පෙර ඇරකන් ලෙස හැදින්වූ රහයින් පළාත සමග ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තිබේ.බෙංගාලි බස කතා කරන පදිංචිකරුවන් පිළිබඳව ඇරකන් පළාතෙන් වාර්තා වන්නේ දාහත් වන සියවසේ සිටය. රොහින්ගා බස බෙංගාලි උප බසක් වන චිතගොං බසට නෑකම් කියයි. එක්දහස් හත්සිය අනූ ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා මෙම ජනවර්ගය රූයිංගානමින් ලේඛනගත කොට තිබුණ ද බුරුම ජාතිකවාදීන් මෙම මූලාශ්‍ර ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ සිට බුරුමය වෙත සිදුවූ ජනසංක්‍රමණය වැඩි වූයේ බුරුමය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබියදී ය. ඇරකන් පළාතේ ජනගහණය විශාල බ්‍රිතාන්‍ය ඉන්දියානු ප්‍රතිශතයකින් සමන්විත වූ අතර ඔවුහු කෘෂිකර්මාන්තයේ සහ වෙළදාමෙහි නියැළුණහ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඇරකන් පළාතේ දෙවැනි විශාලතම ජනගහණය වූයේ ඉන්දියානු මුස්ලිම් ජනගහණයයි. 

රොහින්ගාවරුන්ට අනුව ඔවුන් බටහිර මියන්මාරයේ දිගුකාලීන පදිංචිකරුවන් වන අතර තම ජනගහණය පූර්ව යටත්විජිත මෙන්ම, යටත්විජිත වැසියන්ගෙන් ද සමන්විත ය. නමුත් මියන්මාර රජයට අනුව ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ය.


මියන්රමාර රජයට එරෙහි විරෝධතා (ඡායාරූපය-independent.co.uk)

රොහින්ගාවරුන්ගේ වත්මන් ඛේදවාචකය

සියවස් ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වුවද මෙම ජන කොට්ඨාසයට පුරවැසිභාවය ලබා දීම මියන්මාර රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. 1982 බුරුම පුරවැසි නීතිය යටතේ මෙම තීරණය නීතිගත එකක් බවට පත්වුනේ 1823 පසු සංක්‍රමණය වූ සියලු රොහින්ගාවරුන් හට පුරවැසි අයිතිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරමිනි. ඔවුන්ට රාජ්‍ය අධ්‍යාපනය ද කැමති තැනක ජීවත් වීමේ සහ රාජ්‍ය සේවයේ නියැලීමේ අයිතිය ද අහිමි ය. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු වන යැංහී ලී ට අනුව රජයට සහ අඩ මිලියනයක් වන බෞද්ධ භික්ෂු බලවේගයට අවැසි සම්පූර්ණයෙන් ම රොහින්ගා ජනයාගෙන් තොර 'පිරිසිදු' මියන්මාරයකි. 

ඉතිහාසය පුරා සිදුව ඇති වෙන්කොට සැලකීම් සහ ඔවුන්ට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා එක්හදහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී තීව්‍ර වීමත් සමග පලා යෑම ඇරඹිණි. ගතවුණ වසර පණහ පුරා එසේ පලා ගිය මිලියනයක පමණ ජනතාවක් සරණාගතයින් ලෙසබංග්ලාදේශය, සවුදි අරාබිය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල ජීවත් වෙයි. බුරුම ජාතිකවාදයේ සහ ථෙරවාදී බෞද්ධ බලපෑමෙන් යුක්තව එක්දහස් නවසිය අනූවේ සිට දෙ‍දහස් එකොළහ දක්වා රට පාලනය කළ බුරුම ජුන්ටාව විසින් සුළුතරයක් වන රොහින්ගාවරුන් සේම චීන කෝකන් සහ පැන්තේ ජන කණ්ඩායම්වලට ද දරුණු ප්‍රහාරයන් එල්ල කරන ලදි. ඉන් පසුව පත්වූ රජයන් විසින් එවැනි ක්‍රියා තහනම් කළද 2012 වසරේදී උතුරු සහ දකුණු රහයින් ප්‍රදේශවල විසූ රොහින්ගානුවන් සහබර්මානුවන් අතර ඇතිවූ ගැටුම්වලින් දෙපාර්ශවයට ම හානි සිදුවිය. ඉන් අනතුරුව 2015 දී සිදුවූ පහරදීම් මත මෑත කාලීනව මියන්මාරයේ ඉතිරිව සිටින මිලියනයකට අධික ඉතිරි රොහින්ගාවරුන් ද ජීවිත අවදානම නොතකා සිරියානු සරණාගතයින් මෙන් බෝට්ටුවලින් මුහුදු මාර්ගයෙන් පලා යමින් සිටින්නේ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින භීෂණය මරණීය තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බැවිනි. ආසියානු රටවල සරණාගත ප්‍රතිපත්ති හේතුවෙන් වන ප්‍රතික්ෂේප කිරීම්, අනතුරුදායක මුහුදු ගමන ඇතුළත සිදුවන මරණ, සංක්‍රමණික ක්‍රියාවලිය තුළ සිදුවන රැවටීම් සහ පැහැර ගැනීම, වහල් සේවයේ යෙදවීම මෙන්ම ස්ත්‍රී දුෂණ ද ජීවිතය පිණිස කරන මෙම පලායාම ඔවුන්ට තවත් අසීරු කරමින් තිබෙයි. 

අන්තවාදී මිථ්‍යාවන්වලින් වසන යථාර්ථය

මියන්මාරය තුළ භීෂණය ක්‍රියාත්මක වන්නේ හුදෙක් මුස්ලිම්වරුනට එරෙහිව නොවේ. රොහින්ගා ජනවර්ගයට සහ කුඩා චීන ජන කණ්ඩායම්වලට එරෙහිව ය. පුරවැසි බව ලත් රොහින්ගා නොවන මුස්ලිම්වරුන්ට මෙතරම් ප්‍රබල තර්ජන නැත. රොහින්ගාවරුන්ගෙන් බහුතරය මුස්ලිම් වීම යන්න මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරමින් ජාතිවාදී ගැටළුවක් ලෙස විග්‍රහ කිරීම අන්තවාදී මුස්ලිම් සේම බෞද්ධ බලවේගවල ද කූඨ දේශපාලනික වුවමනාවක් මිස අන් යමක් නොවේ. රහයින් භූමිය පිළිබඳ ගැටළුවක්ව ඔඩු දුවන මේ සියවස් ගණනක් පැරණි තුවාලය පීඩිත ජනවාර්ගික ගැටළුවක් මිස ජාතිවාදී යමක් නොවන බව වටහා ගත යුතු අතර ලොව පුරා තැන් තැන්වල සිදුවන අන්තවාදී ISIS හෝ තලෙයිබාන් ක්‍රියාවන් ට පිළිතුරක් ලෙස පීඩිත රොහින්ගා ජන කොටස සමූල ඝාතනය කිරීමේ සැලසුම සාධාරණිකරණය කිරීම මනුෂ්‍යත්වයට මෙන් ම අවිහිසංවාදය විශ්වාස කරන බෞද්ධ දර්ශනයට ද පටහැණි ය. 

සුළු ජනවර්ගයක් පීඩනයට ලක්කොට අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා ජාතිවාදයේ (Racism) රුදුරු මැජික් යෂ්ටිය යොදා ගැනීම ලංකාවට ද අලුත් දෙයක් නොවේ. පසුගිය දශක පහක් තිස්සේ උතුරු නැගෙනහිරදෙමළ ජනයාට අත් වූ ඉරණම ද දෙමළ වතු කම්කරුවන්ට සියවස් පුරා පුරවැසි අයිතිය අහිමි වූයේ ද අදටත් ඔවුන් සමාජ ගෞරවය අහිමි පිරිසක් ලෙස ජීවත් වන්නේ ද ඒ ජනවාර්ගික (Ethnic) ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙසිනි. සවුදියේ වහාබ් නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සුළුතර මුස්ලිම් කණ්ඩායමක් උත්සාහ දැරීම මෙන්ම ISIS ක්‍රියාකාරකම්වලට පක්ෂ වීම ද බහුතර ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් එරෙහි බව අපට නො පෙනෙන්නේ ද මෙම උපක්‍රමශීලී අර්ථ ගැන්වීම් හේතුවෙනි. අශීන් විරතුගේ ප්‍රචණ්ඩ බුද්ධාගම මෙන් ම ඥානසාරලාසහ ඩෑන් ප්‍රිසාද්ලාගේ මැර බුද්ධාගම ද අප ප්‍රතික්ෂේප කළ යුත්තේ ඒවා මියන්මාරය තුළ නිර්මාණය කරන ලද දේශපාලනික මිථ්‍යාවන් සේම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බැවිනි. ජනවර්ගය මත, ආගම, කුලය මත, ජීවත් වන ප්‍රදේශය මත හෝ ආවේ බෝට්ටුවෙන් ද නැවෙන් ද යන්න මත මිනිස් කුලකයක් පීඩාවට පත් කිරීමට හෝ මරා දැමීමට අනෙක් මිනිස් කණ්ඩායම්වලට හැකිවන්නේ නම් සියලු ආගම්වල සාරය රැගත් බවට බහුතරය විශ්වාස කරන මිනිස් ශිෂ්ටාචාරය පිළිබද අපේ විග්‍රහයන් ප්‍රශ්න කෙරෙන බව අප අමතක නොකළ යුතුය. 


(ඡායාරූපය -rfa.org)

රොහින්ගානු සංක්‍රමණික ගැටළුව සහ ලෝකය

කලාපයීය වශයෙන් ආසියනු රටවල් අතර සහසම්බන්ධිත හෝ නිශ්චිත ක්‍රමවේදයක් පෙනෙන්නට නැති අතර ඒ සඳහා ඒ රටවල ඇති නීතිමය රාමු ද ප්‍රමාණවත් ඒවා නොවේ. ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය සහ මැලේසියාව වැනි ආසියනු රටවල් සරණාගතයින් පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ ගිවිසුමට තවමත් එකඟතාව දක්වා නැතිකම තවත් ගැටළුවක් වන්නේ අදාළ මැදිහත් කිරීම් සඳහා එය බාධාවක් වන බැවිනි. නමුත් එය මේ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට සම්පූර්ණ බාධාවක් නොවන බව පෙනී යන්නේ දේශපාලනික වශයෙන් ඇති වුවමනාව ඇතැම් රටවල් කෙරෙන් දැකිය හැකි වන බැවිනි. බංග්ලාදේශය මේ වන විටත් ලක්ෂ පහක රොහින්ගානු ජනතාවකට රැකවරණය දෙමින් සිටියි. අන්තර්ජාතික සංවිධාන ද අමෙරිකානු එක්සත් ජනපදය ද මියන්මාර රජයට බලපෑම් කරමින් සිටින්නේ මේ සුළුතර ජන කොටස කෙරෙහි ඇතිකරන මරණීය පීඩාව ඉවත් කරගන්නා ලෙසට ය. දේශපාලනික විශ්ලේෂකයින් පවසන්නේ මේ පිළිබඳ මුළු වරද මියන්මාර රජයට පටවමින් නොසිට ගෝලීය සහ කලාපයීය වශයෙන් ක්‍රියාත්මක හැකි යථාර්තවාදී වැඩපිලිවෙලකට යා යුතු බවයි. 

මාලතී කල්පනා ඇම්බ්‍රෝස් boondi.lk

 

අද වනවිට පාසල් වයසේ පසුවෙන්නන්ද අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සාමාණ්‍ය සිදුවිමක් වි තිබේ, පරිඝණකයේ , සීඩි පිටපත් , පෙන් ඩ්‍රයිව් තුල GB ගානේ සිට TB ගනන් දක්වා අසභ්‍ය දර්ශන නැතහොත් ( Porn .. ඔව් ඔව් වැලහතමා ලඟ තබාගන්නා පිරිස සුලභයි. අනෙක් රටවල් තුලදී (Legal Porn) නීති ගත වු අසභ්‍ය දර්ශන සහ එවා ලඟ තබාගැනීමට අවසර ලැබී ඇතත් ලංකාව තුලදි එයට ලැබි ඇති නීතිමය පසුබිම පිලිබද ඔබ දැනුවත්ව සිටිය යුතුයි .

අසභ්‍ය දර්ශන හා නීතිය පිලිබද මුලික කරුණු කිපයක් වේ. එනම්

1.අසභ්‍ය දර්ශන ලගතබා ගැනීම සදහා දැනට පවතින නීතිය

2.අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරීම සහ වරෙන්තු නිකුත් කිරිම

3.ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම

4.පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම

5.අසභ්‍ය දර්ශන වලට පෙනි සිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)

6.සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම

7.සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)

(1) අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම සදහා වන දැනට පවතින නීතිය

ලාංකිය අසභ්‍ය දර්ශන පිටපත් පිලිබදව 2009 කොළඹ අළුත්කඩේ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත හපුආරච්චි මහතා විසින් ලබාදුන් නඩු තීන්දුවකින් පසුව ලාංකිය දර්ශන අඩංගු වෙබ් අඩවි 12ක් පමණ වාරණය වුනි. එමනිසා බොහො දෙනා අතර කතාවට ලක්වුයේ ලාංකිය දර්ශන පමනක් නීතිවිරෝධි බවයි. එහෙත් දණ්ඩ නීති සංග්‍රහයේ 285 සහ 286 වගන්තිවල සදහන් වන අන්දමටහ් ඔබට කිසිම අසභ්‍ය දර්ශනයක් ලග තබාගැනිමට නීතියෙන් අවස්ථාවක් නොමැත. ඔව්.. ඔබ කිනම් වයස් කාන්ඩයක වුවත් කිනම් තරාතිරමක පුද්ගලයෙක් වුවත් ඔබට අසභ්‍ය දර්ශන ලග තබාගත නොහැක. එය දන්ඩ නිති සංග්‍රහයට අනුව නිති විරොධි ක්‍රියාවකි. අසභ්‍ය දර්ශන ලග තබාගෙන අත්අඩංගුවට පත්වූ අවස්ථා එදිනෙදා ජිවිතයේදි නිතර ඇසෙන්නට නොලැබුනත් මෙය නිහඩව ක්‍රියාත්මක වන දැඩි නිතියකි. මෙහිදි ඔබ වැරදි කාරයෙකු වුවහොත් සිරගත කිරිම්(මෙය පිලිබද ලිපියේ විස්තරාතමකව කතා කිරිමට බලාපොරොත්තු වේ) හො දඩ ගෙවිම් හා දේපල රාජසන්තක කිරිම් වලට ලක්විය හැක.

(2) අත්අඩංගුවට ගැනිම් , සොදිසි කිරිම සහ වරෙන්තු නිකුත් කිරිම

1.හොඩුවාවක් මගින් අත්අඩංගුවට ගැනිම්

අසභ්‍ය දර්ශන අඩංගු නිශ්චිත ස්ථානයක පරිඝණකයක , දෘඩාංගයක , සිඩි-ඩිවිඩි පතක් පිළිබදව හෝඩුවාවක් මත පොලිසියට වරෙන්තුවක් නොමැතිව එබ භාන්ඩද , පුද්ගලයාවද අත්අඩංගුවට ගැනීමට අවසර ඇත. ඔනැම අයෙකුට පොලිස් හදිසි ඇමතුම් අංශයට 119 හෝ ආසන්නම පොලිස් ස්ථානටය අසභ්‍ය දර්ශන ලග තබාගන්නා පුද්ගලයෙක් හෝ පරිඝණකයක් , සිඩි / ඩිවිඩි පතක් ගැන නිස්චිත හෝඩුවාවක් ලබා දිය හැක.මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් අනතුරුව වැරදි කරුවෙකු වුවහොත් උසාවියට ඉදිරිපත් කර දඩුවම් ලබාදිමක් සිදුකරයි.

2.අහඹු ලෙස ජංගම දුරකථන පරික්ශාව

පොලිස් නිලධාරියෙකුට ඔබ ගමන් ගන්නා විටදි ඔබගේ ජංගම දුරකථනයේ අසභ්‍ය දර්ශන තිබේදැයි වරෙන්තුවක් නොමැතිව පරික්ශා කල නොහැක. එසේ කිරිමට හැකියාව ඇත්තේ හෝඩුවාවක් ලැබි හෝ විවෘත වරෙන්තුවක් මතය (Open Warrant). එහෙත් ඔබව වෙනයම් ක්‍රියාවකට අත්අඩංගුව ගැනිමකදි ඔබගේ ජංගම දුරකථනය සෝදිසි කිරිමට පොලිසියට අවසර ඇත. පොලීසිය විසින් ඔබගේ ජංගම දුරකථනය පරික්ශාවට විමසිමේදි එය සදහා ඇති වරෙන්තුව පිලිබදව ප්‍රශ්ණ කිරිමට ඔබට අයිතියක් ඇත. වරෙන්තුවක් හෝ නිස්චිත හොඩුවාවක් නොමැතිනම් ඔබගේ ජංගම දුරකථනය ලබාදිමෙන් වැලකිය හැකිය. අද වන විට සමාජයේ නොදැනුවත් කම නිසා බොහො පොලිස් නිලධාරින් වරෙන්තු නොමැතිව ජංගම දුරකථන පරික්ශාව සිදුකරණු ලබයි.

3.අසභ්‍ය දර්ශන සොදිසි කිරිම සදහා ගනු ලබන විවෘත වරෙන්තු (Open Warrant)

විවෘත වරෙන්තුවක් යනු නිස්චිත නිවසක් , රැකියා ස්තානයක් , දෙපලක් හෝ පුද්ගලයෙක් ඉලක්ක නොකර උසාවියෙන් ලබාගන්නා සොදිසි කිරිම් වරෙන්තුවකි . උදාහරණයක් ලෙස මෙම නගරය තුල අන්තර්ජාල ශාලා(Internet Cafe) , සිඩි / ඩිවිඩි වෙලද සැල් සොදිසි කිරිමට විවෘත වරෙන්තුවක් ලබාගත හැක.මෙහිදි පොලීසියට අහඹු ලෙස තොරාගත් ස්ථාන පරික්ශා කිරිමට හැකියාව ඇත. ජංගම දුරකථන පරික්ශාව සදහා ඔනැම ප්‍රිසිද්ධ / මිනිසුන් නිතර ගැවසෙන උද්‍යාන , සුපිරි වෙලද සංකිර්ණ , පාසලක් අවට තොරාගැනීමට පොලීසියට මෙම වරෙන්තුව යටතේ හැකියාව ඇත.

2014 මැයි මස පොලීසිය ලබාගත් විවෘත වරෙන්තුවක් මගින් මහනුවර නගර මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊද සිල්වා උද්‍යානය තුලදි ජංගම දුරකථන පරික්ශාවක් සිදුකලේය. මෙහිදි අසභ්‍ය දර්ශන අඩංගු ජංගම දුරකථන හිමියන් 39 දෙනෙකු මහනුවර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබිනි.දඩ මුදලකටද යටත්ව ඔවුන් භාවිතා කළ ජංගම දුරකතන රාජසන්තක කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. (දිණමින 2014-5-21)

4.නරබමින් සිටින විටදි අත්අඩංගුවට ගැනිම්

මගි ප්‍රවාහන බස්රථයකදි / දුම්රිය පොලකදි හෝ අන්තර්ජාල ශාලාවක් තුලදි ඔනැම ප්‍රසිද්ධ ස්ථානයකදි අසභ්‍ය දර්ශන නරබමින් අසුවුවහොත් වරෙන්තුවකින් තොරව ඔබව අත්අඩංගුවට ගැනීමට පොලිසියට අවසර ඇත. මෙහිදි ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් වලින් පසුව උසාවියට ඉදිරිපත් කරනු ලබයි.

5.පෞද්ගලික ස්ථානයක්(නිවසක් / වෙලද සැලක්) ඉල්ලක්ක කර සැකපිට සෝදිසි කිරිම් මගින් අත්අඩංගුවට ගැනිම

හොඩුවාවක් නොමැතිව නිස්චිත නිවසක් / ව්‍යාපාරික ස්ථානයක් ඉලක්ක කරගනිමින් සොදිසි කිරිමට උසාවියෙන් වරෙන්තුවක් ලබාගත යුතුය. මෙහිදි සොදිසි කිරිම් කරන අවස්තාවේදි අසභ්‍ය දර්ශන හමුවුවහොත් එම පරිගනකය , ජංගම දුරකථනය , සිඩි / ඩිවිඩි පත් හා එහි අයිතිකාර පුද්ගලයා අත්අඩංගුවට ගනු ලබයි. යම් හෙයකින් එම අවස්ථාවේ අසභ්‍ය දර්ශන සන්තකයේ නොතිබුනේනම් (තිබි ඩිලිට් කර ඇත්නම්) එය නැවත ස්ථාපනය (රිකවරි) කිරිමක් කර නඩු පැවරිය නොහැක.

2015 පෙබරවාරි මස මාතලේ නගරය අවට පාසල් සිසුන් ඉලක්ක කර අසභ්‍ය DVD අලෙවි කරන ලබන බවට සැකකෙරෙන වෙළඳසැලක් වැටලා සොදිසි කිරිමට මාතලේ පොලිසිය විසින් වරෙන්තුවක් ලබාගත්තේය. එම වැටලිමෙන් පසුව DVD 50 ක් පමණ හා අසභ්‍ය විඩියෝ දර්ශන 500 ක් පමණ ගබඩා කර තිබු පරිගණක යන්ත්‍රයක් සමඟ එක් සැකකරුවෙක් අත්තඩංගුවට ගනු ලැබුවේය. (හිරු 2015-2-5)

(3) ලමා අසභ්‍ය දර්ශන (Child Porn) ලගතබා ගැනිම

ලමා අසභ්‍ය දර්ශන සදහා අනෙක් රටවල් තුල දැඩි නීති පනවා ඇත. නිත්‍යානුකුල අසභ්‍ය දර්ශන(Legal Porn) ලගතබා ගත් හැකි වුවත් ලමා දර්ශන ලග තබාගැනීමකදි දඩ / දෙපල රාජසන්තක කිරිම් හා අවුරුදු කිපයක සිරගත කිරිමකටද ලක්විය හැක. එහෙත් ලංකාව තුලදි විදේශික ලමා අසභ්‍ය දර්ශන වැටෙනුයේ සාමාන්‍ය අසභ්‍ය දර්ශන ඝණයට වේ. එහෙත් ලාංකීය ලමුන්ගේ(අවු 16 අඩු) අසභ්‍ය දර්ශන ලග තබාගැනීම අපරාධ ක්‍රියා ඝණයට වැටෙන අතර ළමා ආරක්ෂණ අධිකාරියෙන් නඩු පැවරිමක් සිදු කරයි.මෙහිදි නිත්‍ය වශයෙන්ම සිරදඩුවම්ද ලැබිමට ඉඩ ඇත.

(4) පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදා හැරිම

අන් අයෙක්ගේ පෞද්ගලික අසභ්‍ය දර්ශන සොරකම් කර අවසරයක් නොමැතිව අන්තර්ජාලයට මුදා හැරීම අපරාධ ඝණයට අයත් වන ක්‍රියාවකි. පොලිස් අපරාධ අංශයට මේ පිලිබදව පැමිනිල්ලක් ලැබුනහොත් පරිඝණක අංශයේ සහය ඇතුව පුළුල් පරික්ශනයක් සිදුකරනු ලබයි . මෙහිදි එම පුද්ගලයා නිතියට අසුවුවහොත් මහේස්ත්‍රාත් වරයාට ඉදිරිපත් කර දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි. තවද එම දර්ශනයේ සිටින පුද්ගලයාටද ඔහුට විරුද්ධව සිව්ල් නඩුවක්ද ගොනුකල හැක මෙහිදි ඔහුට වන්දි ගෙවිමටද සිදුවෙනු ඇත

(5) අසභ්‍ය දර්ශන වලට පෙනිසිටිම සහ රුගත කිරිම (බාලවයස් කාර / වැඩිහිටි)

බොහෝ ලාංකිය පෞද්ගලික අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට අනවසරයෙන් හා දැනුවත්ව පිට වි ඇත . එහි පෙනිසිටින්නන් අවුරුදු 16 ට වැඩිනම් ඔවුන්ට නිතිමය වශයෙන් ප්‍රශ්ණයක් සිදුවන්නේ නැත. යම්හෙයකින් එහි 16 ට අඩු ගැහැනු දැරිවියක් සිටීනම් පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය එය පිලිබදව පරික්ශන පවත්වනු ලබයි. දෙදෙනාගේ කැමැත්තෙන් එම ක්‍රියාව සිදුවුවද ගැහැනු දැරිවිය අවු 18ට දක්වා පරිවාස භාරයට ලක් කර එම පුද්ගලයාට බාලවයස්කාර /ස්ත්‍රි දුශන නඩුවක් ගොනු කරනු ලබයි.ඉහත කි ආකාරයට අවු 16ට අඩු බාලවයස්කාර අසභ්‍ය දර්ශන ලග තබාගැනීමද පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය මගින් නඩු පවරා සිරදඩුවම් ලැබිය හැකි වරදකි.

දැනුවත් කිරිමක් ලෙස : 2010 වසරේදි ලාංකිය අසභ්‍ය දර්ශන වල පෙනිසිටි තරුණියන්ගේ චායාරුප මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඔවුන් සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කාන්තා හා ළමා කාර්‍යංශය කටයුතු කලේය . එහෙත් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනිම හා ඇතිවු වෙනත් ගැටලු හෙතුවෙන් එය නිශ්පල ක්‍රියාවක් වුනි.මෙහිදි තරුණියන් කිපදෙනෙකු සොයාගනු ලැබුවත් ඔවුනට නඩු පැවරිමක් සිදු නොවුනි.

(6) සිරභාරයට ගැනිම් / දඩ ගෙවිම් සහ දේපල රාජසන්තක කිරිම

දැනට පවතින නීතිය අනුව අසභ්‍ය දර්ශන ලගතබාගැනිමේ වරදට මාස 3ක සිරදඩුවමක් ලබාදිය හැක. එහෙත් අදවනවිට එය දඩගෙවිමට පමනක් සිමා වි ඇත. මෙහිදි නිස්චිත දඩ මුදලක් නොමැති අතර එය 2500 , 5000, 7500 හා රුපියල් ලක්ශය දක්වා වැඩි වුන අවස්ථාද ඇත. එම මුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසින් එම වරදේ බරපතලකම අනුවය. තවද එම අසභ්‍ය දර්ශන සහිත පරිඝණයකද , ජංගම දුරකථනයද සිඩි / ඩිවිඩි පත් , ජංගම දෘඩාංග , ලැප්ටොප් පරිඝණක රාජසන්තක කරනු ලබයි.

සිරභාරයක ලක්විය හැකි කරුණු ලෙස පෙන්වා දිය හැක්කේ ලාංකීය ලමා අසභ්‍ය දර්ශන ලගතබා ගැනිම හා පෞද්ගලික දර්ශන සොරකම් කර අන්තර්ජාලයට මුදාහැරිම වේ. මෙවා අපරාධ ඝණයට ඇතුලුවන ක්‍රියාවන් වේ. මෙහිදි දවස් 14 ක් පමණ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව නඩු මාර්ගයට යොමුවි දඩුවම් ලබාදිමක් සිදුකරයි

(7) සැලකිලිමත් විය කරුණු සහ FAQ (නිතර ඇසෙන ප්‍රශ්න)

සැලකිලිමත් විය යුතු කරුණු වනුයේ කිනම් ආකාරයකින් වත් ජංගම උපකරණ තුල අසභ්‍ය දර්ශන ලගතබා නොගැනිමයි (ලැප්ටොප් පරිඝණක , පෙන් ඩ්‍රයිව් , සිඩි- ඩිවිඩි පිටපත් , මෙමරි කාර්ඩ් , ජංගම දෘඩාංග(Portable Hard Disk) , ජංගම දුරකථන ). නොසිතු වෙලාවක ඔබට දඩ ගෙවිමටද ඔබගේ එම උපකරණද රාජ‍සන්තක විමටද ඉඩකඩ ඇත.ප්‍රසිද්ධ ස්ථාන , අන්තර්ජාල ශාලා තුලදි අසභ්‍ය දර්ශන නැරබිමෙන් ඔබව නිතියට හසුවීමට ඇති ඉඩකඩ වැඩිය.

පාස්වර්ඩ් දාලා හංගලා තියෙන්නේ . අත්අඩංගුවට ගන්න පුලුවන්ද ?

වරෙන්තුවක් පිට ඔබගේ පරිඝණකය සොදිසි කිරිමකදි එය සගවා හෝ මුරපදයක් දමා තිබුනහොත් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරිම් හා සොදිසි කිරිම් සදහා රඳවාගැනීමේ නියෝගයක් ලබාගනී. මෙහිදි ඔබට මුර පදය / සගවා ඇති ස්ථානය අනිවාර්යයෙන් ලබාදිමට සිදුවේ (කිව්වේ නැති උනාට අවුලක් නැහ් දෙකක් වදිනහ් කොටහ් නිකම්ම පිටවෙයි :v )

බාගතනොකර බැලුවට ප්‍රශ්ණයක් නැද්ද ?(නිවසක් තුලදි)

පෞද්ගලික නිවසක් තුලදිනම් ප්‍රශ්නයක් සිදුවිමට ඇති ඉඩකඩ බොහෝ අඩුය. එහෙත් වරෙන්තුවක් පිට සොදිසි කිරිමකට පැමිනෙන අවස්ථාවකදි ඔබ නිවස තුල නරබමින් සිටියොත් එම අවස්ථාවේම සොදිසි කිරිමකින් තොරව අත්අඩංගුවට ගැනිමට පොලීසියට අවසර ඇත. මෙහිදි අසභ්‍ය දර්ශන සදහා නිවසක් සොදිසිකිරිමට නිතියෙන් හැකි නමුත් එය නිවසක් ඉලක්ක කරගනිමින් බොහොදුරට සිදුනොවන / ඉතා කලාතුරකින් සිදුවන ක්‍රියාවකි

අසභ්‍ය දර්ශන ලගතබාගත්තා. එත් එවා ඩිලිට් කරා ප්‍රශ්ණයක් වෙයිද ?

වරෙන්තුවක් හෝ හොඩුවාවක් මගින් සොදිසි කිරිමකදි ඔබ සන්තකයේ එම දර්ශන නොමැතිනම් රිකවරි(දෘඩාංග) කර බලා නඩුදැමිමට හැකියාවක් නොමැත.

ලග තබාගත් අසභ්‍ය සිඩි-ඩිවිඩි පත් ගනනට අනුව දඩ මුදල වැඩිවනවාද ?

දඩමුදල තිරණය කරනුයේ මහේස්ත්‍රාත්වරයා විසිනි. එක් සිඩි / ඩිවිඩි පතක් සදහා නියමිත දඩමුදලක් නොමැති නමුත් ඔහුගේ වරද මත එම දඩමුදල ඉතා ඉගල අගයක් විමට ඉඩ ඇත.

ස්වකැමැත්තෙන් තමන්ගේ නිරුවත් දර්ශන / චායාරුප අන්තරජාලයට මුදාහැරිම නිතිවිරෝධිද ?

දැනට පවතින නිතිය අනුව ඔවුන්ට නඩු පැවරිමක් හෝ අත්අඩංගුවට ගැනිමක් සිදු කරන්නේ නැත. එහෙත් වයස අවුරු 16ට අඩු නම් නිතියෙන් ප්‍රශ්ණ ඇතිවිය හැක.

නිතිමය කරුනූ සොයාගැනිමට සහයදුන් තනුජක සොහොයුරාට විශේශ ස්තුතියක් ලැබිය යුතුය

 

උපුටා  ගැනීම. මනුෂගේ  බ්ලොග්  සටහන 

අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සඳහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියලූම සේවකයින් හෙට දින පෙ.ව 08.30ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යෙන් වාර්ථා කළ යුතු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලබන බව මාධ්‍ය වෙත නිවෙද්නයක් නිකුත් කරමින් අමාත්‍යාංශ මාධ්‍ය ප‍්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසයි.