Breaking News

කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට එරෙහි මර්දනයට විරුද්ධව ජනතාව දැනුවත් කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ගේ නිදහස වෙනුවෙන් හඬ නැගූ ශිෂ්‍ය නායකයන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම, සිසු නායකයන්ට වසර ගණන් පංති තහනම් කිරීම සහ විශ්වවිද්‍යාලයේ සවිකරතිබූ සී.සී.ටී.වී. පද්ධතිය ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 51 ක වන්දියක් ඉල්ලා සිටීම ආදි කරුණු රැසක් මූලිකරගනිමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරියේ අද (4) පෙරවරුවේ ජනතාව දැනුවත් කිරීමක නිරත විය.

මෙහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනතාව දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදාදුන් අතර එම මර්ධනයට එරෙහිව ජනතාවගෙන් බැනරයකට අස්සන් ලබාගන්නා ලදී.

leave a reply