ජනාධිපතිවරණ අපේක්ෂකයෙකුගේ ඇප මුදල රුපියල් ලක්ෂ විසි හතරයි .

මැතිවරණ අපේක්ෂකයන් තැන්පත් කළ යුතු ඇප මුදල් අසාධාරණ ලෙස ඉහළ නැංවීම පිළිබඳව විරෝධය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් බාර දෙනු ලැබීය. මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ  ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සහ පක්ෂයේ මධ්‍යම කාරක සභික සුජිත් කුරුවිට සම්බන්ධ වී සිටියා .

මැතිවරණ කොමිෂන් සභාවට ලිපිය භාරදී පැමිණි දුමින්ද නාගමුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමින් කියා සිටියේ ඇප මුදල් වැඩි කිරීම හරහා පොදු ජනතාව මත පදනම් වෙලා දේශපාලනය කරන සියලු ව්‍යාපාරවලට මෙය විශාල ගැටලුවක් වන බවයි. අසාධාරණා ඇප මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන පක්ෂයක් මේ වන විට විරෝධය පළ කර නැති බවත් එහි තේරුම වන්නේ  එම පක්ෂවලට මේ ඇප මුදල් තැන්පත් කිරීම ගැටළුවක් නොවීමත් , මැතිවරණ සමය එළැඹෙන විට සමහර පක්ෂ වලට තානාපති කාර්යාල හරහා මුදල් පොම්ප කිරීම මගින් ගැටලු විසඳන බවයි . මේ ක්‍රියාවලිය හරහාද ආණ්ඩුව ක්‍රියාත්මක කිරීමට සූදානම් වන්නේ තිවරණවලට ඉදිරිපත් වීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමකි .

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...