මන්නාරමේ සුළං විදුලි බලාගාර ගැන ‘අදානි’ යෝජනාවලට කැබිනට් අනුමැතිය

අන්දෝලනයකට ලක්ව ඇති මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පූනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධන කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022.3.7 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ.

එකී කමිටුවේ නිර්දේශ මත පදනම්ව යෝජිත ව්‍යාපෘතිය යටතේ නිපදවන විදුලිය සඳහා කිලෝවොට් පැයකට ඇමරිකා ඩොලර් ශත 8.26ක අගය ( සැබෑ විනිමය අනුපාතය අනුව ශ්‍රී ලංකා රුපියල් වලින් ගෙවීමට යටත්ව) අවසන් ගාස්තුව වශයෙන් පිළිගැනීමටත් වසර විස්සක කාල සීමාවක් සඳහා M/s Adani Green Energy Limited වෙත විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය පිරිනැමීමටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙම විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වීමට හේතුව වී ඇත්තේ මේ හරහා සිදුවිය හැකි විශාල පරිසර හානිය සම්බන්ධවයි. විශේෂයෙන් මේ ප්‍රදේශය හරහා රට තුළට පැමිණෙන සංචාරක පක්ෂීන්ට හානියක් විය හැකි බවට මත ඉදිරිපත් විය. ඊට අමතරව මේ ප්‍රදේශයේ ධීවර කටයුතුවලට හානිවිය හැකි බවට එම ප්‍රදේශයේ ජනතාව විරෝධය දක්වමින් සිටියි. ඊට අමතරව අදානි සමාගමේ මිල ගණන් සම්බන්ධයෙන් ද විරෝධය එල්ල වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...