පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දෙවන වසර ශික්ෂණලාභිනියක වන දිලිනි කෞෂල්‍යා හේරත් සිය කුළුදුල් නවකතාව “ප්‍රභාෂ්වර”නමින් අද (2023.12.06) දින රඹුක්වැල්ල ශාලාවේදී දොරට වැඩි අතර ප්‍රභාෂ්වර ගැන මගේ කියවීම මෙහි සංශිප්තව සටහන් කරමි.
අනර්ඝා නම් අලුත ගුරුපත්වීමක් ලැබ සිය පියාගේ ගම වන මාරගස්වැව ගම්මානයට ගොස් එහි අලුතෙන් ම අරඹන පාසලක සේවයට පැමිණි කතා නායිකාවක වටා ගෙතුන අපූරු වියමනක් ලෙස මෙම නවකතාව හැඳින්විය හැකිය. දිලිනි කෞෂල්‍යාගේ කතා ගෙත්තම හරිම චමත්කාර ජනකය.එහි සොබා සෞන්දර්යය වර්ණනාව හා ගහට කොළට සතා සීපාවාට පමණක් නොව පරිසරයේ අපූර්වත්වයට ඇති ඇල්ම ගැන කරන ගොතන වාග් සිත්තම් චමත්කාරජනකය. කතාවේ ආරම්භයේ දීම අපේ ජනමූල විඥානය ස්පර්ශ කරමින් වෘක්ෂ දේවතාවන් ගැන කොල්ලො කුරුට්ටන්ගේ සිත් තුළ මවන සිත්තමත් කතාවේ අවසන් භාගයේ දී ස්වේතා නම් දියනිය මව හා දේදුන්නේ පාට ගැන කරන කතා බහත් පරිසරය විඳින්න අපවත් අපේ දරුමුණුබුරු පරම්පරාත් උනන්දු කරවයි.අද අපේ සමාජ දේහයම අප ජීවත්වන පරිසරය ගැන තඹ දොයිතුවකට මායිම් නොකර කරනා අපහරණයන්ගේ පීඩනය ඇය මැනවින් හදුනා ගෙන ඇති බව පැහැදිලිය.
ගුරුවරියක ලෙස පරිසරය හා බැඳුණු ඇල්ම ඊළඟ පරම්පරාවට කාන්දු කරන්න ගෙන ඇති වෑයම අගය කළ යුතු ය. එමෙන් ම පංති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ දී මුණ ගැහෙන විවිධත්වයෙන් යුත් ශිෂ්‍යයන් පිළිබඳව ගැඹුරු කියවීමකට අපව මෙහෙයවන දිලිනි කෞෂල්‍යා ඈත දුෂ්කර ගමක පාසලක් ආරම්භ කරන්න වෙර වෑයම් දරන විදුහල්පතිවරයෙකුට අනර්ඝා මගින් අත්දෙකම ඔසවා එය ක්‍රියාවේ යෙදවීමට වෙහෙස ගන්නීය.රුසියන් ලේඛක චිංගීස් අයිත්මාතව් ගේ ගුරු ගීතය මෙන් ලංකාවේ ද එවැනි ගුරුවරුන් සිටීදැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැක.එහෙත් භූමියේ යථාර් ථය නම් අද ද එවැනි පාසල් හා ගුරුවරුන් සිටින බවට සමාජ මාධ්‍ය පුරා සැරි සරන කොයි කාටත් දැක බලා ගත හැකිය.”2020 global teacher “සම්මානයෙන් පුද ලද ඉන්දීය තරුණ ගුරුවරයෙකු වූ රංජිත් සිං වගේම දිඹුලාගල ඈත දුෂ්කර ගම්මානවල පාසල් නොයන දරුවන් සොයා ගෙන්ගෙට ගිය සැටිත් වැඩබිම් හා කෙත්බිම්වල ඇවිද ගිය සැටිත් මට කියවාගන්නට ලැබුණ තවත් කතා රාශියක් ද මේ පොත කියවනවිට නොදැනීම මගේ මතකයට ආ බවද සටහන් කරනු කැමැත්තෙමි.ඈත අම්පාරේ දෙමටමල් පැළැස්ස .තිරිකුණාමලයේ ඇත දුෂ්කර ගම්මානයක දරුවන් ට 6 ශ්‍රේණියෙන් ඉහළ කටුමැටි ගෑ ගොම මැටි සහිත බිමක මඩුවක් සකසා පංති ආරම්භ කර ඉගැන්වීම් කළ ගුරුවරුන් ගැන ආසන්නම උදාහරණ කිහිපයකි.දිලිනි කෞෂල්‍යා මේ කෘතිය ඔස්සේ අප කියවූ පරිසර හිතකාමී කතාවලට පමණක් නොව දරුවන්ගේ ඉගෙනුම් දුෂ්කරතා පිළිබඳව ගැඹුරින් වටහාගෙන ඒ සඳහා මැදිහත්වන ක්‍රියාමූලික පර්යේෂණයක් බඳු කෘතියක් ලෙස ද මට හැඟෙයි.ලෝ සුපතල නව්කතාකරුවන්ගේ කතාවල දක්නට ලැබෙන ගැඹුරු මානව සම්බන්ධතා හා ඒ කෙරෙහි හෙළන මානුෂීය දෘෂ්ටිය හා තවත් තැනක උසුරුවන බස හරිම අපූරුය.ඇය අංකුර නවකතාකාරියක ලෙස අප ඉදිරියේ දැක්වූ බුහුටිකමත් මෙම කෘතිය තුළ සැඟව ඇති දිලිනි කෞෂල්‍යාගේ ළමා කතා කාරිය එලියට ගැනීමට හැකිනම් අපූරු ළමා කතාකාරියක අනාගතයට දායාද වනු ඇත.භස උසුරුවන අයුරු හරිම අපූරුය.නොස්ටැල්ජියානු චින්තනය කරපින්නාගෙන යන චින්තන ධාරාවකට වඩා තාක්ෂණ මිනිසාගේ පරම්පරාවේ චින්තන ධාරාව ප්‍රසාරණය කරවන සුළු අපූර්වත්වයෙන් යුතු කතා ඇයගෙන් ඉතා නුදුරේම බිහිවනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.ප්‍රභාෂ්වර කියවන්න.එය සෑම ගුරුවරයෙකුම කියවිය යුතුම පොතක්.ගුරුගීතයෙන් ලද ආස්වාදය විඳ ගන්න ගමන් නූතන පරම්පරාවේ ගුරුවරියක වෙන්න හීන මවන දිලිනි කෞෂල්‍යාගේ ප්‍රභාෂ්වර තුළින් මැවෙන ගුරුවරියගේ හැඩතලය ද කියවා ගන්න.අපි ඔබට ඇරයුම් කරමු.