JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් අත්හරින එක ප්‍රගතිය පැත්තට පියවරක් – පාඨලී

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම්වල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ ඡායාරූප යොදා නොගැනීම තමන් සළකන්නේ ප්‍රගතිය පැත්තට තැබූ පියවරක් ලෙස බව පාඨලී චම්පික රණවක පවසා තිබේ.

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව ද ඔහු පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චම්පික රණවක මේ බව සඳහන් කර ඇත.

මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දරන අදහස කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී චම්පික රණවකගෙන් විමසා තිබුණි.

ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා,

“එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා.ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා.

සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියටයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...