JVP එක කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් අත්හරින එක ප්‍රගතිය පැත්තට පියවරක් – පාඨලී

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම්වල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්ගේ ඡායාරූප යොදා නොගැනීම තමන් සළකන්නේ ප්‍රගතිය පැත්තට තැබූ පියවරක් ලෙස බව පාඨලී චම්පික රණවක පවසා තිබේ.

ලාල් කාන්ත මහතා සමාජවාදය අතහැරීම පිළිබඳව සතුටට පත් වන බව ද ඔහු පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චම්පික රණවක මේ බව සඳහන් කර ඇත.

මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් දරන අදහස කුමක්දැයි මාධ්‍යවේදියා මෙහිදී චම්පික රණවකගෙන් විමසා තිබුණි.

ඊට පිළිතුරු දුන් චම්පික රණවක මහතා,

“එහෙම අදහසක් එන විදියට කියලා තියෙනවා මාත් දැක්කා. මටත් ඒ ගැන කවුරු හෝ එවලා මමත් ඒක බැලුවා.ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පැරණි මාක්ස්වාදී හැව අතහරින්න කියලා.

සමහරු මං දැක්කා ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියටයි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...