වතු කම්කරු වැටුප් වැඩිකිරීමට සමාගම් එකඟ නැහැ

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ඊයේ(01) රනිල් වික්‍රමසිංහ විසින් පවසා තිබුණි.

කොටගල මහජන ක්‍රීඩාංගණයේ අද (01) පෙරවරුවේ පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැළියට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මේ බව පැවසීය. එසේම පසුව පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැස්වීමේදීද කම්කරු ඇමති මනුෂ නානායක්කාර මේ බව පැවසීය.

මෙයට අදාළ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇති බව වාර්තා වේ. නමුත් වතු හිමිකරුවන්ගේ සංගමය පවසන්නේ රු 1700ක් ලබාදිය නොහැකි බවයි . එසේම වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර තමන් සමඟ කිසිදු සාකච්ඡාවක් සිදු නොකළ බවත් ඔවුන් පවසයි.

අද (02) නිලධාරීන් සමඟ පවත්වන සාකච්ඡාවකින් පසු වතු කම්කරු වැටුප සම්බන්ධ ආණ්ඩුවේ තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවද එම සමාගම් පවා තිබේ.

වතු කම්කරුවන් ඉල්ලා සිටියේ රු 2000ක වැටුප් වැඩිවීමකි. දැන් ආණ්ඩුව 1700කින් පමණක් වැටුප් වැඩිකර තිබේ. එම වැටුප් වැඩිවීමද ආණ්ඩුව සහ වතු හාම්පුතුන් අතර කඹ ඇදිල්ලක් දක්වා දුර දිග යාම හේතුවෙන් කල් යාමට ඉඩ තිබේ. එසේම ආණ්ඩුව මෙවැනි දේ සිදුකරන්නේ වතු ජනතාවගේ ඡන්ද මංකොල්ල කෑමට බවද ජනතාව තුළ මතයක් නිර්මාණය වී තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...