ගුවන් තොටුපොළේ සිද්ධියට සම්බන්ධ සමාගම ඉන්දියානු සමාගමක්ද? – පුබුදු ජයගොඩ

මෙය ඉන්දියානු සමාගම් නොවේ යයි කීම කරුණු විකෘති කිරීමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ,
”ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ නිවේදනය මුළුමනින්ම අසත්‍ය කරුණු සහිත නිවේදනයක්. මෙම සමාගම ආරම්භ වෙලා තියෙන්නේ 2001 අවුරුද්දේ ජුලි මාසෙ මුම්බායි නගරයේදී. VFS Global ආයතනය ආරම්භකය සුබින් කාකරියා නැමති ඉන්දියානු පුද්ගලයෙක්. මෙහි හිමිකරුවා සහ ආරම්භකයා ඉන්දියාවේ. මුලින්ම වැඩ කරේ ඉන්දියාව ඇතුලේ. මෙම ආයතනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් එකක් කිව්වට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ 2018 දී. මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයම ඉන්දියානුවන්. මේක ඉන්දියානු සමාගමක් වෙනවට අමතරව මේක මෝදීගේ ආණ්ඩුවට සම්බන්ධ ජාවාරම්කාර සමාගමක්. ඒ වගේම ඉන්දියානු රජයේ සංචාරක මණ්ඩලවල උපදේශක තනතුරු දරන පුද්ගලයෙක් තමයි මේ සුබින් කකාරියා කියන්නේ. 2005ත් 2007 ත් අතර දත්ත මගඩියක් කිරීම සම්බන්ධයෙන් මේ සමාගමට චෝදනා තියෙනවා. ඒවගේම වීසා නිකුත් කිරීම සම්බන්ධ ක්ෂේත්‍රයේ ඒකාධිකාර ගොඩ නැගීම සඳහා කරපු වංචාවක් සම්බන්ධ චෝදනා එල්ල වුනා. 2019 දී සැඟවුණු ගාස්තු හරහා පාරිභෝගිකයන් සූරාකෑම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් ගණනාවක චෝදනා එල්ල වුණා. ”

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...