කාලයෙන් කාලයට කාල් ගාන රනිල්ගේ කැඳ හැළිය – 13වන ව්‍යවස්ථා සංශෝධනය

Date:

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබේ.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු පවසා තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බව අවධාරණය කළ ජනාධිපති වික්‍රමසිංහ, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කරන ලදී.

රනිල් මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ සුපුරුදු පරිදි පළවූ අදහස්වල සාරාංශය වූවේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බවයි. සුපුරුදු පරිදි මෙය ක්‍රියත්මක කිරීම නැවත වතාවක් යට යනු ඇත. රනිල්ට උතුරු සහ නැගෙනහිර ජිවත්වන දෙමළ ජනතාවට පැවසිය හැක්කේ තමන්ට 13 ගෙන ඒමට අවංක උත්සාහයක් තිබූ නමුත් ඊට සහයක් නොලැබුණි බවයි. එය ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ට වැදගත් බව රනිල් දනියි. එසේම ඉන්දියාවේ යාලු කම රැකගැනීමද එය වැදගත් වේ.

ඊට අමතරව බලහත්කාරී අතුරුදහන් කළවුන් සම්බන්ධයෙන් ද රනිල් පොරොන්දු දෙන්නේ මේ නිසාවෙනි. නමුත් අමතක නොකළ යුතු කාරණය වන්නේ 13වන සංශෝධන ක්‍රියාත්මක කිරීම රටේ නීතිය නම් එය රනිල්ට දැන් මතක් වෙන්නේ ඇයිද යන්නයි. රනිල් මීට පෙර දෙවතාවක් අගමැති ධූරය දරා තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවන බවට මැතිවරණ සමයේ පොරොන්දු වී බලයට පත්වීමෙන් පසු කිසිදු බලතලයක් නොමැති පරිදි එය ස්ථාපිත කරනු ලැබුවේද රනිල්ලා විසිනි.

රනිල් සිතා සිටින්නේ ජනතාවට ඒවා අමතක බව විය යුතුය. එසේම 13ට ජාතිවාදී කෝණයකින් විරුද්ධ වෙන මන්ත්‍රී ගොයියන්ට ද ඇත්තේ ජාතිවාදය පාවිච්චි කරමින් ඉදිරි මැතිවරණයකට සූදානම් වීම මිස වෙන යමක් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...