Breaking News

කාලයෙන් කාලයට කාල් ගාන රනිල්ගේ කැඳ හැළිය – 13වන ව්‍යවස්ථා සංශෝධනය

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි ව සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජනාධිපති වික්‍රමසිංහ අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා තිබේ.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුත් සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බව ඔහු පවසා තිබුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මේ රටේ උත්තරීතර නීතිය බව අවධාරණය කළ ජනාධිපති වික්‍රමසිංහ, එය නොසලකා සිටීමට හැකියාවක් නොමැති අතර එය ක්‍රියාත්මක කිරීමට විධායකයත්, ව්‍යවස්ථාදායකයත් බැඳී සිටින බව පාර්ලිමේන්තුව හමුවේ අවධාරණය කරන ලදී.

රනිල් මෙම ප්‍රකාශය සිදුකිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ සුපුරුදු පරිදි පළවූ අදහස්වල සාරාංශය වූවේ 13වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ බවයි. සුපුරුදු පරිදි මෙය ක්‍රියත්මක කිරීම නැවත වතාවක් යට යනු ඇත. රනිල්ට උතුරු සහ නැගෙනහිර ජිවත්වන දෙමළ ජනතාවට පැවසිය හැක්කේ තමන්ට 13 ගෙන ඒමට අවංක උත්සාහයක් තිබූ නමුත් ඊට සහයක් නොලැබුණි බවයි. එය ඉදිරි ජනාධිපතිවරණයකදී තමන්ට වැදගත් බව රනිල් දනියි. එසේම ඉන්දියාවේ යාලු කම රැකගැනීමද එය වැදගත් වේ.

ඊට අමතරව බලහත්කාරී අතුරුදහන් කළවුන් සම්බන්ධයෙන් ද රනිල් පොරොන්දු දෙන්නේ මේ නිසාවෙනි. නමුත් අමතක නොකළ යුතු කාරණය වන්නේ 13වන සංශෝධන ක්‍රියාත්මක කිරීම රටේ නීතිය නම් එය රනිල්ට දැන් මතක් වෙන්නේ ඇයිද යන්නයි. රනිල් මීට පෙර දෙවතාවක් අගමැති ධූරය දරා තිබේ. බලහත්කාරයෙන් අතුරුදහන්වූවන් සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය පිහිටුවන බවට මැතිවරණ සමයේ පොරොන්දු වී බලයට පත්වීමෙන් පසු කිසිදු බලතලයක් නොමැති පරිදි එය ස්ථාපිත කරනු ලැබුවේද රනිල්ලා විසිනි.

රනිල් සිතා සිටින්නේ ජනතාවට ඒවා අමතක බව විය යුතුය. එසේම 13ට ජාතිවාදී කෝණයකින් විරුද්ධ වෙන මන්ත්‍රී ගොයියන්ට ද ඇත්තේ ජාතිවාදය පාවිච්චි කරමින් ඉදිරි මැතිවරණයකට සූදානම් වීම මිස වෙන යමක් නොවේ.

leave a reply