වීසා නිකුත් කිරීම පෞද්ගලික සමාගමට දෙන්න ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය වුනේ නැහැ – ටිරාන් අලස්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් රටට ඇතුළුවීමේදී On Arrival ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පෞද්ගලික සමාගමක් වෙත පැවරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබේ. ආණ්ඩුව එයට පිළිතුරු දෙමින් ඇත්තේ මෙම ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කරන්නන්ට එරෙහිව පියවර ගන්නා බව පවසමිනි.

මේ අතර මෙම වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගමට පැවරීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සිදු නොකිරීම ගැන ද කතා බහක් මතුව තිබේ.

මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ විවිධ රටවල විද්‍යුත් වීසා ක්‍රියාවලියට සම්බන්ධ එකම සමාගම් මෙම සමාගම පමණක් බැවින් ටෙන්ඩර් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

එම යෝජනාව පැමිණි පසු එය අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ඔහු පවසයි. ටිරාන් අලස් පවසන්නේ ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූයේ ඉන් පසුව බවයි. වීසා ගාස්තුව කුමක් වුවත් එය රජයට ලැබෙන බවද ඔහු පවසා ඇත.

විපක්ෂය මේ සම්බන්ධයෙන් දැන් කතා කළද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී එය අනුමත කළ බවද ඔහු පවසයි. තමන් සිංගප්පූරු සංචාරය කර ආපසු පැමිණි පසු ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වා අදහස් දක්වන බවද ඔහු සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්