රැකියා විරහිත උපාධිධාරීන් ඉල්ලන්නේ මොනවද ?

Date:

අධිකරණ නියෝග නොතකා අයුතු ජනරාශීයක නියැලෙමින් උතුරු මැද පළාත් සභා ගොඩනැගිලි සංකීර්ණයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපොළවලට හානි කළ බවට චෝදනා කරමින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ උතුරු මැද පළාත් රැකියා විරහිත උපාධිධාරී තරුණ තරුණියන් 23 දෙනා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලදී.

මෙසේ ශරීර ඇප මත මුදා හැරියේ උතුරු මැද රැකියා විරහිත උපාධිධාරී සංගමයේ ක්‍රියාරියාකාරී උපාධිධාරින් දොළොස් දෙනෙකු සහ උපාධිධාරිනියන් එකොළොස් දෙනෙක්.

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ මැදිහත්වීමෙන් පැවති මෙම විරෝධතා දිවයිනේ පළාත් සභා කිහිපයක් ඉදිරිපිටදීම පැවැත්වී තිබුණි. බස්නාහිර පළාත් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවයෙන් පසු ඒ සඳහා සහභාගී වූ පිරිසකට ආණ්ඩුකාරවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාව ලබාදී තිබුණි අතර එහිදී මෙම අරගලයේ අරමුණු සහ ආණ්ඩුවේ රැකියා සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන Youth for Chengeහි සංවිධායක ලේකම් ළහිරු වීරසේකර කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඔහු පැවසුවේ,
”ආණ්ඩුකාරවරයා සමඟ පැවති සාකච්ඡාවේදි හෙළිවුණු කාරණය තමයි බස්නාහිර පළාත තුළ පමණක් ගුරු පුරප්පාඩු 6000ක් තියෙනවා කියන කාරණය. ඒ වගේම ප්‍රාථමික ගුරු පුරප්පාඩු 900ක් තියෙනවා මේ වෙද්දී බඳවාගෙන තියෙන්නේ 278ක් විතරයි. ඒ වගේම අනෙකුත් ආයතනවලත් යම් යම් ප්‍රමාණයෙන් පුරප්පාඩු තියෙනවා. පළාත් සභාවලට බඳවා ගැනීම් සඳහා බලයක් නැහැ මධ්‍යම රජයේ නිවේදනයක් නැතුව. මොකද චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කරන්න එපා කියලා. මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව ආණ්ඩුව රාජ්‍ය සේවයට බඳවා ගැනීම් කප්පාදු කරලා තියෙනවා. නැත්තම් බස්නාහිර පළාතේ විතරක් ගුරු පුරප්පාඩු තියෙද්දී තවත් ආයතනවල පුරප්පාඩු තියෙනවා කියල ආණ්ඩුකාරවරයාම කියද්දී මධ්‍යම රජයෙන් නිවේදනයක් නැතුව ඔවුන්ට බඳවා ගැනීම් කරන්න බැහැ කියලා හරි පැහැදිලියි. මේ රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා විරහිතවම ඉන්න වෙන තත්ත්වයක් තමයි දැන් ආණ්ඩුව හදලා තියෙන්නේ. අපි පළාත් සභාව ලඟට ආවේ මේ සම්බන්ධයෙන් කියන්න තියෙන රාජ්‍ය ආයතනය නිසා. දැන් ඔවුන් පැහැදිලි කරා ඔවුන්ට කරන්න පුළුවන් මෙච්චරයි කියලා. ඒ අනුව අපි පළාත් සභාවට දැනුම් දුන්නා ගුරු විභාගය සමත් වෙච්ච සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම ගුරු විභාගය අසමත් වෙච්ච නමුත් රැකියාවලට අයදුම් කිරීම සඳහා සුදුසුකම් තියෙන අය ඉන්නවා. ඒ වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්න . අඩුම තරමේ රැකියා විරහිත උපාධිධාරීන් බස්නාහිර පළාතේ කොච්චර ඉන්නවද කියලවත් සංඛ්‍යා ලේඛණයක් මේ පළාත් සභාව ඇතුලේ නැහැ. ඒ නිසා අපි යෝජනා කරා රැකියා විරහිත උපාධිධාරීන් ලියාපදිංචි කිරීමක් කරන්න කියලා. නමුත් අපිට තියෙන අදහස තමයි මෙතනින් එහාට මධ්‍යම රජය පවතින ආණ්ඩුව මේකට උත්තරක් දෙන්න ඕනා . ඒ වෙනුවෙන් වූ අඛණ්ඩ ක්‍රියාමාර්ග අපි ගැනීමට නියමිත වෙලා තියෙනවා .

Share post:

Popular

More like this
Related

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...