වීසා ප්‍රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා

ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක් ඉපයීමට හැකි වන ආකාරයට සිදු කළ වීසා ජාවාරම පිළිබද ප්‍රශ්න කරමින් කටුනායක ගුවන් තොටුපොළේදී හඩ නැගූ තරුණයාව මැයි 06 වැනිදා උදෑසන 10ට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැදවා ඇත.

ප්‍රශ්න කිරීමකට යැයි සදහන් කරමින් එම තරුණයාව එලෙස කැදවා තිබේ.

අදාල වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට කළ හැකිව තිබියදී, නිසි පටිපාටියකින් තොරව ඉන්දීය සමාගමකට පවරා තිබුණි.

එම තරුණයා සිය බිරිදට වීසා ලබා නොදීම පිළිබද ප්‍රශ්න කළ අතර, එම සිදුවීම යම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කොට ප්‍රසිද්ධ කර තිබුණි. මෙම ජාවාරම සම්බන්ධයෙන් හෙළිවූවේ මෙම තරුණයාගේ වීඩියෝවෙන් පසුවයි.

එය හෙළිකළ තරුණයා පොලීසියට කැඳවීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඉන්දීය සමාගමකට මෙම කටයුතු පැවරූ පොලීසිය බාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...