Breaking News

වීසා ප්‍රශ්නය ගැන හෙළිකළ තරුණයා පොලීසියට ගෙන්වා ප්‍රශ්න කරලා

ටිරාන් අලස්ගේ මැදිහත්වීමෙන් ඉන්දීය සමාගමකට ඩොලර් මිලියන සිය ගණනක අයුතු ලාභයක් ඉපයීමට හැකි වන ආකාරයට සිදු කළ වීසා ජාවාරම පිළිබද ප්‍රශ්න කරමින් කටුනායක ගුවන් තොටුපොළේදී හඩ නැගූ තරුණයාව මැයි 06 වැනිදා උදෑසන 10ට කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත කැදවා ඇත.

ප්‍රශ්න කිරීමකට යැයි සදහන් කරමින් එම තරුණයාව එලෙස කැදවා තිබේ.

අදාල වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකාවට කළ හැකිව තිබියදී, නිසි පටිපාටියකින් තොරව ඉන්දීය සමාගමකට පවරා තිබුණි.

එම තරුණයා සිය බිරිදට වීසා ලබා නොදීම පිළිබද ප්‍රශ්න කළ අතර, එම සිදුවීම යම් පුද්ගලයෙකු විසින් වීඩියෝගත කොට ප්‍රසිද්ධ කර තිබුණි. මෙම ජාවාරම සම්බන්ධයෙන් හෙළිවූවේ මෙම තරුණයාගේ වීඩියෝවෙන් පසුවයි.

එය හෙළිකළ තරුණයා පොලීසියට කැඳවීම වෙනුවට ආණ්ඩුව කළ යුත්තේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ඉන්දීය සමාගමකට මෙම කටයුතු පැවරූ පොලීසිය බාර ඇමතිවරයා සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්න ජනතාව ප්‍රශ්න කරමින් සිටියි.

leave a reply