රටේ රැකියා විරහිත තරුණයන් කුලී හමුදාවලට ගාල් කිරීමේ ජාවාරමක් තියෙනවා – කෝෂිලා හංසමාලි

ලංකාවේ රැකියා විරහිත තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් පිට රටවල කුලී හමුදාවලට විකිණීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව Youth for Chenge සංවිධානය පවසයි. මේ ජාවාරම්කරුවන් විවිධ ප්‍රතිලාභ හිමිවන බව පෙන්වා විශාල මුදලක් අයකරමින් මෙම ජාවාරම සිදුකරන බව එම සංවිධානයේ ජාතික කමිටු සාමාජිකා කෝෂිලා හංසමාලි අද පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

”ගාසාවල තියෙන යුද්ධයකට යුක්‍රේන සහ රුසියාව අතර තියෙන යුද්ධයක් අපිට අදාළ නැහැ කියලා තවදුරටත් ඉන්න බැහැ. මේක දැන් අපි ඉස්සරහට ඇවිත් තියෙන්නේ. මොකද දැන් ඒකෙ අපේ රෙටේ තරුණ තරුණියනුත් මැරෙමින් ඉන්නේ. දැනට ආරංචි මාර්ග හරහා එන්නේ දැනට 600ක පමණ පිරිසක් කුලී හමුදා සඳහා ගිහිල්ලා තියෙනවා. 100ට ආසන්න ප්‍රමාණයක් මැරිලා තියෙනවා. තුවාල ලබලා රෝහල්ගතවෙලා ඉන්න පිරිස අති විශාලයි. එක පැත්තකින් ආරක්ෂා අමාත්‍යංශය කියනවා මේ කුලී හමුදාවලට යන්න එපා කියලා. අපි අහනවා ජනතාවගේ බදු මුදලින් ක්‍රියාත්මක වෙන රාජ්‍ය ආයතන මොකද කරන්නේ. කුලී හමුදා සඳහා මිනිස්සු යනවා. ඒවා ගැන දන්නේ නැහැ කියනවා. විශේෂයෙන්ම අපි මේකට විමර්ශනයක් ඉල්ලනවා. මොකද මේ අපි නැති කරමින් ඉන්නේ නැතිවෙමින් තියෙන්නේ තරුණ තරුණියන්. එක පැත්තකින් රැකියා විරහිත බාවය වැඩිකරමින් මෙවැනි කුලී හමුදාවලට ගාල් වෙන්න ඉඩ සලසලා තියෙනවා. ලෝක යුද්ධයන් ක්‍රියාත්මක වෙද්දී ඒවාට එරෙහිව මිනිස්සු නැගී සිටිනවා. එක රටක සිද්ධ වෙන යුද්ධය අපි හිතනවානම් එක රටකට විතරක් සීමා වෙනවා කියලා ඒක එහෙම නැහැ කියලා අපිට පේනවා. මේකට එරෙහිව පෙළ ගැහෙන්න සිද්ධ වෙනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...