දොඩමළු අඳුර – තුෂාරි ජයසිංහ

සුවඳ නෙක මල්වලට
පාට ගා හැඩ කරන
ඉරට විකසිත වන්න
පෙරහුරුත් පවත්වන
බාඳුරා කොපු මැද්දෙ
බඹර තුඩු ගිලන් වන

නිදි නොමැති කවුළු අස
අඳුර බෝ දොඩමළු ය.

උදාවෙදි නෙතු පියන්
හරින්නට වෙර දරන
විහඟ බිජු ඉපිල්ලී
සිහින් තටු දිග හැරෙන
පරපුටුවො ගී ගයා
කැදලි සොරකම් කරන

සයනයක නිදි වරන
අඳුර බෝ දොඩමළු ය.

අහස් පිණි කඳුළු පොද
ඉහාගෙන බිම වැටෙන
සේපාලි මල් කිනිති
පොළොව සිපගයි නිතින
පරව පෙති හැලෙද්දී
නටුත් ඉකිබිඳ හඬන

නෙතු පියන් අභියසදි
අඳුර බෝ දොඩමළු ය .

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...