ලංකාවේ ජනගහනය අඩුවෙලා

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසා තිබේ.

වසර දහයකින් පසු ජනගහනය ඍණ වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බව ඔහු සඳහන් කර ඇත.

ජනගහනය එසේ පහළ යෑමේ ප්‍රතිශතය සියයට දශම බිංදුවයි හයකි.

මේ අනුව කාන්තා ජනගහනය හැත්තෑ දහසකින්ද පිරිමි ජනගහනය හැත්තෑ හතර දහසකින්ද අඩුවී ඇත.

මේ අතර පසුගිය වසරේදී උපත් ප්‍රමාණය ඊට කලින් වසරට සාපේක්ෂව 27421කින් පහළ ගොස් ඇතැයි පවසන මහාචාර්යවරයා මරණ සංඛ්‍යාවද 1447කින් වැඩි වී ඇතැයි ප්‍රකාශ කළේය.

එම වැඩිවීම ප්‍රතිශතයක් ලෙස සියයට අටකි.

රටේ විවාහ සංඛ්‍යාවද 19784කින් පහළ ගොස් ඇතැයි එම මහ බැංකු වාර්තාවේ සඳහන්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...