වතු කම්කරුවන්ට 1000ක් දෙන්න අකමැති වූ රනිල් 1700 වෙනුවෙන් පෙනී ඉන්නවලු

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට එරෙහිව වතු හාම්පුතුන් නඩු පැවරුවහොත් කම්කරුවන්ගේ පැත්තේ සිට නඩුවට සහාය දෙන බව රනිල් වික්‍රමසිංහ පවසනවා.

වතු හාම්පුතුන් පවරන්නට යන බව කියන නඩුවට අදාළව කම්කරුවන්ගේ පැත්තේ සිට කරුණු ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය නීතිඥ සහාය මෙන්ම නීති උපදෙස් සපයන ලෙසද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරට උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා වැඩි කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොටගල පැවති මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කළ අතර අදාළ වැටුප වැඩිවෙන ආකාරය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වතු හාම්පුතුන්ගේ සංගමය ප්‍රකාශ කළේ වතු සමාගම් සමඟ කිසිදු සාකච්ඡාවක් නොකර අදාළ වැටුප් වැඩි වීම සිදුකර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට හමුවට යන බවයි.

කෙසේවෙතත් වතු කම්කරුවන් ඉල්ලා සිටියේ තමන්ට රු 2000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවයි. ආණ්ඩුව තීරණය කර ඇත්තේ එය 1700න් වැඩි කිරීමටයි. දැන් රනිල් කියන්නේ කුමක් වුවත් එම වැටුප් වැඩිවීම වෙනුවෙන් පෙනී සිටින බවයි. මෙම පෙනී සිටීම හුදු වතු කම්කරුවන් වෙනුවෙන් කරන්න වූ පෙනී සිටීමක් නොව ඡන්දය වෙනුවෙන් කරන බොරු රඟපෑමක් බව නම් පැහැදිලිය. රනිල් මේ දවස්වල සිටින්නේ කෙසේහෝ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමේ අරමුණ සහිතවයි.

රනිල් අගමැතිව සිටි යහපාලන ආණ්ඩු සමයේ රු 1000ක වැටුප් වැඩිවීමක් ඉල්ලූ වතු කම්කරුවන්ට සැළකු හැටි අපට හොදට මතකය. යහපාලන ආණ්ඩුව බලයට පත්වන සමයේ ආරම්භ වූ වතු කම්කරු වැටුප් අරගලය වසර ගණනක් පුරා ඇදී ගිය අතර රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව එම ඉල්ලීම්වලට කන් නොදෙන ලදී. වැටුප් වැඩිවීමක් සිදුවූ වේ ආණ්ඩුව මාරු වීමෙන් පසුවයි.

එවැනි ඉතිහාසයක් සහිත රනිල්ලාගේ මේ පෙනී සිටීම ඡන්දය වෙනුවෙන් වීම පුදුම වන්නට දෙයක් නැත.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...