Breaking News

වීසා ප්‍රශ්නය – පෞද්ගලික සමාගමකට ලබාදීම ටිරාන්ගේ වැඩක්!

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටියේ ( මැයි මස 01 වැනිදා) සවස ඇතිවූ ගැටළුක් ඇතිවීම සම්බන්ධයෙන් සමාජය තුළ කතා බහක් මතුව තිබේ.

මෙතෙක් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැවරීමත් සමග ( මැයි මස 01 වෙනිදා) සවස 05.00 සිට එම පද්ධති නිසි පරිදි ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වී තිබුණි.

ඒ හේතුවෙන් දිගු පෝලිම් ඇති වී දෙස් විදෙස් සංචාරකයන් ඊට එරෙහිව දැඩි විරෝධයක් පළ කිරීමත් සමග ගුවන් තොටුපොළ තුළ උණුසුම්කාරී වාතාවරණයක් නිර්මාණය විය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ වීසා නිකුත් කිරීම ( මැයි මස 01 වැනිදා) සිදු කළ පෞද්ගලික සමාගම එය නිසියාකාරව ඉටු කර ගැනීමට අපොහොසත් වීම නිසා රාත්‍රී 11.30 ට පමණ සේවයෙන් ඉවත් වී ගොස් තිබුණි.

ඉන්පසුව එම කාර්යය යළිත් පැරණි ගාස්තු ක්‍රමය යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පවරා සිදු කර ගෙන යන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නියෝග කරනු ලැබීය.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ඇතිවූ තත්ත්වය සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ එය වීසා නිකුත් කිරීමේ පද්ධතියේ ඇතිවූ දෝෂයක් නිසා සිදුවූ බව ය.

මේ අතර කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබුවේ විශේෂ කමිටුවක නිර්දේශ මත කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය අනුව බවද සඳහන් මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පවසා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ 2023 සැප්තැම්බර් 11 දින මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් විසින් ඉදිරිපත් කළ බවයි. පෞද්ගලික සමාගමකට මේ ක්‍රියාවලිය පැවරීම සිදුවූයේ කැබිනට් අනුමැතියකින් තොරව බවට පළවන වාර්තා අසත්‍ය බව ද එම නිවේදනයේ දැක්වේ. කෙසේ වෙතත් අදාළ සමාගමේ යම් ප්‍රමාදයක් හෝ අඩුපාඩුවක් සිදුවී ඇතැයි ද එම නිවේදනයේ සඳහන් ය.

එසේම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයද එය ඉන්දියානු සමාගම් නොවන බවට නිවේදනයක් නිකුත් කර ඇත.

කෙසේවෙතත් මෙහි සත්‍යතාව සම්බන්ධයෙන් සැක මතුවෙමින් තිබේ. මන්ද බොහෝ මාධ්‍ය පවා වාර්තා කර ඇත්තේ මෙය ඉන්දීය සමාගමක් බවයි. කටුනායක ගුවන්තොටුපොළ තුළ ඇතිවූ තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක අදාළ සමාගම ඉන්දීය සමාගමක් බවට චෝදනා එල්ල කරයි.

ගුවන් තොටුපොළේ ඇතිවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ,

”ආගමන විගමන විෂය කියන්නේ රටින් පිටවීම සහ රටකට ඇතුළුවීම සම්බන්ධ විෂයක්. ඒක දේශ සීමා එක්ක සම්බන්ධයි. එක ජාතික රාජ්‍යයත් එක්ක සම්බන්ධ වෙද්දී ඒකෙ වගකීම තියෙන්නේ රජයට. ඒ රටේ රජය තමයි ඒ රටට ඇතුළු වන්නේ කවුද පිට වෙන්නේ කවුද ඒ සම්බන්ධ කොන්දේසි මොනවද කියලා තීරණය කරන්නේ. රජය සතු බලයක් තමයි දැන් මේ පේන විදිහට ඉන්දියානු සමාගමකට දීලා තියෙන්නේ. තමන්ගේ රටට කවුද ඇතුළු වන්නේ ඒ සඳහා බලපත්‍ර ලබාදීමේ වෙනත් රටකට ලබාදෙන්නේ නෑ ලෝකෙ කිසිම රටක්. ”

leave a reply