රනිල් මැතිවරණය තියන්න හොඳම නැකත එනකම් ඉඳීද?

ශ්‍රී ලංකාවේ හොඳම නැකැත් ඇත්තේ රටට සහ එක්සත් ජාතික පක්ෂයට බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (01) පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියේ දී පවසා තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ,

”මම රහසක් කියන්නම්, දැනගන්න කැමතිද? ඩී.එස් සේනානායක අගමැතිතුමා හොඳම නැකත හෙව්වා එක්සත් ජාතික පක්ෂය හදන්න. සැප්තැම්බර් 09 වැනිදා. උදේ ගත්තේ නෑ හැන්දෑවේ රැස්වීම ගත්තේ. ඒ වගේම හොඳ වෙලාවක් ගත්තා ලංකාවට නිදහස ලබා දෙන්න. අනිත් එක හොදට මතක තියා ගන්න. ලංකාවේ හොඳම නැකැත් තියෙන්නේ රටටයි එක්සත් ජාතික පක්ෂයටයි. ඒකයි මේ වැටුණු රට අපිට උස්සන්න පුළුවන් වුනේ.”

රනිල් වික්‍රමසිංහ තමන්ගේ කතාවල නිතර කියන කතාවක් වන්නේ අලුත් ලෝකය සමඟ ගමන් කළ යුතුබවයි. නව ලෝකයට ඉඩ දිය යුතු බවයි. නමුත් රනිල්ලාගේ ‘මොඩ(ර්)න්’ ලෝකය පසුගාමීත්වයත් සමඟ අත්වැල් බැඳගෙන ගමන් කරන බව පෙනෙන්නට තිබේ.

රනිල් ජනාධිපති වී සිටින්නේ රනිල්ගේහෝ එක්සත් ජාතික පක්ෂයේ වෙලාව හොඳ නිසා නොව පොහොට්ටුව සමඟ කරන ලද කුමන්ත්‍රණයකින් පසුවයි. එසේම රනිල් ආර්ථික අර්බුදය ගොඩ දැමූ බවට පුරසාරම් දොඩන්නේ ද රනිල්ලාගේ නැකතේ හොඳ කමක් නිසා නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලය මුළු රටේම ජනතාව බිලිදීමෙන් පසුවයි.

අනෙක් ප්‍රධානම කාරණය වන්නේ එක්සත් ජාතික පක්ෂයට ඇති හොඳම නැකත්වලින් රටේ ජනතාවට කෙලවුණු බවනම් විශ්වාසය.

එසේම දැන් සමාජ මාධ්‍ය තුළ කතා බහ වෙමින් ඇත්තේ රනිල් ජනාධිපතිවරණය පැවැත්වීමටද හොඳම නැකත එනතුරු බලා සිටිනු ඇතිද යන්නයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...