මන්ත්‍රීවරුන්ට කලින් විධායක නිලධාරීන්ට වාහන පර්මිට්

තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෙර රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට එම බලපත්‍රය ලබාදීමට ආණ්ඩුව සූදානම්අව සිටියි.

මන්ත්‍රීවරුන්ට මුලින්ම වාහන බලපත්‍රය ලබා දුනහොත් වැරදි මතයක් සමාජගත විය හැකි හෙයින් මුලින්ම රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදීමෙන් පසු මන්ත්‍රීවරුන්ට බලපත්‍රය ලබාදීම සුදුසු බවට විවිධ පාර්ශ්ව රජයට යෝජනා කර ඇතැයි ‘ලංකාදීප’ වාර්තා කර තිබේ.

එසේම රජයේ සේවකයන්ට ලබා දෙන වාහන බලපත්‍රයට සමාන වාහන බලපත්‍රයක් හෝ තමන්ට ලබා දෙන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි පැවසේ.

රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරියකුට ලැබෙන තීරු බදු රහිත වාහන බලපත්‍රයේ වටිනාකම ලක්ෂ විසිපහකට ආසන්නය. එසේනම් මන්ත්‍රීවරයෙකුගේ වාහන බලපත්‍රය මීට වඩා වැඩිවිය යුතුය.

වාහන බලපත්‍ර හිමිවන පිරිස අතර වෛද්‍යවරු ඉංජිනේරුවරු ඇතුළු වෘත්තිකයෝ දහස් ගණනක් සිටියි.

මෙවැනි මොහොතක මන්ත්‍රීවරුන්ට පමණක් වාහන බලපත්‍ර ලබාදීමෙන් සමාජය තුළ ඇතිවිය හැකි බව ආණ්ඩුව දනියි. එය වැළක්වීම සඳහා රජයේ විධායක නිලධාරීන්ටත් බලපත්‍ර ලබාදීමට ආණ්ඩුව කටයුතු කරනු ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

” නිකිණි පුරහඳ” – ගයාන් අබේගුනවර්ධනගේ කුළුඳුල් කාව්‍ය නිර්මාණ එළිදැක්වීම

ගයාන් අබේගුනවර්ධන විසින් රචිත " නිකිණි පුරහඳ" කාව්‍ය කෘතිය...

පැරණි ත්‍රස්ත පනත වෙනුවට නව ත්‍රස්ත පනත ඉදිරියට

ශ්‍රී ලංකාවේ දශක හතරකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 15 දෙනෙකුට වසර 200 සිට 260 දක්වා සිර දඬුවම්

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ පදනම – සාවිත්‍රි ගුණසේකර

අධිකරණයේ ස්වාධීනත්වය රැකීම, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය සහ විධායක ජනාධිපති ක්‍රමය...