21
Sat, Apr

හැමදාමත් කුණු වෙන මීතොටමුල්ලේ කුණු කන්ද දැන් අලුත් අවධානමකට ලක්වෙලා.කුණු කන්දේ නාය යාමේ ලක්ෂණ මතුවීම හේතුවෙන් ජනතාව මහත් පීඩාවකටයි පත්ව සිටින්නේ.

මීතොටමුල්ල කුණු කන්ද වසර ගණනාවක සිට ප්‍රදේශයේ ජනතාවට මහත් පීඩාවක් ගෙන දෙන ගැටලුවක් බවට පත්ව තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රීත ප්‍රදේශයේ පසුගියදා දැඩි ගංවතුර තත්ත්වයක්ද ඇතිවූයේ එම ගැටලුව තවත් උග්‍ර අතට පත්කරමිනි.මෙම කුණු කන්ද නාය යා හැකි බවට ද භූ විද්‍යා විශේෂඥයින් පසුගියදා අනාවැකි පළ කර තිබුණා. මීතොටමුල්ල කුණු කන්ද ආශ්‍රීතව ඊයේ රාත්‍රීයේ සිට නාය යාමේ ලක්ෂණ මතු වී ඇති බවයි වාර්තා වන්නේ. මීතොටමුල්ල , 101 වත්තේ නිවාස ආසන්නයට කුණු කන්ද තෙරපී පහත් වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඒ අසළ ඇති ඇළ මාර්ගයේද වැසී ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එම කැළි කසළ වහා ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළා. කොයි මොහොතක හෝ තමන්ගේ නිවෙස්වලට කුණු කන්ද පතිත වේද යන සැකය තමන් තුළ පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

උණ රෝගය ඇත් නම් නොපමාව ළඟම පිහිටි රජයේ රෝහලට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට අවධාරණය කරනවා. රෝහලට පැමිණීම ප්‍රමාදවීම සහ පැරසිටමෝල් හැර සෙසු ඖෂධ ගැනීම හේතුවෙන් ඩෙංගු මරණ රැසක් සිදුව ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඩෙංගු රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම හේතුවෙන් තුන්දින ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. එය හෙට කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. ඩෙංගු රෝගීන්ගෙන් සියයට පනහක්ම වාර්තාවන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කඩුවෙල , කොළොන්නාව , දෙහිවල සහ ගල්කිස්ස මහනගර සභා සීමාවලින් වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවී තිබෙනවා. 2016 වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 22,799 දෙනෙකු වාර්තාවී ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය පාලිත මහීපාල සදහන් කරන්නේ.

තුන්දින ඩෙංගු මර්දන වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ රෝගය පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි. මේ වනවිට පරිශ්‍ර මිලියනයක් පරීක්ෂාකර තිබෙනවා. ඉන් ලක්ෂ දෙකක් මදුරුවන් බෝවන ස්ථාන ලෙසයි හඳුනාගෙන ඇත්තේ. ඩෙංගු රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ලබන සියලු රෝහල් සඳහා අමතර වෛද්‍යවරුන් , හෙද හෙදියන් සහ ඖෂධ වර්ග ලබාදී තිබෙනවා. මේ සියල්ලටම වඩා මදුරු මර්දනය සඳහා ජනතා සහාය අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරන්නේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ මළසිරුරක් ඔහුගේ නවාතැන්පළේ තිබියදි හමුවි තිබෙනවා. මියගිය සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ මෙහි නවාතැන් ගෙන සිටියත් සිද්ධිය වන අවස්ථාවේ ඔහුගේ මිතුරන් නොසිටි බවයි පැවසෙන්නේ.

මෙය සියදිවි නසා ගැනීමක් බවට පොලිසිය සැක පළකරනවා.

තියුණු ආයුධයකින් සිදුවු තුවාලය සිරුරේ ගෙල ප‍්‍රදේශයේ දක්නට ලැබුණා. ලේ ගලන තුවාල සහිතව වැටි සිටි සිසුවා මිතුරන් විසින් රෝහල් ගත කළද ඒ වන විටත් ඔහු මියගොස් සිටියා.

මොරටුව පොලිසිය හා ගල්කිස්ස අපරාධ ස්ථාන පරික්ෂණ නිළධාරින් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා.

2015 ජනාධිපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 33ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා යටතේ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සිවුදෙනෙකුට නීතිපතිවරයා විසින් අද අධිචෝදනා බාර දෙනු ලැබීය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අමතරව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් නිහාල් ජයතිලක, හිටපු දිවි නැඟුම අධ්‍යක්ෂ ජෙනරාල් ආර්. කේ. කේ. රණවක හා දිවි නැඟුම කලාප අධ්‍යක්ෂ බන්දුල තිලකසිරි යන මහත්වරුන් මෙලෙස චෝදනා ලබා ඇත.

මෙම නඩුව අද ඒ එම්. වී. කරුණාරත්න මහාධිකරණ විනිසුරුවරයා හමුවේ විභාගයට ගත් අතර චෝදනා කියවා තේරුම් කර දීම අගෝස්තු 30 වැනිදාට කල් තැබු විනිසුරු පැමිණිල්ලේ ලියවිලි කිහිපයක් විත්තියට බාරදෙන ලෙසටද නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් රුපියල් පන් ලක්ෂය බැගින් වු මුදල් ඇප හා රුපියල් ලක්ෂ පනහක් වු ශරිර ඇප මත මුදා හරිනු ලැබ සිටී.

ලබන මස පළමුවනදා සිට බස් ගාස්තු සියයට හයකින් ඉහල දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත. ඒ අවම ගාස්තුව රුපියල් නවයක් දක්වා ඉහල යනු ඇත.

ඇමතිවරුන්ට කෝටි ගණන් දී වාහන ගෙන්වන ආණ්ඩුව සාමාන්‍ය ජනයා මත බදු බර මදිවාට බොහෝ බදු කෙලවිලි ගෙන එන්නේ මෙලෙසින්ය.

සත්හඬ පුවත්පතේ මාධ්‍යවේදියෙකු සහ පරිසරවේදියකුවන වන මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ට පහර දීමක් සිදු කර ඇත.

ඒ, අද ගාල්ල, නෙළුව, දෙල්වල, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගීවී සිටියදීය.

මෙම අවස්ථාව ආවරණය කිරීමට මෙම මාධ්‍යවේදිය ගොස් ඇත.

මෙම හමුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සහ හිටපු අමාත්‍ය පියසේන ගමගේ ගේ මුලිකත්වයෙන් පවත්වා ඇති අතර හිටපු අමාත්‍යවරයාට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මෙම පහර දීම සිදුකර ඇතැයි පැවසේ.

මයිත්රිපාල සිරිසේනගේ ජනාධිපතිවරයාගේ ගෝල බාලයෙක් වන පියසේන ගමගේ සහ ගෝලයන්ට ද රාජපක්ෂ උණුසුම මයිත්‍රී බලයෙන් අවශ්‍ය වී ඇති බව පෙනෙන්නට ඇත.

මාධ්‍යය ක් ලෙස අපට කියන්නට ඇත්තේ මාධ්‍යවේදීන්ට පමණක් නොව ඔනෑම පුද්ගලයකුට සයිස් දමමින් රැඟුම් දමමින් සිටි එක මහරජ පුතෙක් දැනුත් වැලිකඩ කෙලිකලකට හෝ කූරු ගනිමින් සිටි.

ජනමත වෙනස් වීම යනු දේශපාලනය නොවන්නේ යම් සේම වෙනස් කරන්නට වැඩි කාලයක් යන්නේද නැත.

mr president පුංචි බැලු පැටව් ගැටගහගන්න

පාරිභෝගික භාණ්ඩ 16ක පාලන මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

එම මිල ගණන් අද රාත්‍රියේ ගැසට් කිරීමට නියමිත ය.

පාලන මිල ගණන් පහතින් දැක් වේ.
කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් (සම සහිත) – රු. 410 ක්.
කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් (සම රහිත) – රු. 495 ක්.
රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් – රු.169 යි
තායි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1ක් – රු. 495 ක්
ඩුබායි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1ක්- රු. 410 ක්.
කඩල කිලෝග්‍රෑම් 1ක් – රු. 260 ක්
මුංඇට කිලෝග්‍රෑම් 1ක් -රු. 220 ක්.
ග්‍රෑම් 480 ක ටින් එකක් මාළු – රු. 140 ක්
ග්‍රෑම් 105 ටින් මාළු ටින් 1ක් -රු. 70 ක්.
සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් – රු. 95යි
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් – රු. 87ක්
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් – රු. 810 ක්
දේශිය කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් – රු. 735 ක්.
ආනයනික අල කිලෝග්‍රෑම් 1ක් – රු. 120 ක්
දේශිය අල සඳහා පාලන මිලක් නොමැත.
ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් – රු. 78 ක්
වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක් – රු. 385 ක්
කට්ට කරවල කිලෝග්‍රෑම් 1ක් – රු. 1100 ක්
සාලයා කරවල කිලෝග්‍රෑම් 1ක් – රු. 425ක්
උම්බලකඩ කිලෝග්‍රෑම් 1ක් – රු. 1500 ක්.
සස්ටර්ජන් එකක මිල ද – රු. 1500 ක්

කර්මාන්ත හා වණිජ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ ගැසට් පත්‍රය නිකුත් වු වහා මෙම පාලන මිල ගණන් ක්‍රියාත්මක බව ය.

මෙරට මැතිවරණ කාලයේදී ඒවා නිරීක්ෂණයට විදේශීය නිරීක්ෂකයින් පැමිණෙද්දී යුද අපරාධ චෝදනා විමර්ශනයටද විදේශීය විනිසුරුවන් පැමිණීමේ වරදක් තමා නොදකින බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න කියයි.

කෙසේ වුවද ඔවුන් බලහත්කාරයෙන් ඒ සඳහාම පැමිණෙන්නේ නම් ඒ තුළ ගැටළුවක් ඇති බව ඒ මහතා රාජගිරියේදී අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේය.

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ඊයේ ලබාදුන් තීන්දුවත් සමග
ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් තමන් නොදකින බවද වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

චම්පික රණවක ඇමතිවරයා විධායක ජනපතිගේ බලතල සියල්ල අහෝසි නොකළ යුතු බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඔහු පැවසුවේ රණවක මීට පෙර සිටි ස්ථාරවලට වඩා දැන් වෙනස් වී ඇති බවයි.

ඔහු එජාපයට පැමිණ මහ මැතිවරණයට තරඟ කළාක් මෙන් ඉදිරියේදී ඔහු විධායක ජනපති ධූරය ගැන දරන මත වෙනස් විය හැකි බවද වික්‍රමබාහු කරුණාරත්න පවසයි.

ඇමෙරිකාවේ මිනසෝටා පොලිසිය එරට කළු ජාතිකයෙකු ඝාතනය කිරීම ඔහුගේ පෙම්වතිය විසින් සජීවී ලෙස අන්තර්ජාලයට එක් කළ පුවතක් එරට මාධ්‍ය වාර්තා කළේය. පිලන්ඩෝ කැස්ටයිල් නම් එම පුද්ගලයා ඝාතනයට ලක්ව ඇත්තේ පොලිසියේ ඉල්ලීම පරිදි තම රියදුරු බලපත්‍රය ලබාදීමට ක්‍රියා කරන අතරතුරදී බව වාර්තා වෙයි. ලේ තැවරී සිටින කැස්ටයිල් මෙන්ම ඔහු වෙත තුවක්කුව දික් කරගෙන සිටින පොලිස් නිලධාරියෙකු එම වීඩියෝ පටයේ දැක්වෙන අතර ඔහුගේ පෙම්වතියටද තුවක්කුව එල්ල කරමින් සිටි බව එහි දැක්වේ.

ඔහුට වෙඩි උණ්ඩ හතරක් එල්ල වූ බව පෙම්වතිය පවසයි.

ඔවුන් ගමන් ගත් කාරයේ පිටුපස විදුලි ලාම්පු කැඩී තිබීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඔවුන්ව නවත්වා තිබේ.ඔහු සතුව තුවක්කුවක් තිබී ඇති අතර තමා සතුව ඇත්තේ ලියාපදිංචි කරන ලද තුවක්කුවක් බව කැස්ටයිල් විසින් එම නිලධාරියාට ප්‍රකාශ කර තිබේ.ඉන් අනතුරුව එම වෙඩි තැබීම සිදුවී තිබෙන බව ඔහුගේ පෙම්වතිය සදහන් කරයි.


රටේ ඇෆ්රිකා -ඇමෙරිකා ජාතිකයන්ට විරුද්ධව නිහඩ යුද්ධයක් පවතින බව ඔහුගේ මව ප්‍රකාශ කර තිබේ. ඊට දින දෙකකට පෙර ලුසියානා හිදී තවත් කළු ජාතිකයෙකු ඝාතනය කර තිබුනේද පොලීසිය විසිනි. ඊට විරෝධය දක්වමින් විරෝධතා ව්‍යාපාරයක් ද ආරම්භ වී තිබෙන අතරතුර මෙම ඝාතනය සිදු විය. මේ වන විට කැස්ටයිල්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද විරෝධතා ව්‍යපාර දියත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව එරට බලධාරීහු ප්‍රකාශ කරති.