චීන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නද ඉම්රාන් ඛාන් ලංකාවට ආවේ

පාකිස්තානය චීනයේ ‘එක් මාවතක් – එක් තීරයක්’ (Belt Road Intiative) වැඩසටහනේ කොටස්කරුවකු බවත් ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

පාකිස්තාන අගමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (23 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘පාකිස්තානය චීනයේ එක් මාවතක් – එක් තීරයක්’ වැඩසටහනේකොටස්කරුවෙක්. එයින් අදහස් වන්නේ ඒකාබද්ධතාවයි. මෙම ඒකාබද්ධතාව මධ්‍යම ආසියාව දක්වා ගමන් කරවීමට අපට අවශ්‍යයි. අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කළා. අපගේ වෙළෙඳ සබඳතා සහ තවත් සමීපතා වර්ධනය කරගැනීම පිළිබඳව මෙන්ම ඉදිරියේදී පාකිස්තානයේ සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ වෙළෙඳ සබඳතා මගින් අප දෙරට තවත් සමීප වෙනවා.’’ යැයිද පකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...

තෙල් සංස්ථාවේ ‘දැක්කොත් බුවා – නොදැක්කොත් එබුවා’ තියරිය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නැප්තා සහ දැවිතෙල්...