Breaking News

චීන වැඩපිළිවෙල ශක්තිමත් කරන්නද ඉම්රාන් ඛාන් ලංකාවට ආවේ

පාකිස්තානය චීනයේ ‘එක් මාවතක් – එක් තීරයක්’ (Belt Road Intiative) වැඩසටහනේ කොටස්කරුවකු බවත් ඒ ඔස්සේ දෙරට අතර වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළ බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

පාකිස්තාන අගමැතිවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (23 වැනිදා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ සමග පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

‘පාකිස්තානය චීනයේ එක් මාවතක් – එක් තීරයක්’ වැඩසටහනේකොටස්කරුවෙක්. එයින් අදහස් වන්නේ ඒකාබද්ධතාවයි. මෙම ඒකාබද්ධතාව මධ්‍යම ආසියාව දක්වා ගමන් කරවීමට අපට අවශ්‍යයි. අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කළා. අපගේ වෙළෙඳ සබඳතා සහ තවත් සමීපතා වර්ධනය කරගැනීම පිළිබඳව මෙන්ම ඉදිරියේදී පාකිස්තානයේ සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා පිළිබඳව අපි සාකච්ඡා කළා. මේ වෙළෙඳ සබඳතා මගින් අප දෙරට තවත් සමීප වෙනවා.’’ යැයිද පකිස්තාන අගමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත.

leave a reply