22
Mon, Jan

පුවත්

මන්නාරම දිස්ත්‍රික් රෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟයට වහාම පියවරක් ගන්නා ලෙස උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් කීප දෙනෙකුම 9 දා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට බලපෑම් කළ අවස්ථාවෙදී අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බවයි.

මේ අවස්ථාවෙදී මන්ත්‍රීවරු සෞඛ්‍ය අමාත්‍යවරයාට බැණ වදිමින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස දැණුම් දී තිබේ.

මේ අවස්ථාවේදී පැනනැගී තිබුණු උණුසුම්කාරී තත්ත්වයට මැදිහත් වූ ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ ඉතා හදිසියෙන් වෛද්‍යවරු සපයා ගැනීම අසීරු කරුණක් බව තමන්ද පිළිගන්නා බවයි.

නමුත් මන්නාරම රෝහලට ප්‍රමාණවත් අන්දමට වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශය දැණුවත් කොට ලබා ගන්නා තුරු උතුරු පළාතේ රෝහල් වලින් එක් ගිලන් රථය බැඟින් ලබාගෙන වහාම ගිලන් රථ 15 ක සේවය මන්නාරම රෝහල වෙත ලබා දිය හැකි වැඩපිළිවෙළක් සකස් කරණ මෙන් ප්‍රධාන අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැණුම් දී තිබේ.

මන්නාරම රෝහල ඉදිරිපිට ගැබිණි මවුවරුන් පිරිසක් පසුගියදා විරෝධතාවයක නිරත වූයේ ද මෙම වෛද‍යවරුන්ගේ හිඟය නිසාවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ ගැමිණි මවුවරුන් ඉතා ඉක්මනින්ම වවුනියාව රෝහල වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබාදීමේ වැඩ පිළිවෙළක් සකස් කරණ ලෙසටද උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයාට ප්‍රධාන අමාත්‍යවරයාගෙන් උපදෙස් ලැබී තිබේ.

Add comment


Security code
Refresh