ලංකාවේ මුහුදට මිනිස් මලපහ /වැසිකිලි අපද්‍රව්‍ය දමන බට දෙකක් ඇත. ඉන් එකක් මෝදරින් මුහුදට යන අතර අනෙක වැල්ලවත්තෙන් මුදුදට යයි. කිලෝමීටර දෙකහමාරකට ආසන්න්න දුරකදී මලපහ මුහුදට එක්වේ. සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අදිකාරිය කලක සිට මේ පිලිබදව කටයුතු කලද එය කිසිත් පාලනයකින් තොරව සිදුවේ. මේවා කොළඹ නගර සභාව මගින් පාලනය වෙයි.
පසුගියදා කර්මාන්ත අපද්‍රව්‍ය බව්සර් 5ක් මුහුදට යැව්වේ මින් මාදම්පිටිය පොම්පාගාරයෙනි. ඒ මෝදර මුහුදටයි. එම සමාගම රුපියල් ලක්ෂ 26ක් වියදම් කරන්නේ අතරමැදියෙකු හරහා අපද්‍රව්‍ය ලීටර මිලියනයක් මුහුදට යැවීමටයි. මේ එම කර්මාන්තය ඒ ආකාරයට අපද්‍රව්‍ය මුහුදට යැවු ප්‍රථම වතාව නොවේ. මෙය මේ ආකාරයට අපද්‍රව්‍ය මුහුදට දමන එකම කර්මාන්තය නොවේ. ඒවා දන්නේ කොළඹ නගර සභාවයි.
එහෙත් කොළඹ නගර සභාව අතරමැදි සමාගමට ලබාදී ඇති ලියවිල්ලේ එම ස්ථානයට ගෙන ආ යුත්තේ වැසිකිලි අපද්‍රවය පමණක් බවත් ග්‍රීස් තෙල් හෝ රසායනික ද්‍රව්‍ය අඩංගු මන්ඩි (sludge) නොගෙනා යුතුබවත් සඳහන් කොට ඇත. ඒසේ නම් නගර සභාව අවසරය දිමේදී වැරැද්දක් කර නොමැති වුවත් මාදම්පිටිය මල පොම්පාගාරය පැහැදිලි වැරැද්දක් කර ඇත. එම අවසරයේ අවසාන දිනය 30.06.2020 වුවත් අපද්‍රව්‍ය මෙහි ගෙන එන්නේ 11.07.2020 දිනය. එහිදී දුෂණයක්/වංචාවක් සිදුවී ඇත යන්න මම විශ්වාස කරමි.
කෙසේ වුවද තවමත් කොළඹ නගර සභාව හා මල පොම්පාගාරයේ පාලනාධිකාරය නීතිමය වශයෙන් නඩුවකට සම්බන්ධ කොට නැත. ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මධ්‍යම පරිසර අදිකාරිය, සමුද්‍ර දුෂණ වැළැක්වීමේ අධිකාරිය කල යුතුව ඇත.
මේ මල ද්‍රව්‍ය වල ඇති කොලිෆොර්ම් ඊ කොලයි හෝ වෙනත් බැක්ටීරියා මුදු වෙරළට එන බවත් මසුන්ද, බෙල්ලන්ට, ඉස්සන්ට කකුළුවන්ට ඇතුළුවන බවත් එමගින් රෝග බෝවිය හැකි බවත් රසායනික අපද්‍රව්‍ය වල ඇති බැර ලෝහ නිසා මිනිසාට රෝග සැදිය හැකි බවත් එය ඒ ආසන්නයේ පරිසර පද්ධතිය මසුන් මෙන්ම කොරල් වලට හානි කල හැකි බවත් අලුතින් කියා දෙන්නට අවශ්‍ය නැත. දැමු කාර්මික අපද්‍රව්‍ය වල ක්‍රෝමියම් වැඩිපුර තිබෙන බව දැනට දැනගන්නට ඇත.
අතිශය ප්‍රථමික මෙම මිනිස් මල මුහුදට පොම්ප කිරීමට වඩා වැදගත් වැඩපිළිවෙක් කොළඹ නගරයට් අවශ්‍යය. කොළඹ වාසීන් ඒ සඳහා අවදි නොවන්නේ නම් ඔබට දෙවියන්ගේ පිහිටය.
හේමන්ත විතානගේ