22
Mon, Jan

දේශපාලන

ජ.වි.පෙ පළාත් සභා මන්ත‍්‍රී අශෝක රංවල සහෝදරයාට පොලීසිය සිදුකළ පහරදීම හා සිරගත කිරීම තරයේ හෙළා දකින බව මාධ්‍ය වෙත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ලහිරු වීරසේකරගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත්කර තිබේ .එම නිවේදනය පහත පළවේ .

ජ.වි.පෙ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී අශෝක රංවල සහෝදරයාට සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීමක් සිදුකර ඇත. එසේම මේ වන විටත් පොලීසියට බාධා කළේ යැයි චෝදනා කරමින් රංවල සහෝදරයා අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර ගතකර ඇත. පොලිස් අත්අඩංගුවට පත් තරුණයෙකුට පොලීසිය පහර දීමක් සිදුකර ඇති බවට ලැබුණු තොරතුරු මත ඊට විරෝධය පල කිරීමට යාමේදී සපුගස්කන්ද පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඔහුට මෙලෙස පහරදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. පොලිස් පහරදීම් හේතුවෙන් ඔහු මේ වන විට රෝහල් ගතකර ඇත.

පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන්ට පොලීසිය තුළදී පහර දීම, එම පහරදීම් හේතුවෙන් එම සැකකරුවන් මියයෑමේ සිද්ධීන් මීට ඉහත අවස්ථා ගණනාවකදීම වාර්තා විය. ඕනෑම පුද්ගලයෙකු අධිකරණයෙන් වැරදිකරුවෙකුබවට තීරණය කරන තුරු ඔහු සැකකරුවෙකු ලෙස සැලකීම සාමාන්‍ය දෙයකි. නමුත් පසුගිය කාලසීමාවේ අවස්්ථා ගණනාවකදී ප‍්‍රසිද්ධ මාධ්‍යවල පවා වාර්තා කරනු ලැබුවේ එලෙස අත්අඩංගුවට පත් පුද්ගලයින් පොලීසිය තුළදී පහර කෑමෙන් තුවාල ලැබීම, ඝාතනය වීම ආදියය. වත්මන් රනිල් - මෛත‍්‍රී හවුල් ආණ්ඩුව පිහිටුවීමේදී මූලික සටන් පාඨයක් බවට පත්වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි. එහිදී ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම පිළිබ`දව විශාල කතා බහක් නිර්මාණය වී තිබිණ. ඒ අනුව මානව හිමිකම් කොමිෂන් සභාව, පොලිස් කොමිසම වැනි කොමිෂන් සභා හරහා ජනතාවට සාධාරණය ඉෂ්ඨ කිරීමට තමන් ඇප කැප වන බව ආණ්ඩුවේ ප‍්‍රධානීන් පුන පුනා ප‍්‍රකාශ කළ කාරණයයි.

නමුත් උද්ඝෝෂණ වලට දිගින් දිගටම සිදුකළ පහරදීම්, අත්අඩංගුවට ගැනීමට යෑමේදී සිදුකරනු ලබන වෙඩි තැබීම්, තෙල් සංස්ථා සේවකයින්ට පොලීසිය බලා සිටියදීම සිදුකළ පහරදීම්, යාපනය සරසවි සිසුන් දෙදෙනෙකුට පොලීසිය විසින් වෙඩි තැබීමේ සිදුවීම, නාවික හමුදාපතිවරයා වරාය සේවකයින්ට පහරදීම, පොලිස්පතිවරයා තම කාර්යාලයේ සේවයකයෙකුට පහරදීම, පොලීසිය තුළදී දිගින් දිගටම සැකකරුවන්ට පහරදීම සහ ඒ ම`ගින් සැකකරුවන් ඝාතනය වීම ආදී සිදුවීම් ගණනාවකදී මෙකී කොමිෂන් සභා හෝ ආණ්ඩුවේ වගකිව යුත්තන් යුක්තිය ඉටු කිරීම තබා ප‍්‍රශ්නය විමසා බැලීමක් හෝ සිදුකර නැත. සිදු වූයේ එවැනි සිද්ධීන් වල වින්දිතයින්ට නීතිය ක‍්‍රියාත්මක කර චූදිතයින් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලකි. මෙම සිදුවීමේදීද සිදුව ඇත්තේ එවැනිම කාරණයකි. මෙහි බරපතලකම වන්නේ මහජන නියෝජිතයෙකුට පවා පොලීසිය ප‍්‍රතිචාර දක්වන්නේ මෙලෙස නම් සාමාන්‍ය ජනතාවට ප‍්‍රතිචාර දැක්වීම කුමන මට්ටමක තිබේද යන්නයි. අවසානයේදී එම අසාධාරණයන්ට එරෙහි වූ පුද්ගලයන්ට අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔවුන් සිරගත කිරීමටද පොලීසිය කටයුතු කිරීම ඉතා නින්දා සහගතය.

එම නිසා අප මෙම පහරදීම සහ සිරගත කිරීම දැඩි පිලිකුලෙන් යුතුව හෙළා දකින අතර ඊට අපගේ විරෝධය පල කරන්නෙමු. එසේම අප මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනුයේ මෙවැනි ක‍්‍රියා හමුවේ නිහ`ඩව නොසිට විරෝධය පල කිරීමට ඒකරාශී වන ලෙසයි.

Add comment


Security code
Refresh