ජනතාවගේ මුදල් ගැන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුව තීරණ ගන්න දින 05ක්

රජය සහ මුදල් අමාත්‍යංශය සාකච්ඡා කර මේ මස 30 වැනිදා බැංකු නිවාඩුවක් බවට පත්කරමින් දීර්ඝ නිවාඩුවක් නිර්මාණය කිරීමට හේතුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්පූර්ණයෙන් අවසන් කිරීමට අවශ්‍ය කාලය

ලබාගැනීම බවත් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනවල ජනතාවගේ තැන්පත් මුදල්වලට හෝ පොලියට කිසිඳු හානියක් නොවන්නේ යැයි සහතික වන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ (25) පැවසීය.

බැංකු නිවාඩුවක් දී තිබුණ ද සමාන්‍ය නිවාඩු දිනයකදී ක්‍රියාත්මක වන ඒ.ටී.එම්. බැංකු කටයුතු සහ අන්තර්ජාල බැංකු කටයුතු ඇතුළු සියලුම මුදල් හුවමාරු කිරීම්වලට බාධාවක් නොමැති බවත් සියලුම අත්‍යවශ්‍ය බැංකු කටයුතුවලට කිසිඳු බාධාවක් නොමැති බවත් මහ බැංකු අධිපති කීය.

මහ බැංකු අධිපතිවරයා මෙසේ පැවසුවද දින 05ක්ම බැංකු වසා තැබීමට හේතුව ජනතාව තමන්ගේ මුදල් ආපසු ගැනීම වැළක්වීම බව රහසක් නොවේ.

ඊට අමතරව මහ බැංකු අධිපතිවරයා නොපවසන තවත් දෙයක් තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී රාජ්‍ය බැංකු සහ සේවක අර්ථසාධක අරමුදලෙන් ලබාගත් ණය ද කපා දැමීමට නියමිත වීමයි. සේවක අර්ථසාධක අරමුදලෙන් පමණක් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 3.5ක් පමණ බව පැවසේ. මෙම ණය කපා දැමීම යනු එම අරමුදලෙන් ප්‍රතිලාභ ලබන පෞද්ගලික අංශයේ කම්කරුවාට ලැබිය හැකි ප්‍රතිලාභ සීමා වීමකි. සේවක අර්ථසාධක අරමුදල මෙන්ම රාජ්‍ය බැංකුවල තිබෙන්නේ රනිල් වික්‍රමසිංහලා ගෙවල්වල සිට ගෙන එන ලද මුදල් නොවේ. ජනතාව හරි හම්බකරන ලද සහ ජනතාව බදු ලෙස ගෙවන ලද මුදල් වේ.

ලොකුම විහිළුව වන්නේ ජනතාවගේ මුදල් ගැන තීන්දු තීරණ ගන්නේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ ආණ්ඩුවක් සහ පාර්ලිමේන්තුවක් වීමයි. ජනතාවට තමන්ගේ මුදල්වලට සිදුවන දේ ප්‍රතික්ෂේප කරන්නට තැනක් නැත.

විපක්ෂයේ දෙබිඩි නාටක

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ විපක්ෂයේ සිටින්නේ දෙබිඩි පිලිවෙතකයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හර්ෂ ද සිල්වා පවසන්නේ මේ පිළිබඳ දැඩි අවධානයකින් බලා සිටින බවත් එහිදී කිසි ලෙසකින්වත් ණය කපා හැරීමක් සිදු නොවිය යුතු බවයි. තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත නොකළ යුතුයැයි විපක්ෂයේ මතය වුවත් එය සිදුකළ යුතුම තත්ත්වයක් තිබෙන්නේ නම් එය රටට උපරිම සහනයක් ලැබෙන සේ කළ යුතු බවත් එවැනි අවස්ථාවක සහයෝගය ලබාදීමට ගැටලුවක් ඇති නොවන බවයි.

ජනතාවගේ පැත්තේ සිටගත යුතු විපක්ෂය ද මේ අනුව ජනතාවට පස්ස හැරවීමට සූදානම්ව සිටියි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...