26
Mon, Feb

ලෝකයේ වාමාංශික ඉතිහාසය තුළ පැය අටක වැඩමුරය හා මිනිස් නිදහස වෙනුවෙන් දිනයක් වෙන් කිරීම ආරම්භ වූයේ 19වන සියවසේ අග භාගයදීය.

ඉතින්  ලංකාවෙත්  හැම  වසරකම  ධනේශ්වර  දේශපාලන  පක්ෂත්  වමේ  පක්ෂත්  එකිනෙක  තරඟෙට  මැයි දින  සමරණව.

 

මේ වන විට ලංකාවේ තැනින් තැන මිනිස් සාමූහිකයන් ගොඩනැගෙමින් පවතිිනවා. මිනිස් නිදහස පිළිබ`දව සිහින දකින්නෙකුට මෙය සමාජය පිළිබ`ද අත්වි`දිනු ලබන අද්විතීයම අත්දැකීමක්. ඉතින්  ඒ  නිසාමයි  යුනිටි  ප්ලස්  සංවිධානය පන්නලදී තමන් විසින් ‘ජීවිතය පිළිබ`ද කතාව’ තේමාව පදනම් කරගනිමින් මැයි දවසක්  ගත  කරන්න  හිතුවේ.

මේ මොහොතේ ධනවාදී සමාජ ආකෘතිය විසින් මිනිසුන්ගේ සබදතා තවදුරටත් පිරිහෙළමින් පවතින තත්වයකදී ඔබ අප හමුවන්නේ. මෙහිදී අපිට අවශ්‍යයි අදුරු යුගයකදී කොහොමද මිනිස්සු එකිනෙකාගේ අත් අල්ලන් ඉන්නේ කියලා කතා කරගන්න. මේක ලංකාව තුළ පමණක් නොවන මිනිස් සංහතියේ පොදු නියාම ධර්මයක් ලෙස ගොඩනැගීමට අවශ්‍යවන්නක්.

 

මේ පිළිබදව ඔවුන් සූදානම් වෙන්නේ ‘ජීවිතය හා නිදහස’ තේමාව කර ගනිමින් සංවාදයක් ගොඩනැගීමට. මෙහිදී මූලික අදහස් දැක්වීමට අරුණ බණ්ඩාර අශෝක ගුණතිළක, ප‍්‍රසන්න අබේවික‍්‍රම, ලියනගේ අමරකීර්ති, විදර්ශන කන්නන්ගර, කෞෂල්‍ය කුමාරසිංහ, ලියනගේ අමරකීර්ති, චූලානන්ද සමරනායක, උදය රණසිංහ සහභාගි වෙනවා.

මේ සංවාදය පෝෂණය කිරීමට වගේම මෙම තේමාව කලාත්මක පරිකල්පනයන් විසින් නංවා සිටි ආකාරයන් දැක්වෙන මැයි දින කලාගාරය එදින සුදානම්  කියල තමයි  ඔවුන්  කියන්නේ.

කලාත්මක ශ‍්‍රමයේ ඵලයන් අපගේ සාමූහිකත්වය වර්ධනය කරන්න දායක වෙන්නේ ඒ විදියට. ඡුායාරූප, සිතුවම් වගේම ස්ථාපන කලා ඒ තුළ ගැබ් වෙනවා. ඒ වගේම එම පරිශ‍්‍රයදී සජීවී සිතුවම් නිර්මාණයන්ටත් ඉඩ සළසා තිබෙනවා. බන්දු මනම්පේරි, ප‍්‍රදීප් චන්ද්‍රසිරි, අජිත් සෙනෙවිරත්න, විරාජ් ලියනාරච්චි, ඩොමිනික් චන්ද්‍රසාලි, රෝහණ කස්තුරිආරච්චි, බන්දුල ආරියරත්න, අජිත් බණ්ඩාර සාමූහිකත්වය වෙනුවෙන් කලාත්මක ශ‍්‍රමය ලබාදෙනවා.

මීට අමතරව ‘කියනු මැන දිවි අරුත’ තේමාව පදනම් කරගත් කාව්‍යාත්මක හෝරාවක් නම් කර තිබෙනවා. ඒ ස`දහා තිඹිරියාගම බණ්ඩාර, රෝහණ පොතුලියද්ද, මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල, ළහිරු කරුණාරත්න, ඉන්දික ගුණර්ධන, අනුරසිරි හෙට්ටිගේ, සුදර්ශන සමරවීර, ළහිරු කිතලගම, ජගත් සී. ජයසිංහ සහාගිවනවා.

.”ජීවිතය නිදහස තුළින් දකින්න එන්න”

නිදහස හොයන මිනිස්සුන් එකිනෙකාගේ අත් අල්ලන් හිරු නැගෙන තෙක් දරා ඉන්නේ කොහොමද කියලා එදාට සාකච්ඡුා කරන්න ආශ‍්‍රය කරන්න යුනිටි  ප්ලස්  ඔබට ආරාධනා  කරනවා.

 

විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරවල පැතිර යන ආසාධිත තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

ඇමරිකාවේ ජනපතිවරණ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සටනින් ඉදිරියෙන් සිටින හිලරි ක්ලින්ටන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් යන අපේක්ෂකයෝ ප්‍රධාන ප්‍රාන්ත 5ක ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටිති.

දේශපාලනයෙ තිරය පුටුපස ප්‍රබල චරිතයකට පණ පොවන අපේ ජාතික පෙරමුණේ නායක සේනක ද සිල්වා මාහතා සමග මේ කතා බහ ඉක්ම යන මේ මොහොතේ රටේ දේශපාලනය පිලිබදවය.

ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට ස්වීඩන් රජයේ උපරිම සහය ලබාදෙන බව ස්වීඩන් විදේශ කටයුතු අමාත්‍ය මාග්‍රට් වෝල්ස්ටෝම් මහත්මිය පවසයි.

බුද්ධ ධර්මය චීනයේ ප්‍රචාරය කිරීම සඳහා භික්ෂුවකගේ ස්වරූපයේ රොබෝ යන්ත්‍රයක් හඳුන්වාදීමට චීනය කටයුතු කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කියයි.

බෙයිජින් නුවර ලෝන්ක්වාන් පන්සලේ රොබෝ භික්ෂුව සදහම් සේවයට යොදවා ඇත.
බොදුනුවන්ගේ ආකර්ශනය ලබාගෙන ඔවුන්ට හරවත් ධර්මය සිත්ගන්නාසුලු ආකාරයෙන් බෙදාදීමට මෙම නිර්මාණය සිදුකළ බව චීන තාක්ෂණ විද්‍යා සංගමය පවසයි.

කෘතිම බුද්ධිය පිළිබඳ ප්‍රවීණයෝ මෙම නිර්මාණයට දායක වී සිටිති. විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රොබෝ භික්ෂුව ධර්මානුශාසනා සිදු කරයි. පිරිත් සජ්ඤායනය කිරීමටද හැකියාව ඇති රොබෝ භික්ෂුවට සංවාද කිරීමේ හැකියාවද ඇති බව කියති.

සෙන්ටිමීටර් 60 ක් එනම් අඩි 2ක් පමණ උසකින් නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රයේ ටච් ස්ක්‍රීන් එකක්ද සවි කර ඇත. කහ පැහැ සිවුරක් දරා හිස මුඩු කර ඇති ආකාරයට රොබෝව නිමවා ඇත.

සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මඟින් අද 26 කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් දැනට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පරිපාලනය සම්බන්ධයෙන් සිදුවන දේශපාලන මැදිහත්වීම් පිළිබඳව සහ ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ මතුවී ඇති අර්බුදය සම්බන්දයෙන් දැණුවත් කිරීමක් සිදු කළා. මේ අවස්ථාව සඳහා සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක, එහි උප ලේකම් වෛද්‍ය ජයන්ත රාජපක්ෂ සහ එම සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ධම්මික පතිරණ සම්බන්ද වුණා.

ශ්‍රි ලංකන් ගුවන් සමාගම ලාභ ලබන සමාගමක් ලෙස ඉදිරියට ගෙන යාම සඳහා හවුල්කාරී සමාගමක් සමග සහයෝගයෙන් කටයුතු කරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.