Breaking News

වන්දි කතාව එළියට ගෙනත් ලසන්තගේ කතාව යට ගැසුවා ආණ්ඩුව

සමන්සිරි හේරත්

දින පහකින් සමාජ උණුසුමෙන් ඉවත් කළ බරපතල කරුණක් පිළිබඳව අපි යළි මතක් කරන්න සූදානම් . සමාජ අවධානයෙන් ඉවත් කළ මේ බරපතළ කාරණය මොකක්ද සන්ඩේ ලීඩ් පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයේ ප්‍රධාන චූදිතයන් සොයා යෑමේ අරමුණට වැදගත් වන සාක්ෂි සඟවන්න උත්සාහ දරුවා යැයි චෝදනා ලැබ සිටින පුද්ගලයන් තිදෙනෙක්ව නීතිපතිවරයා විසින් නිදහස් කරන්නට ගත්තු තීරණය .

ලසන්තගේ නඩුවට අදාළව තවදුරටත් නීතිය මඟින් ක්‍රියාත්මක වීමට බලාපොරොත්තු නොවනවා යැයි ප්‍රකාශ කරමින් නිදහස් කරන්නට යෝජනා කරන්නේ කාවද මේ තිදෙනාම ආරක්ෂක අංශවලට සම්බන්ධව රාජකාරි කරපු අය . එක්කෙනෙක් යුද හමුදා බුද්ධි අංශයේ සෙබළෙක් අනිත් දෙදෙනා හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් . 2022 ජනවාරි 27 වෙනිදා තමයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තම අත්සනෙන් යුතු ලිපිය යොමු කරන්නේ පහත සඳහන් තිදෙනාව නිදහස් කරන්න කියා .

මේ ඒ ආරක්ෂක අංශ නිලධාරීන් තිදෙනාය

ප්‍රේම් ආනන්ද උදලාගම
හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල
විතාරණ ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර ය

මේ නිදහස් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වෙන්න පටන් ගන්නේ පසුගිය කැබිනට් මණ්ඩල තීන්දු තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවෙන් පසුව . එදින මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් යොමු කරන පැනයට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා ලබා දෙන පිළිතුර ආවට ගියාට ලබාදෙන පිළිතුරකි . ලසන්තගේ ඝාතන නඩුවේ සැකකාරයෙන් නිදහස් කරන්න යනවා කියන එක ඒ මොහොත වන විටත් ආණ්ඩුවට බරපතළ ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ . කවුරු මොනවා කිව්වත් කවුරු මොනවා කළත් තමන්ට හදිසියක් නැති බව ඒ මොහොතේ ප්‍රකාශකවරයා පවසන්නේ මේ පදනම මත ඉඳගෙන කියලා තමයි අපට හිතෙන්නේ . මේ ප්‍රකාශයෙන් පසුව මාධ්‍ය සමාජය මේ ගැන දැඩි අවධානයක් යොමු කරලා ආණ්ඩුවට එරෙහිව දැඩ විවේචනයක් යොමු කරන අතර උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකටද අවතීර්ණ වෙන්න ක්‍රියාමාර්ග ගත්තා .


පෙබරවාරි 6 කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව අසළ නිහඬ විරෝධතාවයක් පැවැත් වූ අතර තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ම නීතිපතිවරයාට සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාරදුන්නා. නීතිපතිවරයා වෙනුවෙන් බර ගත්තේ කනිෂ්ක රාජකරුණා විසිනුයි .

එම ලිපිය භාරදෙන අවස්ථාවේදී මේ සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී ලිපිය බාරගත් නීතිඥවරයා කළ මේ ප්‍රකාශය දැඩි විවේචනයට ලක්වුණා. “අපි වින්දිතයන්ට හෝ පුරවැසියන්ට උත්තර දෙන්න බැඳිලා නෑ ; ඕන නම් උසාවි යන්න” යනුවෙන් එම ස්ථානයට පැමිණ සිටි ලසන්ත වික්‍රමතුංගගේ සහෝදරයා වන ලාල් වික්‍රමතුංගට සහ ජනමාධ්‍යවේදීන් වෙත පවසා තිබුණා.

මෙදිනම ජනාධිපතිවරයා විසින් ද නීතිපතිවරයා ඇතුළු කණ්ඩායම කැඳවා මේ සම්බන්ධයෙන් කරුණු විමසා තිබුණා . මෙම සාකච්ඡාවෙන් පසුව පිටව යන අධිකරණ ඇමතිවරයාගෙන් සාකච්ඡා කළ කරුණු පිළිබඳව විමසන විට ඔහු ප්‍රකාශ කර සිටියේ මාධ්‍යට කියන්න තරම් දෙයක් එහිදී සාකච්ඡා නොවුණු බවයි . ආණ්ඩුවේ මේ හැසිරීම ජනමාධ්‍ය සමාජය තුළ විවේචනයට ලක්වන විට සමාජය තුළ මේ සිදුවීම වැඩි වැඩියෙන් ප්‍රශ්න කරන්නට පෙළඹෙන විට ආණ්ඩුවට මේ සඳහා මුහුණ දීමේ අපහසුතාවයක් පැන නැගී තිබුණු බව අප දුටුවා .

මේ සිදුවීම මෙසේ සිදුවන අතරතුර ලසන්ත වික්‍රමතුංගගේ දියණිය ද අගමැතිනිය වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී සිටියේ තම පියාගේ මරණය සම්බන්ධයෙන් කරන පරීක්‍ෂණ වලදී මේ සාක්ෂිකරුවන් ඉතාම වැදගත් වන බවත් නීතිපතිවරයා කර තිබෙන ක්‍රියාව හේතුවෙන් තම විශ්වාසයන් බිඳවැටී ඇති බවත් පාර්ලිමේන්තුවට විශ්වාස බංගයක් ගෙන ඇවිත් ඔහුව ඉවත් කරන්නට කටයුතු කරන්නට කියා රජයෙන් ඉල්ලීමක් කරන බවයි ..


ඉතින් මේ සියලු වටපිටාවන් තුළින් නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය හරහා අපහසුතාවයට පත්වෙමින් සිටියේ ආණ්ඩුව . ලසන්තගේ මරණයට සාධාරණය ඉෂ්ට කිරීමේ ආණ්ඩුවේ උත්සාහය බෙලහීන වී ඇති බවට සමාජය තුළ ගොඩනැගෙන කතාබහ වෙනස් කරන්නට අලුත් කතාවක් සමාජයට ගෙනත් දෙන්න ආණ්ඩුව උපක්‍රමශීලීව උත්සාහ කළාද කියලා අපි පොඩි සැකයක් මතු වෙනවා .

අරගල සමයේ හානි වූ දේපළවලට හිටපු මැති ඇමතිවරු ලබාගෙන තිබුණු වන්දි මුදල් පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම

වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ලසන්ත වික්‍රමතුංගගේ නඩුව සම්බන්ධයෙන් තිබුණු සමාජ උනන්දුව වෙනස් වෙලා කතාබහට ලක් වෙන්නට පටන් ගත්තෙ වැඩිම වන්දි මුදල් ලබාගත් මැති ඇමැතිවරුන් ගැනයි .

පෙබරවාරි 7 වන දා වන විට ලසන්ත වික්‍රමතුංගගේ නඩු කටයුතු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය කතා කරනවා වෙනුවට සහ ඒ පිළිබඳව ආණ්ඩුව ප්‍රශ්න කරනවා වෙනුවට දැන් සිදුවෙමින් තිබෙන්නේ වැඩිපුර වන්ද ගත්තේ කවුද කියන එක පිළිබඳව සොයා බැලීම පමණයි . මේ අනුව ගත් කල අපට මතු වෙන්නේ ලසන්තගේ ඝාතනයට අදාළ න කටයුතු ආණ්ඩුව හිමින් සීරුවේ ඉදිරියට ගෙන ගියත් මේ මොහොතේදී ඒ හා මතුව එන සමාජ විරෝධය සමනය කිරීම සඳහා මේ වන්දි කතාව එලියට අරගෙන ඇවිත් ආණ්ඩුව ඒ ප්‍රශ්නයෙන් තාවකාලිකව මගහැර ගිය බව ක්

leave a reply