G20 රාජ්‍ය නායක සමුළුවක් නෙවෙයි, කාදිනල් කියන ආකාරයට කාව හරි අන්දන්න ගිය ගමනක් ද?

Date:

අද(10) ආරම්භ කළ අගමැති මහින්ද රාජපක්ෂගේ ඉතාලි සංචාරය මෙරට ඉහළ මට්ටමේ නායකයකු සහභාගිවීම අවශ්‍ය නොවන, ඇමතිවරු සහ නිලධාරින් සඳහාවන සමුළුවක් බව වාර්තා වීමත් සමග අගමැතිවරයාගේ සංචාරය නිසා අගමැතිධුරයේ ගෞරවය හෑල්ලු කෙරුණු බවට රාජ්‍යතාන්ත්‍රික අංශවල කතාබහක් ඇතිව තිබේ.

අගමැති මහින්ද රාජපක්ෂ, සිය බිරිය සහ විදේශ ඇමති කැඳවාගෙන ඉතාලියේ බොලොඤ්ඥා බලා පිටත්ව ගොස් ඇත්තේ සැප්තැම්බර් 12-14 දිනවල පැවැත්වෙන G20රටවල අන්තර් සාමයික සමුළුවට සහභාගිවීමටය. මෙම සමුළුව විවිධ රටවල ආගමික නායකයන් හා රාජ්‍ය නිලධාරින් එක්වන අවස්ථාවක් වුවද රටක අගමැතිවරයකු ඊට සහභාගි විය යුතුද යන්න ගැටලු සහගතය.

විශේෂයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් පියතුමන් විසින් පවසා ඇත්තේ ඉතාලියේ වතිකානුවේ පාප් වහන්සේ හමුවීමට අගමැතිවරයා ඉතාලියට පිටත්ව යන බවකි. ආණ්ඩුවේ විදේශ අමාත්‍යංශය ඒ අදහස් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේවෙතත්, සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික පිරිවිතරයන් නොතකා මෙරට අගමැති ධුරයේ ගෞරවයද හෑල්ලු කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මෙම සමුළුවට තකහනියක් සහභාගි වීමට තීරණය කර ඇත.

මෙසේ රාජ්‍යනායක මට්ටමේ සහභාගිත්වයක් අපේකෂා නොකරන සමුලුවක් වෙත අගමැතිවරයා පිටත්ව ගියද ඉතාලි රජ්‍යතාන්ත්‍රික පිළිගැනීමක් පවා ඔහුට හිමි වී නැති බව වාර්තා විය. ලංකාවේ අගමැතිවරයා පිළිගැනීමට පැමිණියේ ඉතාලි නිලදාරින් හා තානාපති කාර්යාල නියෝජිතයන් පමණක්වීම මෙහිදී අවධානයට ලක් වේ. මෙම සමුළුවේදී ආරම්භක අවස්ථාවේ ‘ප්‍රධාන දේශනයක්’ ගැන අගමැතිවරයා සඳහන් කරන නමුත් එවැන්නක් අදාළ සමුළු න්‍යායපත්‍රයේ සටහන්ව නැත. මෙම සමුළුවේ අපේක්ෂා කෙරෙන්නේ ‘ඇමති මට්ටමේ සහභාගිත්වයක්’ පමණක් බවද එම න්‍යාය පත්‍රය සාක්ෂ්‍ය දරයි. නමුත්, අගමැතිවරයා සිය ෆේස්බුක් ගිනුමෙන් ඉතාලියට ළඟවීම සටහන් කර තිබුණද ගුවන්තොටුපළේ පිළිගැනීම සම්බන්ධ කිසිදු සටහනක් නොතබා ‘සමුළුවට සහභාගි වීමට අමතර වශයෙන්’ හමුවන්නට බලාපොරොත්තුවන රාජ්‍යතාන්ත්‍රිකයන් ගැන සඳහන් කර ඇත.
පහත ඇත්තේ අගමැතිගේ ෆේස්බුක් සටහනයි.

“G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය මා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසට අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළ වෙත ළඟා වීමට හැකි විය.

G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව (G20 Interfaith Forum Italy) අනිද්දා (12) බොලොඤ්ඤා නුවර දී ආරම්භ වීමට නියමිත ය. එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව ඒ සඳහා සූදානමින් සිටිමි.

මෙවර එම සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය” යන්නයි.
මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට ද සැලසුම් කර ඇත.
ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයන්ගෙන් කිහිප දෙනෙකි.”

 සමුළු න්‍යාය පත්‍රයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...