Breaking News

අලුතින් පිහිටවූ නාමල්ගේ අමාත්‍යංශයට ආයතන 64 ක්!

නාමල් රාජපක්ෂ පසුගියදා දිවුරුම් දුන් සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍යංශය යටතට රාජ්‍ය ආයතන 64 ක අධීක්ෂණ කටයුතු පවරා තිබේ.

නව ගැසට් නිවේදනයට අනුව, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සෞභාග්‍යයේ දැක්ම ජාතික සංවර්ධන වැඩසටහන් තුළ නව අවස්ථා නිර්මාණය කරමින්, සක්‍රීය හා සජිවි යාන්ත්‍රණයක් හරහා ජනතා කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයක් ඇති කිරිමට ජනපති නියෝග හා මගපෙන්වීම් මත සියලු සංවර්ධන කටයුතු සම්බන්ධිකරණය හා ව්‍යාපෘති අධික්ෂණය කළ යුතුයි.

මීට අමතරව, ගම සමග පිළිසදර වැඩසටහනේදී ජනතාව ඉදිරිපත් කරනු ලබන ප්‍රශ්න හා ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දෙන උපදෙස් හා නියෝග කඩිනමින් ක්‍රියාත්මක කිරිම සඳහා දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් සහ අනෙකුත් ආයතන ප්‍රධානීන් ඇතුළුව ප්‍රාදේශිය මට්ටමේ සියලු නිලධාරීන් මෙහෙයවීම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යාංශය මගින් සිදුකළ යුතුයි.

ඒ අනුව,
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව
*ජනාධිපති කාර්ය සාධක බලකා ගණනාවක්
භාණ්ඩාගාරය
විදෙස් සම්පත් දෙපාර්තමේන්තුව
ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු කිහිපයක්
දේශීය ආදායම්
ශ්‍රී ලංකා රේගුව
සුරාබදු
ජාතික ලොතරැයි සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
සියලුම රාජ්‍ය බැංකු
මූල්‍ය රක්ෂණ හා ආශ්‍රිත ආයතන ඇතුළු දෙපාර්තමේන්තු කොමිෂන් සභා සහ කාර්යාංශ කිහිපයක්
ජාතික රක්ෂණ භාර අරමුදල
සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල ඇතුළු අරමුදල් ගණනාවක්
විදුලි සංදේශ දෙපාර්තමේන්තුව
වනජීවී භාරය ඇතුළු ආයතන හා සංස්ථා කීපයක්
රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව ඇතුළු ආයතන 64 ක් අධීක්ෂණය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂට පවරා තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply