මේ දිනවල යුරෝපා සංචාරයක නියැලී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් 36වන ඉල්මහ විරු සමරුව ඉතාලියේදී පවත්වනු ලැබුවා.පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටුව විසින් බ්‍රේෂියා නගරයේ සංවිධානය කර තිබුණු ඉල්මහ විරු සමරුවේ ප්‍රධාන දේශනය කරනු ලැබුවේ කුමාර් ගුණරත්නම් විසිනි.
එහිදී අදහස් දක්වමින් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කර සිටියේ
හැත්තෑ හය වසරක් ධනේෂ්වර දේශපාලන පක්ෂ විසින් රට පාලනය කල 76 වසරක ශාපය යන දේශපාලන සටන් පාඨය පෙරටු කරගත් මැතිවරණයකින් බලයට පැමිණි වත්මන් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව, බලයට පැමිණි පසු 76 වසරක ශාපයේ චූදිතයන් නිදොස් කොට නිදහස් කර අති බව පෙරටුගාමී සමජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.
ඉකුත්දා ඉතාලියේ පැවති 36 වන ඉල්මහ විරු සමරුවට අමතමින් ඔහු ප්‍රකාශ කර සිටියේ ජනතා විමුක්ති පෙරමුනේ එදා සහෝදරයන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් මතමතවාදයන් වූ ධනවාදයට එරෙහි නිර්දන පන්තියේ බලයක් ගොඩනැගීමේ අරගලය සමගින් සමාජයේ තහවුරු වී, අවසානයෙ උපක්‍රමශීලීව ආන්ඩු බලය දිනාගත් ජවිපෙ ප්‍රමුක NPP ආන්ඩුව, ඔවුන් අතීතයේ විවේචනය කල මතමතවාදය කනපිට හරවමින් තම විවිවේචකයාගෙ ලිබරල් ධනවාදී ආර්තික ක්‍රමය ඔවුන්ටත් වඩා හොදින් ක්‍රියාත්මක කිරීම තුලින් ජවිපෙ එදා කියූ 76 වසරක සාපයේ චූදිතයන් නිදොස් කොට නිදහස් කර අති බව පැවසීය .

තවදුරටත් කතා කල ඒ මහතා, පසුගියදා පවති ජවිපෙ ඉල්මහ විරු සමරුව අමතූ ජනාධිපති අනුර කුමාර කාලෙකට පසුව පෙරටුගාමීන් සමාජවාදී පක්ශය ගැන සදහන් කලා. ඔහු ප්‍රකාශ කළේ අපි ශුද්ධ වූ සමාජවාදක් හදන්න ගිහින් මන්මුලා වෙලා අති බවයි . ඔහු කියන්නෙ ජවිපෙ නම් ගොඩ ගොස් අති බවයි. ඒත් ඔවුන් ගොඩ ගොස් අත්තෙ කොයි දිසාවටද ?. අද UNP සහ සජබ කදවුර කියන්නේ මොකක්ද ?. ඔවුන් කියන්නෙ ‘ මගේම කලිසම අගේට අදගෙන උගේ වගේ යනවා කියලයි . පාර්ලිමේන්තු විපක්ෂයට ඇති එකම විවේචනය තමන් කරන්නට ගිය නව ලිබරල් වැඩපිළිවෙළ ඔවුන්ට වඩා හොඳට වර්තමාන ආණ්ඩුව කරගෙන යෑම තුළින් ඇතිවන ලැජ්ජාව පිළිබඳ වයි.















