ගෝල්ෆේස් නඩු වලට අලුතින් නම් එකතු කරලා 

2022 ඔක්තොම්බර් 09 ගාලු මුවදොර පිටියේදී අරගලයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහා පැවැත්වූ සාමකාමී විරෝධයක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අලුතින් සැකකරුවන් ඇතුළත් කර තිබේ. ඒ අනුව වසර දෙකක් තිස්සේ පැවති 23343/ 22 යනඅංකය දරන නඩුවකට , ජෝස්ප් ස්ටාලින්, පියත් නිකේෂල, නූර් මොරින්, ජීවන්ත පීරිස් පියතුමා සහ ළහිරු වීරසේකර යන අය අලුතින් සැකකරුවන් ලෙස නම් කර ඇත.

එම නඩුවට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ (05) දිනයේ කොටුව පොලීසිය ජෝස්ප් ස්ටාලින්, පියත් නිකේෂල, නූර් මොරින් යන අයට සිතාසි නිකුත් කර තිබී ඇත.

එම පිරිස අද නඩු විභාගයෙන් පසු රිමාන්ඩ් භාරයට ගත් අතර පැය තුනකින් පමණ පසුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

මෙලෙස වසර දෙකක් පැරණි නඩුවකට අලුතින් විත්තිකරුවන් ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ, 2022 වසරේ ගාලු මුවදොර මහජන අරගලයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ පවතින නඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවට නව රජය විසින් ප්‍රකාශ කර ඇති පසුබිමක වීමද විශේෂත්වයක්.

2022 ඔක්තොම්බර් 09 ගාලු මුවදොර පිටියේදී අරගලයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහා සාමකාමී විරෝධයක් පැවැත්වුණි.

එම විරෝධය අතරතුර පොලීසිය කුඩා දරුවන්ට හිංසා වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වි තිබුණි.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *