ගෝල්ෆේස් නඩු වලට අලුතින් නම් එකතු කරලා 

2022 ඔක්තොම්බර් 09 ගාලු මුවදොර පිටියේදී අරගලයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහා පැවැත්වූ සාමකාමී විරෝධයක් සම්බන්ධයෙන් පැවති නඩුවකට අලුතින් සැකකරුවන් ඇතුළත් කර තිබේ. ඒ අනුව වසර දෙකක් තිස්සේ පැවති 23343/ 22 යනඅංකය දරන නඩුවකට , ජෝස්ප් ස්ටාලින්, පියත් නිකේෂල, නූර් මොරින්, ජීවන්ත පීරිස් පියතුමා සහ ළහිරු වීරසේකර යන අය අලුතින් සැකකරුවන් ලෙස නම් කර ඇත.

එම නඩුවට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ (05) දිනයේ කොටුව පොලීසිය ජෝස්ප් ස්ටාලින්, පියත් නිකේෂල, නූර් මොරින් යන අයට සිතාසි නිකුත් කර තිබී ඇත.

එම පිරිස අද නඩු විභාගයෙන් පසු රිමාන්ඩ් භාරයට ගත් අතර පැය තුනකින් පමණ පසුව ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

මෙලෙස වසර දෙකක් පැරණි නඩුවකට අලුතින් විත්තිකරුවන් ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන ඇත්තේ, 2022 වසරේ ගාලු මුවදොර මහජන අරගලයට සම්බන්ධ වූ පුද්ගලයින්ට එරෙහිව අධිකරණයේ පවතින නඩු ඉවත් කිරීමට පියවර ගන්නා බවට නව රජය විසින් ප්‍රකාශ කර ඇති පසුබිමක වීමද විශේෂත්වයක්.

2022 ඔක්තොම්බර් 09 ගාලු මුවදොර පිටියේදී අරගලයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහා සාමකාමී විරෝධයක් පැවැත්වුණි.

එම විරෝධය අතරතුර පොලීසිය කුඩා දරුවන්ට හිංසා වන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වි තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...