PTA වෙනුවට ගෙනෙන ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ගැන අවසන් කමිටු වාර්තාව අධිකරණ ඇමතිට !

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කර ඒ වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් වෙනුවෙන් වන නිර්දේශ ඇතුළත් කමිටු වාර්තාව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත එම කමිටුවේ සභාපති ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න විසින් භාරදී තිබේ.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත පනවනු ලැබීමෙන් පසු 2022 අංක 12 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) සංශෝධන පනත වශයෙන් එම නීතියට ද සංශෝධන හඳුන්වා දෙනු ලැබිණි.

කෙසේ නමුත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සිය ප්‍රතිපත්තිය යැයි සඳහන් කරමින් බලයට පැමිණි ජාතික ජන බලවේග ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (Anti-Terrorism Act – ATA) 2025 මාර්තු මාසයේ දී ඉදිරිපත් ක‍ළ අතර, මෙම පනත මූලික වශයෙන් ම ගෙන එනු ලැබුවේ, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත වෙනුවටයි.

ඒ අනුව මෙම පනත බලාත්මක වූ පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි වී යන බව සඳහන් කරනු ලැබ තිබේ.

කෙසේ නමුත් එයට එල්ල වූ විවේචන හමුවේ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී අභියෝගයට ලක් වූ හෙයින් නැවත එය සම්මත නොකර සංශෝධන සඳහා යොමු කරනු ලැබ ඇත.

ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත සඳහා තවදුරටත් සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන එම සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පතක් සකස් කළ බව පවසා සිටි රජය, එම අවසන් කෙටුම්පත පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කර එකී පනත් කෙටුම්පත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්නගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් දහඅට දෙනෙකුගෙන් යුතු පත්කරනු ලැබුවේ ඉන් අනතරුවයි.

මෙසේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සභාපතිවරයා විසින් භාර දී ඇත්තේ එම කමිටු වාර්තාවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...